දවල් දානය ලැබුනාදැයි පැත්ත නොබලන අය හාමුදුරුවරු රාත‍්‍රියට කන්නේදැයි බලං ඉන්නවා..

September 25, 2018 at 6:23 am | lanka C news
දවල් දානය ලැබුනාදැයි පැත්ත නොබලන අය හාමුදුරුවරු රාත‍්‍රියට කන්නේදැයි බලං ඉන්නවා..

ශ්‍රී ලංකාවේ සැබෑ ආරක්‍ෂාව පවතින්නේ මහ සංඝ රත්නය සතුව බවත් එහි ශක්තිය බිද දැමීමට සමහර නායකයන්ට වුවමනා වී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසිය .

රටේ ආරක්ෂාවට ආණ්ඩුව,පොලිසිය හා ත්‍රිවිධ හමුදාව තිබුනත් ඊට වෙනස් වූ බලයක් ශක්තියක් මහ සඟ රුවනට ඉතිහාසය තුළින් උරුම කර දී ඇති බව කී ඒ මහතා එය මේ රටේ පදනම යැයි ද සදහන් කළේය .

හෙට්ටිගේ මහතා එසේ කීවේ,රාජගිරිය විජයාශ්‍රමය සිරි තිළිනාරාමය ලෙස නම් කර එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් පැවති උත්සව සභාව අමතමිනි .

විහාරාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ඕමාරේ කස්සප හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම උත්සවය පැවැත්විණි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

වෙහර විහාර ආරක්ෂා කර ගැනීම වගේම රට ජාතිය ආගම ආරක්ෂා කර ගැනීමේ අභියෝගයට ද අද භික්ෂුන් වහන්සේලාට මුහුණ දෙන්න සිදූ වෙලා .කිසිදා සිදු නොවුණු ලෙස ආණ්ඩුව උන්වහන්සේලාට හිරිහැර පීඩා කරනවා .අලියෙක් හොදින් හදා වඩා ගත් වරදට උඩුවේ ධම්මාලෝක හිමියන් අත් අඩංගුවට ගෙන හිර ගත කිරීමෙන් ආරම්භ වූ ඒ ඛේදනීය පළිගැනීම් තවම අවසන් වී නෑ .හාමුදුරුවන්ගේ සෙනෙහස හා ආදරය ඇතිව සිටි අලියා පන්සලෙන් ගෙන යාම නිසා හමුදුරුවන්ගෙ වගේම අලියාගේ ද දෑස් වලින් කදුලු වැටෙන්න පටන් ගත්තා . මේවා හරිම සංවේදි සිදුවීම් .රට ගැන කතා කළ හිමිවරුන් හිර ගෙදර යවනවා .ඒ වගේ සිදුවීම් රැසක් පසු ගිය වසර කීපය තුළ සිදු වුණා.පාලකයන් කළේ නිහඩව ඒ දෙස බලා සිටීමයි .

ගිහි පැවිදි බොහෝ දෙනෙක් තුළ අඩුපාඩු තිබෙන්න පුලුවන් . ගිහියන් ප්‍රසිද්ධියේ හාමුදුරුවන් වහන්සේලා විවේචනය කිරීම සුදුසු නෑ .

බොහෝ භික්ෂුන් වහන්සේලා අපහසුතා ගොඩකට මැදි වෙලා ශාසනික සේවාවේ යෙදී සිටින්නේ .දානය හරියට ලැබෙන්නේ නැති තැන් තියෙනවා .දවල් දානය ලැබුනදැයි සොයා නොබලන ඇතැමුන් හාමුදුරුවෝ රාත්‍රියට කනවදැයි නම් සොයා බලනවා .

අපි භික්ෂුන් වහන්සේලා රැක බලා ගන්න ඕනෑ .උන්වහන්සේලා උගත් බුද්ධිමත් වන තරමට බුද්ධ ශාසනය බැබලෙනවා .ඒ නිසා පාලකයන්ටද නොමග යන්න බැරි වෙනවා .භික්ෂුන් වහන්සේලාගෙන් සියයට 30ක් දියවැඩියාවට ගොදුරු වෙලා .මේවා ගැන ගිහි පැවිදි වග කිව යුතු අයගේ අවධානයට යොමු වෙන්න ඕනෑ .

භික්ෂුන්වහන්සේලා සමග වෙහෙර විහාර රැකුනොත් තමයි රටත් සමාජයත් රැකෙන්නේ .මිනිසාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බුදු දහමේ අභාෂය අවශ්‍යයි .

14,174 Viewers

2 Comments to “දවල් දානය ලැබුනාදැයි පැත්ත නොබලන අය හාමුදුරුවරු රාත‍්‍රියට කන්නේදැයි බලං ඉන්නවා..”

  1. Neutral Man says:

    Dear Mr. Hettige,

    First I thank you for your exemplary devotion to promote and educate the ordinary masses about Buddhist teachings and the Buddhist way of life and reminding them of their prime responsibilities to safeguard the 2600 year old Buddhist culture and it’s values, which have been at the pinnacle of our nation’s history.

    However it is extremely disheartening to note that Mahasanga who are supposed to be the guardians of our nation, as has been for over 2600 years, have taken a back seat, in total disregard to the imminent danger to the very existence of Srilanka as an integrated country in general and the Sinhala Nation in particular.

    It is amply evident that the cunning politicians have managed to drive a wedge between and divide the Mahasanga along political lines, probably taking the weakness of any human being for material values.

    NOW WE, THE NATION AS A WHOLE, FALL AT YOUR FEET AND BEG TO REMIND YOU THAT TIME HAS COME FOR YOU TO IRON OUT THE DIFFERENCES AND COME TOGETHER AS ONE, TO ONCE AGAIN LEAD OUR NATION AND SAVE OUR COUNTRY FROM ITS TOTAL EXTINCTION.

  2. අපේ කම බුදුන්වහන්සේ ධර්මයට සලකන නායකයෙක් බුහිවියයුතු කාලය දැන් පැමිණ ඇත. ඔබතුමාගේ කතාව සමග සම්පුර්ණයෙන්ම එකග වෙමි.

Main News