අර්බුද උඩුදුවයි.. මහින්ද හලා ශ්‍රිලනිප ආණ්ඩුවක් හැදිමේ කුමන්ත්‍රණයක්.. එජාප ප්‍රබලයින් අලුත් ආණ්ඩුවට.. චම්පිකගෙන් විශේෂ ප්‍රකාශයක්…

December 28, 2016 at 9:20 am | lanka C news
අර්බුද උඩුදුවයි.. මහින්ද හලා ශ්‍රිලනිප ආණ්ඩුවක් හැදිමේ කුමන්ත්‍රණයක්.. එජාප ප්‍රබලයින් අලුත් ආණ්ඩුවට.. චම්පිකගෙන් විශේෂ ප්‍රකාශයක්…

නැගි එන දේශපාලන අර්බුදය හමුවේ ආණ්ඩුවේ සිටින මෛත්‍රීවාදින් විසින් අලුත්ම දේශපාලන තුරුම්පුවක් ගැසීමට මේ දිනවල සුදානම් වෙමින් සිටිතැයි වාර්තා වෙයි.

ඉදිරියේ පැවත්වෙන ඕනෑම මැතිවරණයකින් අන්ත පරාජයක් අත්වීම වලකාලීමට කල යුතු හොඳම උපක්‍රමය මහින්ද රාජපක්ෂ වටා සිටින යුඑන්පී විරෝධී බලවේග මෛත්‍රීපාල ජනාධිපතිවරයාට දිනා ගැනීමට හා වාමාංශික පක්ෂවල සහයෝගය ලබාගැනීමට හැකි වඩාත් සුදුසු උපායමාර්ගය වන්නේ යූඑන්පී ආණ්ඩුවන් වහාම ඉවත් වීම බව ඔහුන්ගේ මතයයි.

ඒ අනුව රජය කෙරෙහි ඇති වී තිබෙන ජනතා අප්‍රසාදයට රනිල් වගකිව යුතු බවට මහතානයා විශ්වාස කරනු ඇති බව ඔවුනගේ අදහසයි.

මෙහිදී මෙම පාර්ශවයන් සමග වෙන වෙනම් සාකච්ඡා පැවත්වීම ඉතා රහසිගතව නොයෙකුත් ස්ථානවල සිදු කරන අතර හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ දැඩි බලපෑම් එල්ලවනුයේ මොනම හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් නොකළ යුතුය යන්නයි.

එහෙත් නැගි එන අර්බුදය හමුවේ රාජපක්ෂවරුන් කිසිත් සම්බන්ධ නොකර ගන්නේ නම් චන්ද්‍රිකා විරෝධය පාලනය කරගැනීමේ කාර්යය මෛත්‍රී පාර්ශ්වයේ ප්‍රධානියක් මෙන්ම දැනට එජාපයෙන් පාර්ලිමේන්තුවට පැමිණ අලුතින් පිහිටුවීමට යෝජිත ආණ්ඩුවේ ප්‍රබල ස්ථානයක් බලාපොරොත්තුවන අමාත්‍යවරයා කටයුතු කරගෙන යයි.

හෙල උරුමයද මේ අතර අමුතුම පිම්මකට ලැහැස්ති වෙමින් සිටී. ආණ්ඩුවන් ගිලිහුණු සිංහල බෞද්ධයා මහින්ද වටා එකතුවී ඇති බැවින් ඔහුන් දිනා ගැනීමේ මෙහෙයුමක් මේ 30 දා ආරම්භ කිරීමට නියමිතය.

සංඝරත්නය ප්‍රමුඛව සිංහල නායකයින් කැදවා සුපුරුදු පරිදි තමන්ගෙන් ගිලිහුණු එමා බලවේගය දිනාගැනිමට අවශ්‍ය ප්‍රකාශයක් කිරීමට එදිනට නියමිතය.

මේ තත්ත්වය හරහා එජාපයේ සැලකිය යුතු මෛත්‍රී හිතවාදීන් පිරිසක් සමඟ පොදු විපක්ෂය නියෝජනය කරන එජාප විරෝධීන්ගේ සහයෝගය ලබා ගෙන රාජපක්ෂවරුන් නිහඬ කරවීමටත් ඒ හරහා පිහිටුවන රජයක් තුල ඉදිරි පලාත් පාලන මැතිවරණය පවත්වා ලෙහෙසියෙන් ජයග්‍රහණය කිරීමට හැකියාව ඇති බවත් මෛත්‍රී කණ්ඩායමේ සාකච්චාවට ලක්ව තිබේ.

