අයවැය සහනය නොදෙන වෙළදුන් අල්ලන්න රට පුරා මෙහෙයුම්…

November 14, 2017 at 5:30 pm | lanka C news
අයවැය සහනය නොදෙන වෙළදුන් අල්ලන්න රට පුරා මෙහෙයුම්…

බදු අඩු කර අත්‍යවශ්‍ය භාන්ඩවල මිල අඩු කරමින් ජනතාවට රජය ලබා දුන් සහනය ලබා නොදී තවමත් වැඩි මිලට එම භාන්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඒ සදහා පාරීභෝගික කටයුතු පිලිබද අධිකාරීයේ නිලධාරින් යොදවා ඇති බවත් කර්මාන්ත හා වානිජ කටයුතු පිලිබද අමාත්‍ය රිෂාඩ් බදුයුදින් මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ සහ අද (14) දිනයන්හි වව්නියාවේ සතොස වෙළඳසැල් පරික්ෂා කිරීමට ලිය අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමිනි.

අත්‍යවශ්‍ය භාන්ඩ මිල වහාම ක්‍රියාත්මක වන ලෙස අඩු කළද ග්‍රාමීය මට්ටමෙන් එම සහන ජනතාවට ලැබෙනවාදැයි මධ්‍යවේදින් අමාත්‍යවරයාගෙන් නැගුන ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ

මෙම අත්‍යවශ්‍ය භාන්ඩවල මිල අඩු කර රජය සහන ලබා දුන්නේ පාරිභෝගික ජනතාවට බවත් එම සහන ඒ ආකාරයෙන්ම ජනතාවට ලැබිය යුතු අතර රටපුරා පිහිටි සියළුම ස.තො.ස වෙළඳසැල් වලින් සහන මිලට භාන්ඩ ලබාගන්නා ජනතාවන ඉඩකඩ සලසා දී ඇති අතරම එම මිලට අත්‍යවශ්‍ය ආහාර ලබා දෙන්නේදැයි යන්න සොයා බැලීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කණ්ඩායම් රටා පුරා යොදවා ඇති බවටද කියා සිටියේය.

එලැබෙන නත්තල් හා උත්සසව සමයේ අත්‍යවශ්‍ය භාන්ඩ හිගයකින් තොරව සහන මිලට ලබා ගන්නා ජනතාවට ඉඩකඩ සලසා ඇතැයිද සහල් මිල අඩු කරන බවට රජය දුන් පොරොන්දුව අද ඉටුකර ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසිය.

– වන්නි රොමේෂ් මධුසංඛ

2,509 Viewers

2 Comments to “අයවැය සහනය නොදෙන වෙළදුන් අල්ලන්න රට පුරා මෙහෙයුම්…”

  1. john the baptice says:

    බදුන්දින්ට අපි කියමු ඌරු මස් මිල අඩුකරන්න කියලා නත්තලට

  2. john the baptice says:

    කටට රසට ඌරු මස් කරියක් එක්ක ගමේ කෑම වේලක් කන්න බදුර්දීන් ට එන්න කියමු

Leave a Comment

Main News