අලුත් අවුරුද්දට රතිඤ්ඤා විකිනෙන්නේ නෑ.. අවුරුදු සීසන් එකට රතිඤ්ඤා ගිනිකෙලි අලෙවි කල වෙළෙන්දෝ අනාථයි.. රතිