අමාත්‍යවරු කැබිනට්ටුව වර්ජනය කර සිටියදී ආණ්ඩුව කඩිමුඩියේ ඩොලර් මිලියන 2500 ක් වැඩි පොලියට පුද්ගලික බැංකු හරහා ලබා ගනී…

April 14, 2018 at 11:20 am | lanka C news
අමාත්‍යවරු කැබිනට්ටුව වර්ජනය කර සිටියදී ආණ්ඩුව කඩිමුඩියේ ඩොලර් මිලියන 2500 ක් වැඩි පොලියට පුද්ගලික බැංකු හරහා ලබා ගනී…

අප්‍රියෙල් 11 වෙනිදා මෙරටේ අමාත්‍යවරු පිරිසක් කැබිනට්ටුව වර්ජනය කොට තිබූ අවස්ථාවේදී නිදහසින් පසු ශ්‍රීලංකාව එකවර ලබා ගත් විශාලතම ණය මුදල ලබා ගැනිමට කඩිමුඩියේ ආණ්ඩුව පියවර ගෙන ඇත.

සමාන්‍යයෙන් අවුරුදු සමයේහි සියලු රාජ්‍ය ආයතනයන් වසා ඇති අවස්ථාවක ආණ්ඩුවේ මැති ඇමතිවරු විදේශ ගතව විනෝද සවාරි වල යෙදි සිටින අවස්ථාවක මෙරටේ මහා බැංකුව හරහා ස්ටැන්ඩර්ඩ් චාර්ටර්ඩ් සහ සිටි බැංකුව හරහා ආණ්ඩුව ස්වරී බැදුම්කර ඇ.ඩොලර් බිලියන දෙකාහාමාරක් මෙම මස 11 වෙනිදා ඉතා වැඩි පොලියට අලෙවි කොට ඇත.

මෙහි රුපියල් වටිනාකම බිලියන 400 ක් වන අතර වසර 10 කින් ගෙවීමට යටත්ව මෙම මිලදී ගැනිම සිදු කොට ඇත්තේ ජාත්‍යන්තරව ඩොලර් සඳහා පවතින පොලී අනුපාතයට වඩා සීයයට 25% වඩා වැඩියෙනි.

මේ සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ මෙවෙනි වැඩි පොලියක් යටතේ හදිසියේ ආණ්ඩුව විසින් පුද්ගලික බැංකු හරහා ලබා ගන්නා මහා පරිමාණ ණය සහ අධික පොලී සඳහා නැවත ගෙවීමේදි අලුත් ආණ්ඩුවට නැවත සිතා බැලිය යුතු බවත් මෙම මුදලේ වටිනාකම පසුගියදා යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට විකුණා ගත් මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි වන අතර වසර 10 කින් පසුව මෙම ණය මුදල් ගෙවිමේදි හම්බන්තොට වරාය නොරොච්චෝලේ බලාගාරය සහ කටුනායක සහ දකුණු අධිවේගි මාර්ගය හදන්න රාජපක්ෂ යුගයේ වැයකල මුදලටත් වඩා වැඩි මුදලක් ගෙවිමට සිදු වන බවයි.

7,981 Viewers

4 Comments to “අමාත්‍යවරු කැබිනට්ටුව වර්ජනය කර සිටියදී ආණ්ඩුව කඩිමුඩියේ ඩොලර් මිලියන 2500 ක් වැඩි පොලියට පුද්ගලික බැංකු හරහා ලබා ගනී…”

  1. Dr Lakshman Fernando says:

    IT IS SIMILAR TO ” LUNU BIKKAK “. RAJITHA CAN YOU SEE THE SIZE OF THE LUNU BIKKA ?

  2. Ratawasiya says:

    Mung naya aragena ratata wedagath deyak ho sanwardanayak karanawanam kamak naha. Karanne pissu kelina ekai jolly karana ekai. Mung ona poliyakata naya ganevee. Maha janathaawata thamai gewanna wenne.

Main News