අරක්කු මිල අඩු කල යුතුයි.. රා නිෂ්පාදනය තවත් වැඩි කල යුතුයි.. ජනතාවට ඇගේ අමාරුවට බොන්න ඔ්නෑ..- WDJ

September 25, 2017 at 11:20 am | lanka C news
අරක්කු මිල අඩු කල යුතුයි.. රා නිෂ්පාදනය තවත් වැඩි කල යුතුයි.. ජනතාවට ඇගේ අමාරුවට බොන්න ඔ්නෑ..- WDJ

ජනතාව තහනම් මත්පැන් භාවිතයෙන් මුදා ගැනීමට නම් කිතුල් රා නිෂ්පාදන වැඩි වැඩියෙන් සිදු කල යුතු බවත් ඒ සදහා නීතිමය ප‍්‍රතිපාදන ඇති කල යුතු බවත් ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

ඇමතිවරයා මේ අදහස් පල කලේ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව අමතමිනි.

අද වන විට වතුකරයේ වැඩ කරන ගැහැණු-පිරිමි සියළු දෙනා තහනම් මත්පැන් බොන බවද කී ඇමතිවරයා ඇගපත අමාරුව යන්න ඔවුන් මත්පැන් බීම නතර කල නොහැකි බවද පැවසීය.

කෙසේ වෙතත් රජය විසින් මත්පැන් මිල අඩු කරන්නේ නම් මේ ආකාරයේ නීති විරෝධී මත්පැන් භාවිතය අඩු වනු ඇති බවත් රා නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කල යුතු බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

6,418 Viewers

15 Comments to “අරක්කු මිල අඩු කල යුතුයි.. රා නිෂ්පාදනය තවත් වැඩි කල යුතුයි.. ජනතාවට ඇගේ අමාරුවට බොන්න ඔ්නෑ..- WDJ”

  1. Poramola says:

    Good idea. Then what happens to the excise duty received to government.

  2. janaka says:

    මතට තිත මහින්දටත් වඩා හොඳට කරනවා කියාගෙන ආවේ නමුත් දැන් මුන් කොරන්නේ එකේ අනික් පැත්ත

  3. siraa says:

    Sinhala minissunwa Arakku bona eken adu karaganne nethiwa, mee kaalakanni kiyana kathaa.

    duppath family innawa edaa weela kanna nee, miniha bonawa. Rate keeda waachakayak meeka.

  4. hitan gedara appuhami says:

    ශෝක් අදහස. මරේ මරු. තව තවත් අරක්කු නිෂ්පාදනය, රා නිෂ්පාදනය වැඩි කරන්න ඕන. සිගරට්, කුඩු කිසිදු හිගයකින් තොරව බෙදා හරින්න ඕන. එතකොට ජනතාවට ඒවා දැකල දැකලම එපා වෙනවා. ඊට අමතරව අර නපුන්සක මොන්ගලය කිව්වා වගේ අරක්කු බලපත්‍ර නිතිය ලිහිල් කරන්න ඕන. ඒ කරලා ෆාමසියෙයි, තේ කඩේ, එළවලු කඩෙයි, ඉරිදා පොලෙයි අරක්කු විකුනන්න බලය දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි සාරවිටි කාරයටත් බෝතල් දෙක තුනක් අරගෙන ගිහිල්ල විකුනන්න දෙන්න ඕන මොබයිල් සර්විස් හැටියට. එහෙම නැත්නම් චූන් පාන් ක්‍රමේට බෙදා හරින්න ඕන. එතකොට ඔය කසිප්පු බොන එක නැතිවේවි. රුපියල් 750ක් 1000ක් දවසට උපයන වතු කම්කරුවා, ගඩා ගෙඩි කඩන එකා, පේව්මන්ට් එකේ වෙලදාම් කරන වෙළෙන්දට ඒ ගාන හොදටම ඇති අරක්කු බාගෙකුයි, සිගරට් පහකුයි වඩේ දෙකකුයි ගන්න. උන් ටික හොදට බීල ආතල් එකක් ගනීවි. උගේ ගෑණිට, දරුවන්ට කන්න බොන්න දෙන එක, අදින්න පළදින්න, ඉස්කෝලේ යන්න පොත් පත් සපත්තු, ඉන්න හිටින්න ගෙවල් දොරවල් මුන්ගේ අම්මගේ අප්පාගේ දේපල වලින් දෙනවා නේ.ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ,
    මේ වගේ උගත්, ජනතාවගේ හැගීම් දැනීම් තේරුම් ගන්න විශාරදයින් පණ්ඩිතයින් තව තවත් අපි පාර්ලිමේන්තුවට යවන්න ඕන.නැත්නම් රට කවදාවත් දියුණු කරන්න බැහැ. මෙවැනි අය පාර්ලිමේන්තුවට යවන උගත් ජනතාවට ජයවේවා.

