අයවැයෙන් බියර් මිල අඩු කලාට ජනපතිගේ විරෝධය…

November 11, 2017 at 3:00 pm | lanka C news
අයවැයෙන් බියර් මිල අඩු කලාට ජනපතිගේ විරෝධය…

මෙවර අයවැය මගින් කෑන් බියර් බද්ද අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ එකතාව පල වී නැතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර කැබිනට් අනුමැතියට ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ඇතුළු මෙම ඇමතිවරුන් කිහිප දෙනා ඒ සම්බන්ධයෙන් සිය මතය දන්වා ඇත.

ආනයනික බියර් ලීටරයක මිල රුපියල් සියයකින් අඩු කල යුතු යයි අයවැය යෝජනාවේ සදහන් වුවද මේ අනුව විදේශීය බියර් මිල විශාල ලෙස පහත වැටෙනු ඇති බව සදහන්ය.

12,003 Viewers

16 Comments to “අයවැයෙන් බියර් මිල අඩු කලාට ජනපතිගේ විරෝධය…”

  1. asaranaya says:

    සරළ මහත්තයෝ දැන් අලුත් ක්‍රමය තිතට මතයි, ඒකයි වෙනස, වෙනස සැපද

  2. daham says:

    mewa thamayi dekonin hinaa yana kathaa. ethakota janadhipathi viruddha deyak aya wayen idiripath kala ekaa janaadhipathitath ihala ekekda. ehenam jannadhipathi pambayekma thamayi.

  3. love nature says:

    මත්පැන් ගැන කතා කරද්දී සැර වැඩි අරක්කු වැනි පානයන් පමණක් නොව වයින්, බියර් වැනි සැර අඩු පානයන් ගැනත් සැලකිය යුතුයි. මත්පැන් අනිසි ලෙස ගැනීමේ අවදානම කාණ්ඩ තුනකට බෙදිය හැකියි. පළමු කාණ්ඩය නම් සෞඛ්‍ය නිලධාරීන් හෝ වෙනත් බලධාරීන් පනවා තිබෙන සීමාව ඉක්මවා මත්පැන් පානය කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එලෙස පානය කිරීමේ පුරුද්ද සමාජයට, ශරීරයට හෝ මනසට “අහිතකර ප්‍රතිඵල ගෙන දිය හැකියි.” ඊට වඩා දෙවනි කාණ්ඩය බරපතළයි. එය ශාරීරිකව හෝ මානසිකව අහිතකර ප්‍රතිඵල ඇති වන ආකාරයෙන් මත්පැන් අනිසි භාවිතයයි. තුන්වෙනි කාණ්ඩය ඊටත් වඩා දරුණුයි. එම කාණ්ඩයේ සිටින කෙනෙක් මත්පැන්වලට ඇබ්බැහි වී සිටිනවා. මෙවැනි පුද්ගලයෙකුට “මත්පැන් නැතුවම බැහැ.” එවැනි කෙනෙකුට මත්පැන් නැති වුණොත් ඇඟේ පතේ අමාරුකම් ඇති වෙයි. ඒත් ඉන් ඇති වන ගැටලු දැන දැනත් ඔහු තම පුරුද්ද අත් හරින්නේ නැහැ.

  4. love nature says:

    මත්පැන් සුළු ප්‍රමාණයක් වුවත් රිය පැදවීමේ හැකියාවට බාධාවක් විය හැකියි. පෙනීමේ හැකියාව දුර්වල කරන නිසා මාර්ග සලකුණු ඉතා කුඩා වෙලා පෙනෙයි. වටපිටාවේ සිදු වන දේ පිළිබඳ අවබෝධය හීන වෙයි. ඈත තිබෙන දේ හඳුනාගෙන ඒ අනුව නිසි ප්‍රතිචාරයක් දැක්වීමේ හැකියාව අඩාළ වෙයි.

    නොබී රිය පදවනවාට වඩා බීමත්ව රිය පදවා අනතුරකට ලක් වුවහොත් සිදු වන අනතුර දරුණු විය හැකියි. එපමණක්ද නොව හදිසි සැත්කමකට භාජන වීමට සිදු වුණොත් හදවතට හා රුධිර සංසරණයට මත්පැන් බලපා ඇති නිසා ඔබේ ජීවිතය බේරාගැනීම පහසු කාර්යයක් වන්නේ නැහැ. “

  5. love nature says:

    මත්පැන් යනු වංචාකාරී මිතුරෙක්….

  6. Saradiel says:

    “පළමුව පුද්ගලයා මීවිත පානය කරයි.
    දෙවැනිව මීවිත මීවිතක් පානය කරයි
    අවසාන මී විත පුද්ගලයා වනසාලයි” (චීන ප්‍රස්තා පිරුළකි)

  7. love nature says:

    බීමත් සැමියා නිසාවෙන් ස්ත්‍රින් විශාල වශයෙන් වෛවාහික දූෂණයන්ට හා අපයොජනයන්ට ද ලක්වේ. පහත සංඛ්‍යා ලේඛන ඒවාට උදාහරණ සපයයි.
    70 % භාර්යාවන් ගෘහස්ථ හිංසනයට ලක්fවි.
    4 % ලිංගික අපයෝජනයට බඳුන් වේ.
    17 % ක් රැකියාවලට නොයෑම.
    2.4 % සිය දිවි නසාගැනීම.

    මේ අකාරයෙන් විශාල ලෙස සැම අතින්ම බිරිඳක් මත්ද්‍රව්‍යට ඇබිබැහි වූ ස්වාමියා හේතුවෙන් පීඩාවට ලක් වි. බොහෝ ග්‍රාමීය කාන්තාවන් උපයන සොච්චමද සැමියා විසින් බීමට සොරා ගැනිම ඉතාම ඛේදනීය

  8. Lanka says:

    Acting President from other country.? This person doesn’t know anything is happening in this country?

  9. Palitha says:

    Kassippu should be legalised and standard should be maintained like Toddy; as a domestic industry.

    • AluthKade Saita says:

      විනාශකාරී යමක් නීත්‍යානුකූල කලද එය එකසේ විනාශකාරී වෙයි.
      තම පෞරුෂයේ දුබලතාව වැසීමට මත් වතුර යොදාගන්නාට නිදහසට කරුණු බොහෝ තිබේ

  10. Nish says:

    ජනාධිපතියා මතය දක්වනවා. ඇමතියා තමන්ට ඕනෙ දේ කරනවා. පුදුම ආණ්ඩුවක් යකෝ මේක.

  11. Sriyan says:

    ඇයි යකෝ බොන එකෙක්වත් නැද්ද
    මේක කරන විපක්ශෙ උන් එකෙක්වත් බොන්නෙ නැති හාල්පරුවොද
    කොන්දක් නැති පිරිමිද

  12. Awamangalya says:

    Mudal amathi bonne beer witharak wennathi. Ekai hethuwa. Nathnam lokka akamathi welath duty adukarala thibenne.

  13. බේබද්දා says:

    මේකේ මාර උපාසකයෝ ටිකක් නේ ඉන්නේ. බොන උන් එකෙක්වත් නෑ. උබලත් හොදයි හිටන්ටම.

Leave a Comment

Main News