52,868 Viewers

15 Comments to “අර්බුද උඩුදුවයි.. මහින්ද හලා ශ්‍රිලනිප ආණ්ඩුවක් හැදිමේ කුමන්ත්‍රණයක්.. එජාප ප්‍රබලයින් අලුත් ආණ්ඩුවට.. චම්පිකගෙන් විශේෂ ප්‍රකාශයක්…”

  1. Alapaluwa says:

    එදා සිටම මේ JVP ක්‍රියාදාමය වුයේ තැන්තැන් වල හොරෙන් සහාකච්චා පවත්වන එකනේ. එක මුන්ගේ ජන්මයෙන්ම එන පුරුද්දක් එකට හොඳම දේ තමයි ලැබුනේ දැනුත් එසේ ලැබෙන්නේ නැති එක තමයි.මුන්ගේ වරිගේටම කටට ගතට පන්නරේ ලබිඇත්තේ.මේ හොර අනුරකුමාරයව කට ගැටගහාලා තියන්න ඕනේ.

    • මගේ රට says:

      හෙලුරුමයේ සැබෑව …. මේ රඟ දැක්වෙන්නේ මීට වසර දෙකකට පෙර සැලසුම්කල අවජාතක නාඩගමය්…..
      රාජිතගේ හෙළිදරව්ව.
      https://www.youtube.com/watch?v=XsDSIx2vKec

    • sayumi says:

      ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂෙට පැනලා ඒකාබද්ධ විපක්ෂය දිය කර හැරීමේ මුන්ගේ මේ plan එක ගැන මහාචාර්ය නලින් සිල්වා මැතිඳුන් කලින්ම හෙළිදරව් කළා. මේක කරන්න යන්නෙ වික්කමසිංහගේත් අනුදැනුම ඇතිව බවයි එතුමා පවසන්නේ.

      විය හැකි කතාවක් සහ කතාවේ දෙවෙනි කොටස :-

      http://www1.kalaya.org/2016/12/blog-post_20.html#more
      ———————————————————————————————————————————————————————————————————————

      හූ ඇන් පී ආණ්ඩුවෙන් ඉවත් උනයි කියලා මහින්ද මැතිඳුන්ගේ ජන බලවේගය දිනා ගන්න ආප්පයට කිසිසේත් බෑ. ඒ ජන බලවේගයේ පිහිටෙන් බලය රැක ගන්න ඕනේ නම් කල යුතු එකම දේ රට කන වික්කමසිංහ පන්නලා මහින්ද මැතිඳුන් අගමැති ධූරයට පත් කිරීමයි.

  2. kamasiri Kuruwita says:

    හැබෑට එක සැරයක් බුරුකම් කලාට , මිනිස්සු හැමදාමත් රැවටෙයිද දේශද්‍රෝහී ජාතිද්‍රෝහී බොරු වාචාලයන්ගේ සුකිරි සීනිබෝල වචනවලට. ඒවා ආයේ වෙන්නේ නැහැ. ජනතාව ට ලනු කාල ඇතිවෙලා තියෙන්නේ .

    • මගේ රට says:

      විෂඝෝර BSDM සර්පයා හැව අරිමින් සිටී.. දුටු තැන පොල්ලෙන් ගසමු
      https://www.youtube.com/watch?v=-kA9D2IgM4c

    • govirala says:

      monawada me kiyanne.. ape rate less educaed pirisa, saha rewatena ewun 70% innawa ugath buddimath aya hemadama mun nisa paradayi o.l. nethi harak rata karala ratama iwara karala. wasara dekakma munuth horu allanawa wena kala dayak ne ranilla rata karanawa. hamba karanawa. maitri oheeeeeeeeeeeeeeee innawa

      • kate says:

        Ehema kiyala balan indala ba Govirala!! We must take action to convince less educated people. An Island wide program must be created and run for that.

  3. බන්ඩා says:

    අනේ සාදු! අාප්ප ක්ලික් ඒකට හොඳටෝම පිස්සු.

  4. ජුන්ටාව says:

    හොදයි කරලා බලමුකෝ ශ්‍රීලංකා කාරයොන්ට අන්තිමට මොකද වෙන්නේ කියලා .

  5. Narada says:

    වරෙන්කො පරය උගන්නන්න හොද පාඩමක් කාලකන්නි චම්පකය

  6. යුක්තිය says:

    මුං ගංජ ගහලද කොහෙද යූ.එන් පීය විතරක් විසි කරන්න නෙවේ මිනිස්සු බලන් ඉන්නෙ…මුළු හංසයම…. එතකොට චම්පික,ර තනල වෙනමෙයි,මෙෙත්‍රී වෙනමෙයි… රනිල්ට කලින් මිනිස්සු ගොනාට අන්දපු ර තන,චම්පකය එලවන්න ඕන… ජාතියයි,අාගමයි විකුනන් කනවට….