  5. daham says:

    What you are saying is correct. But most of the society won’t accept this because they are socially bound to some traditional values.

  6. ඤානසාර says:

    අගය කල යුතු යෝජනාවක්

  7. asaranaya says:

    මුගෙත් දැන් ආන්ඩුවෙන් අස්වෙන කතා නැහැ, මහින්ද මහතා අන්දවන වැඩෙ කරන්නෙ මේකා.

  8. ගමේ එකෙක් says:

    “අරක්කු මිල අඩු කල යුතුයි.. රා නිෂ්පාදනය තවත් වැඩි කල යුතුයි.. ජනතාවට ඇගේ අමාරුවට බොන්න ඔ්නෑ;;;හැබෑව…හැබෑව…අපට ගණිකාවොත් ඕනෙ….සම ලින්ගිකයොත් ඕනෙ…සත්තුත් ඕනෙ….එලියේම කොරන්නත් ඕනෙ. නැතුව රට හදන්න්න බැහ.පන්සිල් එපා. හාමුදුරුවරුත් එපා. රටත් එපා. ඔනී ඇමතිකමක් විතරයි.

  9. love nature says:

    “සිංහලයන්ට විස මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි.”

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

  10. Saradiel says:

    “වර්‍ෂ 2540ක් කිසිම මත්පැන් වර්‍ගයක් පානය නොකරමින් සිටි සිංහල ජනකාය නැති කරන්ට කටයුතු කළේ සර්‍ව සාධාරණ යයි කියනු ලබන ඉංග්‍රීසි ජාතිකයෝය.“

  11. love nature says:

    කිරි දෙන මව්වරුන් මත්පැන් ගත් විට මද්‍යසාරය ඔවුන්ගේ රුධිරයට උරාගන්නා ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කිරිවලට උරාගන්නවා. ඊට හේතුව රුධිරයට වඩා කිරිවල වැඩි ජල ප්‍රමාණයක් තිබීමයි.

  12. love nature says:

    මත්පැන් ඔබට හානි කරන අයුරු

    මොළය

    සෛල මැරෙයි; මතකය අඩු වෙයි; මානසික අවපීඩනය ඇති වෙයි; කලහකාරීව හැසිරෙයි

    පෙනීමට, කතාවට, සිහි කල්පනාවට බාධාවන්

    මුඛයේ, උගුරේ, පියයුරුවල සහ අක්මාවේ පිළිකා

    හෘදය

    පේශිවල ශක්තිය අඩු වෙයි; හෘදයේ ක්‍රියාකාරිත්වය අඩාළ වෙයි

    අක්මාව

    මේදය තැන්පත් වෙයි, ඉදිමෙයි, සිරෝසියාව සෑදෙයි

    වෙනත් හානි

    නිසි ප්‍රතිශක්තිකරණය නොලැබෙයි; තුවාල සෑදෙයි, අග්න්‍යාශය ඉදිමෙයි

    ගැබිණි කාන්තාවන්ට

    ආබාධිත හෝ මන්ද බුද්ධික දරුවන් බිහි වෙයි

    “ඕනෑම මත් ද්‍රව්‍යයකට වඩා කලලයට හානි වන්නේ මත්පැන්වලින්”

  13. Saradiel says:

    මත්පැන් භාවිතය පිළිකා වලට අත වනයි!

Main News