අමරවීර සන්ධාන මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

May 15, 2018 at 10:40 am | lanka C news
අමරවීර සන්ධාන මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉවත්වීමට යන බව අනාවරණය වේ.

බොහෝ දුරට ලබන 17 වැනි දින රැස්වීමට නියමිත ශ්‍රී ල.නි.ප. මධ්‍යම කාරක සභාවේදී ඔහුගේ එම තීරණය දැනුම්දීමට නියමිත බවද දැනගන්නට ඇත.

මේ පිළිබඳව මහ ලේකම්වරයාගෙන් කළ විමසීමේදී කියා සිටියේ “තමා ඕනෑ වේලාවක සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවයි” මේ පිළිබඳව තමා අවස්ථා කිහිපයකදීම පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුම්වත් කර තිබෙන බවද හෙතෙම පැවැසීය.

එසේම සන්ධානයේ මහ ලේකම් ධුරයට පත්කළ යුතු වන්නේ ශ්‍රී ල.නි.පක්ෂයට ආදරය කරන පක්ෂය හැර නොයන, එ.ජා.පක්ෂයේ හෝ පොහොට්ටුවේ සාමාජිකයකු නොවන අයකු බවත් එහිදී තමන් දැඩිව අවධාරණය කළ බව පැවැසූ මහ ලේකම්වරයා, කෙසේ නමුත් පක්ෂයේ නායකයා ගනු ලබන ඕනෑම තීරණයකට තමාගේ සහාය ලබාදෙන බවත් කිසිදු විටෙක ශ්‍රී ල.නි.පක්ෂය හැර නොයන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

වාර්තාවන අන්දමට සන්ධාන මහ ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් වීමට කැමැත්ත පළකරමින් ඒ සම්බන්ධව පක්ෂ නායකත්වය දැනුවත් කළ අවස්ථාවන්හිදී “සන්ධාන මහ ලේකම් ධුරය පිළිබඳව ඔබතුමාට කිසිවකුගෙන් චෝදනාවක් නැඟී නැහැ. එම නිසා මෙවැනි තීරණයක් ගැනීමෙන් වැළැකී සිටින්නැයි” ජනාධිපතිවරයා සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.

– mawbima

44,626 Viewers

13 Comments to “අමරවීර සන්ධාන මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..”

  1. hambanthota says:

    u r the great man…we r with u…

  2. JANA says:

    Ane, Kelamo, Umba MAKA BAY WEYAN.

  3. Attanagalle banda says:

    SLFP saha UPFA dekenma dan athi vadak neha .ova dan potta kasi pamayi !!! apinam inne “pohottuwe”

  4. රටට හිතැති says:

    අශ්වය පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් තියනවද බූරුවෝ!

    • chris says:

      ඇයි නැත්තේ ,ඉස්තාලෙ වහන්න උනෙ බුරුවො ,බුරුවො ටිකක් එක්ක ආයි ඇතුලට ආවොත්,මුන්ට අශ්වයා කියන බුරුවො කව්ද ?

  5. සමන් says:

    අනේ මහා කේලාම්තුමා අස්වෙලා කොහොමද කවුද ඔය රාජකාරිය ඔබතුමාට වඩා හොදට කරන්න ඉන්නේ

  6. john the baptice says:

    මෙයාට ගමට යන්න බැහැ කොසුපාර නියමට ලැබේවි

  7. Alfred says:

    ඔයාල අස්වෙන්ඩ. පත්වෙන්ඩ. විස්වාස බන්ග ගේන්ඩ. ඕන තරම් පෑති මාරු කරන්ඩ. ඔය කාලකන්නි වෑඩ අපට එකක්වත් අදාල නෑහෑ. පොරොන්දු ඔව්ව නෙමෙයි. ගෑස් වෑඩි කලා. තෙල් වෑඩි කලා. අල , ලුනු , පරිප්පු වෑඩි කලා. ජනතාව දුක් විදිනව. ඒ මදිවට බදු බර. රෑස්වීම් වලට එන ඔලුගෙඩි ගෑනල සතුටු වෙන්ඩ එපා. ප්‍රතිපල දරුනු වෙයි. මහ ජනතාව අවදියෙන්.

  8. peedithaya says:

    ugathkamak nethi harakunge palanaya nisa dollaraya165 janathawa asaranyi, merenawa
    haal 100 pol 100 onion 120n arthapal 190 etc umbala siyallama nikan aragena surasepaata innawa rata sawari kelawarak nethaa. hatarawaram deyiyo balaganei mun 225 newka dama mudata damaw

  9. මේකත් සිරිසේනගේ විද්‍යාත්මක කැබිනට්ටුව වගේ says:

    මේකත් සිරිසේනගේ විද්‍යාත්මක කැබිනට්ටුව වගේ වේවි. අතේම කුට්ටම අනාවී.අන්තිමට ඇතත් නෑ වැල්ලත් නෑ පොල්ලත් නෑ. අහෝ ශ්‍රී ලංකා.

  10. Kadiya says:

    අනේ පව් මන්දබුධික බව රටටම පෙනෙන ස්වරූපයේ පින්තුරයකුත් සමඟ.

Leave a Comment

Main News