අල්ලස් ගනිද්දී ඇල්ලූ ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධනියා හා දැව සංස්ථා සභාපතිගේ සුවදුක් බලන්නට ඒකාබද්දයේ ප‍්‍රබලයෙක් වැලිකඩ හිරේට යයි..

May 15, 2018 at 10:44 pm | lanka C news
අල්ලස් ගනිද්දී ඇල්ලූ ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධනියා හා දැව සංස්ථා සභාපතිගේ සුවදුක් බලන්නට ඒකාබද්දයේ ප‍්‍රබලයෙක් වැලිකඩ හිරේට යයි..

ඉන්දීය ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලෙස ලබා ගත් රුපියල් කෝටි දෙකක මුදලක් කොළඹ ගලදාරී හෝටලයේ රථ ගාලේ මෝටර් රථයක් තුල ගණන් කරමින් සිටිනදී අත්අඩංලගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී වී.කේ. මහනාම හා හිටපු දැව සංස්ථා සභාපති පී දිසානායක යන අයගේ සුවදුක් බැලීම සදහා වැලිකඩ බන්ධනාගාරයට ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙක් ගොස් ඇත.

බන්ධනාගාරයේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියා සිටියේ එම දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කරන දිනට පසු දින ප‍්‍රභූ වරප‍්‍රසාද යටතේ මෙම ප‍්‍රබලයා බන්ධනාගාරයට පැමිණි බවයි.

එහිදී ටික වේලාවක් ඔවුන් දෙදෙනා හා කතාබස් කර ඇති ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයා පිටත්ව ගොස් ඇති අතර සාකච්චා කලේ කුමන කාරණාදැයි වාර්තා නොවෙයි.

23,166 Viewers

One Comment to “අල්ලස් ගනිද්දී ඇල්ලූ ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධනියා හා දැව සංස්ථා සභාපතිගේ සුවදුක් බලන්නට ඒකාබද්දයේ ප‍්‍රබලයෙක් වැලිකඩ හිරේට යයි..”

  1. Kamal says:

    හොරු යන්නෙ ඉතින් හොරු බලන්නමනෙ.

Main News