  7. Champa says:

    මොකක්ද? මහින්දව හලලා SLFP ආණ්ඩුවක් හදන්න? ඒවා නම් කොහෙද. මහින්දට අනිවාර්යයෙන්ම අගමැතිකම දෙන්න ඕනේ. ඇයි මොකක්ද උඹලට එහෙම කරන්න බැරි අමාරුව?

    මෛත්‍රී පිල එකතු වෙන්න ඕනේ ඒකාබද්ධ විපක්ෂය එක්ක මිසක් රට පාවා දුන්න කම්බ හොරාගේ හොර පක්ෂෙ ඉන්න පට්ට හොරු රැල එක්ක නෙමෙයි. ඒකාබද්ධ විපක්ෂය කියලා එකක් හැදුනේ මහින්දට අගමැතිකම නොදුන්න නිසා.

    මිනිස්සු ජනවාරි 8 වරද්ද ගත්ත. හැබැයි අගෝස්තු 17 ඒ වැරැද්ද හරි ගස්සන්න මහින්ද වෙනුවෙන් ඡන්දේ දුන්න. දැන් ලක්ෂ 62කේ සාමාන්‍ය ජනතාව විතරක් නෙමෙයි හංසයාට කඩේ ගිය තෝරු මෝරු අංකූරෝ ගල් ඉබ්බෝ කඳ පණුවො ඔක්කොම පිලිගන්නවා මහින්දව ගෙදර යවපු නිසා රට අරාජික වෙන්න යනවා කියලා. ඒ කියන්නේ ජනතාව අගෝස්තු 17 මහින්දව අගමැති කරන්න දීපු ඡන්ද වල වටිනාකම අද සිය ගුණයකින් වැඩි වෙලා තියෙනවා.

    මහින්දව හලලා හදන්න යන ආණ්ඩුවලට ජනතාව ඡන්දේ දෙන්නේ නැහැ. කවුරු හරි එහෙම හිතනවා නම් ඒක ලොකු හීනයක් විතරයි. මහින්දට සාධාරණයක් කරන්නේ නැති එවුන් ජනතාවට සාධාරණයක් කරයිද?

    හිටපු ජනාධිපතිතුමාට අපේ තියෙන ආදරේ කවදාවත් අඩු වෙන්නේ නැහැ. එතුමා මේ රටට කරපු සේවයට උපහාරයක් විදියට එතුමාට අගමැති කම දෙන්න ඕනේ.

    රනිල්ගේ මායාව වගේ ආපු සිරිසේන ජනාධිපතිතුමාගේ සරල රූපෙට රැවටිචච හැමෝටම අද පේනවා රනිල් රටට කරන විනාශේ. අර මම කලින් දවසක කිව්වා වගේ අර ගිරව් දෙන්නගේ කතාවේ, “හොරා” අරන් ගිය ගිරවා තමයි සිරිසේන ජනාධිපතිතුමා. අවුරුදු දෙකක්ම එතුමා හිතුවා හොරා කරන දේ තමයි හරි කියලා. ඒක වැරදියි කියලා තේරුනේ හිටපු ආරක්ෂක ලේකම් තුමාවයි ත්‍රිවිධ හමුදාපතිවරු කිහිප දෙනෙකුයි උසාවි අරන් ගිහින් අවමං කරපු දවසේ. ඒ සිද්ධිය තමයි එතුමාගේ හැරවුම් ලක්ෂය.

    මේ රටේ මිනිස්සු ජනාධිපතිතුමා එක්ක වෛරයෙන් ඉන්නේ හිටපු ජනාධිපතිතුමාට කරපු දේට. ඒ නිසා හිටපු ජනාධිපතිතුමාට සාධාරණයක් කරන එක ජනාධිපතිතුමාගේ යුතුකම.

    මට මෙතන වැඩිය ලියන්න වෙලා නැහැ, අර උඩ හම්බන්තොට වරාය ගැන තියෙන news item එක මට හුඟක් වැදගත්. ඉතුරු ටික එතැන ලියනවා.

  8. fresha1013 says:

    අනේ මන්දා. මහින්ද අපේ ජනාධිපතිතුමා අනිවාර්යෙන් එනවා. ඒ මනුස්සයා විතරයි අපිට ඉන්නෙ. දැන් හැමෝටම අවන්කයෙන්ම තේරෙනවා නේද?????

  9. goviya says:

    What is this nonsense. Dictator My3 is in the pocket of Ranil. He cannot leave Ranil.

  10. singha01 says:

    මොන මගුලකට හරි මැතිවරනයක් තියන්න එපායැ. තියන්නෑ, ඇයි අවුල්ද?

Main News