‘අරාබි වසන්තය’ ශ‍්‍රී ලංකාව ආසන්නයේ..

August 2, 2018 at 10:40 am | lanka C news
‘අරාබි වසන්තය’ ශ‍්‍රී ලංකාව ආසන්නයේ..

තවදුරටත් මැතිවරණ කල් දැම්මොත් ලංකාවේත් අරාබි වසන්තයක් බිහි වේවි යැයි උදය ගම්මන්පිල මහතා මාධ්‍යයට පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ජන බල සේනා ජාතික ව්‍යාපාරය විසින් අගෝස්තු 2 වැනි දා සවස 2ට ලිප්ටන් වටරවුමේ දී සිදුකරන ජාතික විරෝධතාව පිළිබඳ දැනුම්වත් කරමින් අත් පත්‍රිකා බෙදා හැරීමක් 2018.08.01 දින සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවති අවස්ථාවේදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ උදය ගම්මන්පිල මහතා

“ වැඩ බැරි, හොරු පිරි, පරගැති, බොරු කියන මේ ආණ්ඩුව ගෙදර යවන්න ජනතාවගේ තියෙන වුවමනාව ආණ්ඩුවට මතක් කර දෙන්න හවස දෙකට අපි ඔක්කොම එනවා ලිප්ටන් වට රවුමට. මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ කියලා හිතන, රට ගැන, තමන් ගැන, පුංචි දරුවන් ගැන, ආදරයක් කැක්කුමක් තියෙන සියලුම දෙනා හෙට හවස දෙකට ලිප්ටන් වට රවුමට පැමිණේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපි ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරනවා දිගින් දිගටම මැතිවරණ කල් දමමින් ජනතා මතයට පයින් ගසන්නට ආණ්ඩුව උත්සාහ කළොත් අරාබි වසන්තයක් ලංකාවේ ඇතිවීම වැළැක්වීමට කිසිම ජගතෙකුට බෑ. ඒ නිසා මේ රට ලේ විලක් ගිනිගොඩක් නොකර වහාම මැතිවරණයක් පවත්වලා වැඩ බැරිනම් ගෙදර යන්න කියලා අපි ආණ්ඩුවට දැනුම් දෙනවා. ඒ දැනුම් දීමේ ජනතා පණිවිඩය අරගෙන හෙට හවස දෙකට අපි ලිප්ටන් වටරවුමට එනවා.”

– අරවින්ද අතුකෝරල

20,759 Viewers

10 Comments to “‘අරාබි වසන්තය’ ශ‍්‍රී ලංකාව ආසන්නයේ..”

  1. Wijebahu says:

    Gommanpililayata mona arabi wasanthatada? Oya gemba sure ekata Ranilwa elawanawa kiyala naguta passe pathhe gahagaththu eka. Nikanma Nikan pachayek witharai.

  2. Chanel says:

    Day dreaming

  3. cim says:

    මට පේන්නේ උඹලා ටික නන්නත්තාර වෙලා වගේ.ඒකාබද්ධය ඇතුලේ හොඳටෝම අර්බුද.ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ මොකාද කියලාවත් තීරණයක් ගන්න බැහැ.උඹලා බැසිල් ඉදිරියේ වහල්ලු වගේ.

  4. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Gammanpila tamuseta ochchara hadissi Gotabayata minissu maranna balaya dennada?tamuselage keruwawa API dekka 2005_ 2014.ratupaswala watura illapu 3 kata Undayen pilituru Dunne obalage aanduwen.apata amataka wenne Neha.

  5. Aurora says:

    ලාස්ට් චාන්ස් මන්ත්‍රීකම දරන පොරවල් වලට ඒ අනුව පෙන්ෂන් එක වැඩිව ලබාගන්න පුළුවන් නිසා ආණ්ඩුව පෙරලන්න කිසිම උත්සහයක් නොගෙන ෂේප් එකේ ආණ්ඩුව ගෙනියන්න කරපු වැඩක්.

  6. SUNIL says:

    ආඩි හත්දෙනාගේ කැඳ හැලිය වාගෙයි යමපාලනය UNP SLFP JVP TNA

    ආඩි හත්දෙනෙක් අම්බලමක දී එකතු වූහ.

    ඔවුහු රාත්‍රී ආහාරය සඳහා කැඳක් පිළියෙල කිරීමට තීරණය කළෝය. “හැම දෙනාම හාල් මිට මිට දාලා කැඳ හදමු..” එක් කෙනෙක් යෝජනා කළේය. ඊට සියල්ලෝම එකඟ වූහ. “අනිත් හයදෙනාගේ හාල් වලින් කැඳ හැදෙනවනෙ. මම එයින් ටිකක් බොනව,මගේ හාල්මිට ඉතිරි කර ගන්නව” හත්දෙනාම මෙසේ සිතා හාල්මිට මුට්ටියට දමන බව පෙන්වා ආපසු ගත්තෝය.
    අවසානයේදී හැ‍මදෙනාටම උණු වතුර බී නිදාගැනීමට සිදුවිය.

    • SUNIL says:

      ජනාධිපති අපේක්ශකයෙක් තෝරා ගන්න බැරි තොපෙ පොහොට්ටුව තමයි කැඳ හැලිය

  7. SUNIL says:

    ගෙම්බන්පිලයා පචයා විතරක් නෙමෙයි කම්බ හොරා

  8. Hari says:

    Mewata eda dena epa meyala arba wasathe kiyala MAHAJANYA MOTTAYO KIYALA HETHANE ARABI WASANTHE MONA HADAK WELA THIYANE KIYALA TIKKA HETHANA DAN EKKATA EKA GAHA MARAGANWA

  9. දෙශපාලනයට රහතුන් නොවඩී. මද්‍යස්ථ මහජනයා ලෙස අපිට දැනෙන හොඳම ,රට ජාතියට හිතැති මහින්ද,ගෝඨාභය,දිනේෂ්,විමල්,උදය වැනි දක්ෂ ,දේශප්‍රේමී නායකයින් බහුතර මහජනයා විසින් කිසිදා අත් නොහරින බව දිගින් දිගටම ඔප්පුවෙමින් තිබේ මය් ඩියර්.

Main News