අම්බලන්තොට තරුණිය පැහැරගෙන ගොස් නෑ.. පේ‍්‍රම යුද්දයක්.. තරුණියගේ සැලසුම පෙම්වතා ක‍්‍රියාත්මක කරලා..

October 4, 2018 at 3:00 pm | lanka C news
අම්බලන්තොට තරුණිය පැහැරගෙන ගොස් නෑ.. පේ‍්‍රම යුද්දයක්.. තරුණියගේ සැලසුම පෙම්වතා ක‍්‍රියාත්මක කරලා..

පසුගියදා අම්බලන්තොට වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට පැන පැහැර ගෙන යැයි කියන බාලවයස්කාර තරුණිය හා ඊට සම්බන්ධ තරුණයා තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටලයක සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ දෙදෙනා පෙම්වතුන් ලෙස වසර හතක පමණ කාලයක් සිට ඇති බවත් මෙම පැහැර ගැනීම ද සිදු ව ඇත්තේ තරුණියන්ගේ සැලසුමක් මත බවත් පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී හෙළිව ඇත.

තරුණිය සිය මවගේ ජංගම දුරකථනය රාත්‍රියේ පෙම්වතාට කතාකර නිවසට පැමිණ තමා බලහත්කාරයෙන් ගෙන යන්නැයි දන්වා සිටි නිසා ඒ අනුව පැහර ගැනීම සිදු වූ බව තරුණිය පොලිසියට පවසා තිබේ.

පැහැර ගැනීමේ දී අත තිබූ ගිනි අවිය බිම වැටී පත්තු වූ ඇති බවත් කිසිම වෙඩි තැබීමක් සිදු නොකළ බවත් තරුණයා සඳහන් කර ඇත.

ගිනි අවි පනත යටතේ තරුණයා ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති අතර දෙදෙනාම කැමැත්තෙන් පිටව ගොස් ඇති නිසා බලහත්කාර යටතේ නීතිය ක්‍රියාත්මක නොවන බව පොලිසිය සඳහන් කරයි.

11,995 Viewers

4 Comments to “අම්බලන්තොට තරුණිය පැහැරගෙන ගොස් නෑ.. පේ‍්‍රම යුද්දයක්.. තරුණියගේ සැලසුම පෙම්වතා ක‍්‍රියාත්මක කරලා..”

  1. chandra says:

    beautiful girl in the picture. Dont disgrace by publishing pictures of others. You can be charged.

  2. නුවන් says:

    ගොන්කම නම්..

  3. desta says:

    rate agamethiyage idan game gahanne lamai mona katada me muasalayanta meka karanna beha katawath terenne nedda

  4. තවත් සමන්තාවක්.....නොදකින් නොපතන්..... says:

    තවත් සමන්තාවක්…..නොදකින් නොපතන්…

Main News