අරාබියේ පවුලකින් උතුරු පලාතේ ජනතාවට අංග සම්පූර්ණ නිවාස එකසිය විස්සක්..

May 15, 2017 at 8:02 am | lanka C news
අරාබියේ පවුලකින් උතුරු පලාතේ ජනතාවට අංග සම්පූර්ණ නිවාස එකසිය විස්සක්..

අවතැන්වු උතුරු පලාතේ ජනතාව වෙනුවෙන් අංග සම්පූර්ණ නිවාස එකසිය විස්සක්(120) ලබාදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දානපති පවුලක් සිය කැමත්ත පලකර ඇත.අබුඩාබි නුවර ව්‍යාපාරිකයකු වන මහමුද් ෆටේ හලී අබ්දුල්ලා අල්කජේ ප්‍රධාන ව්‍යාපාරික පවුලක් මේ සදහා ඉදිරිපත්වී ඇත.

මේ කටයුතු පිළිබද සොයා බැලීම සදහා තිදෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් පසුගියදා මන්නාරම ප්‍රදේශයේ අවතැන්වු ජනතාව පිළිබදව සොයාබැලීම සදහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග නිරීක්ෂණ චාරිකාවකටද සහභාගී වී ඇත.

එම ගමනේ ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස පසුගියදා (12) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවී මෙම අසරණ ජනතාවට නිවාස එකසීය විස්සක් (120) ඉදිකරදීමට සිය කැමත්ත පලකර ඇත.

මෙහිදී මාධ්‍යයට අදහස් පලකල මෙම නිවාස ඉදිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරන මහමුද් ෆටේ හලී අබ්දුල්ලා අල්කජේ මහතා “ශ්‍රී ලාංකික ජනතාව ගොඩාක් මිත්‍රශීලියි.ඔවුන් ආගන්තුක සත්කාරයට ලැදි පිරිසක්,අවතැන්වු ජනතාව වෙනුවෙන් අපි මේ විදියට නිවාස එකසීය විස්සක් හදන්න කටයුතු කරනවා.එතනදි අපිට ජාතියක් අවශ්‍ය නැහැ.සිංහල,දෙමල,මුස්ලිම් සියලු ජන කොටස් වලින් තෝරා ගත් නිවාස අහිමි පිරිස් වෙත අපි මේ අංග සම්පූර්ණ නිවාස 120 ලබාදීමට කටයුතු කරනවා.

මේ කාර්යේදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගොඩාක් උදවු කලා.අපිට මේ රටට ආරාධනා කරලා අපේ පිරිසට ලංකාවේ ජනතාව මුණගස්වලා ඔවුන්ගේ ජීවන තත්වය පිළිබදව අපට වැටහීමක් ලබාදීමට අමාත්‍යවරයා කටයුතු කලා.ඒ වගේම වර්තමානයේ මේ රටේ ඇතිවෙලා තියෙන ජාතික සමගිය ප්‍රශංසනීයයි.මේ සදහා කැපවෙන ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් මම ස්තූතිවන්ත වෙනවා.ඒවගේම දෙරටේ තානාපතිවරුන්ටත් මම මගේ ස්තූතිය පලකර සිටිනවා.

මේ නිවාස ව්‍යාපෘතියෙන් පස්සේ අවතැන් ජනතාව වෙනුවෙන් පානීය ජල ව්‍යාපෘතියක් වගේම කෘෂිකර්මාන්තය සදහා ජල ව්‍යාපෘතියකුත් ආරම්භ කරන්න අපි සැලසුම් කරල තියෙනවා.ඔබගේ මේ රටට අවශ්‍ය ඕනෑම අවස්ථාවක උපකාර කිරීමට අපි සූදානමින් සිටිනවා.

මාධ්‍ය ඒකකය
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ

5,722 Viewers

8 Comments to “අරාබියේ පවුලකින් උතුරු පලාතේ ජනතාවට අංග සම්පූර්ණ නිවාස එකසිය විස්සක්..”

  1. යොහාන් says:

    කියන්නෝ කෙසේ කිවත් මේ ගැන සිහිබුද්දියෙන් බලාගෙන ඉන්න වෙනවා මේ නිවාස ඔය කියන විදියට සිංහල දෙමල මිනිසුන්ටත් දෙනවද නැතිනම් තනිකරම මුස්ලිම් ගම්මානයක් තවත් කැලයක් කපල හදල ඒ ගම මැද්දේ නිවාස දෙකක් තුනක් දෙමල සිංහල අයට නමට දෙනවද කියල .
    කොහොමත් ජාතිය අනුව නිවාස සංකීර්ණ සැදීම නවත්වියයුතුයි .බටහිර රටවල එක ජාතියකට වෙන්වූ නිවාස සන්කිරින පවත්වන්න දෙන්නේ නෑ .
    දැන් මුස්ලිම් ඇඳුම් විකුණන සමාගමක් රට පුරා තට්ටු නිවාස සදනවා උඩම තට්ටුවේ මුස්ලිම් පල්ලිය ඒ නිවාස විකුනන්නේ මුස්ලිම් අයට පමණයි කියල තමයි කියන්නේ .රජය මේ ගැන වහාම ක්‍රියාත්මක වෙලා ජාතිය පදනම් කරගෙන නිවාස විකිණීම නවත්වියයුතුයි.

    • arschfikaa says:

      ado yohan kiyana urukatu lewakana katholika wesige putha,tho denaganindo muslim aya loke wedakoranne aagama
      anuvai,thoge uru aagamawage evun neveiban ape aya,mona rate hitaiyath,mona jaathiyewunath,muslimnam,islam-
      nam,egollanta pohosath ratawalin aadhaara lebenawado,lankaawa wage bauddha ratakata kochcharaknam arabi ra
      tawal udavkorala ethda kiyala urukatu sooppukorana thota danne nethuwaata,lankaawe inna buddhimath ayata ithaa
      hondin dannawado sakkiliya.tho methana jaathivaadayai,aagamvaadaya,ehema evissuwoth maranawa denaganin,
      gihin thoge valkam maha uragen illapiyalla katholikayanta aadhaara.

      • Wasala says:

        ඊළඟට මම චන්දෙ දෙන්නේ සිංහල ජාතිය ගැන හිතන සිංහලයකුට විතරයි. ..

        සිංහල උනාට තම්බින්ගේ ජරාව කාපු එක කාලකන්නියෙකුට රටේ තැනක් දෙන්නේ නැහැ. සිංහලයා සිංහලයන් විදිහටම හිතමු.
        එක දෙමෙලෙක් එක තම්බියෙක් අපි ගැන හිතන්නේ නැහැ . මේ රටේ ඉන්න ජාති වාදීන් උන්.

        අපිත් එහෙම හිතුවේ නැත්තම් කෙලවෙනකම් දන්නේ නැහැ …

  2. siraa says:

    Langadeema Arabi ratak wena ekane, onna ohe salli nethi ekee ganilla

  3. truth says:

    නීච, නූගත්, රටක් ජාතියක් ආගමක් ගැන තැකීමක් නැති කාලකන්නි සිංහල දේශපාලකයන් අතර රිශාඩ් බදුර්දීන් වැඩ කරන අකාරය ආදර්ශමත්. ඌ තමන්ගේ ජාතියට වැඩකරනවා

  4. DhammaR says:

    This type of “donations” are questionable. There should be a mechanism to monitor such activities especially by middle eastern countries. Rishad has a questionable involvement already with Wilpattu and Mullativu. The Muslim population in the North and the East are rapidly increasing. The numbers are alarming.

    The population in the North and the East should be according to the ethnic ratio in the country. Same as in Colombo where there are Tamils and Muslims in a large number, there should be similar ratio in the North and the East for Sinhalese.

    It is high time Sinhalese fight for equal rights in the North and the East.

    We are the majority. We should be allowed to live in any part of the country. It is sheer discrimination for Sinhalese being deprived of living in the North and the East according to the ethnic ratio in the country.

  5. godblessyou says:

    යොහාන් කියන එකා ඔහොම කියල බුදියගනී උ රටට ආදරේ එකක් නෙවෙය් මන් හිටන්නේ

  6. sumane says:

    මාර ආදරයක් බන් තියෙන්නේ. ඕක පහෙන බෙදුවම කියාද? 30 වැඩි කලාම කියලද. පුංචි පවල රත්තරන් බන් උන්ට. ඔන්න ඒ කාලේ කොරපුව ගේ ප්‍රතිපල.

Main News