අම්පාර මහ රෝහලේ කෝටි 50ක සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට..

April 15, 2017 at 2:05 am | lanka C news
අම්පාර මහ රෝහලේ කෝටි 50ක සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට..

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත අම්පාර මහ රෝහලේ සිදුකරන ලද සංවර්ධන ව්‍යාපෘති රැසක් අද හා හෙට යන දෙදින (15-16) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරිමට කටයුතු යොදා ඇත.

එහිදී තෙමහල් හෙද නිල නේවාසිකාගාරය විවෘත කිරිම, හෘද රෝග ඒකකය විවෘත කිරීම, දන්ත ශල්‍ය ඒකකය විවෘත කිරිම, ගෙවන වාට්ටුව විවෘත කිරීම, සූතිකාගාරය හා ශල්‍යාගාරය විවෘත කිරීම, නව ජනනි දැඩිසත්කාර ඒකක විවෘත කිරීම සිදු කරනු ලබයි.

අම්පාර මහ රෝහල ඊ-හෙල්ත් සේවාවට ඇතුලත් කිරීම ද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදුවන අතර, අම්පාර දිස්ත්‍රීක්කයේ සුව විශිෂ්ඨයින්ට සම්මාන පිරිනැමිමෙි උළෙලක් ද පැවැත්වෙයි.

අම්පාර මහ රෝහලේ මෙම සංවර්ධන ව්‍යාපෘති සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 500 ඉක්මවන බව එහි අධ්‍යක්ෂ ලංකා ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

790 Viewers
Main News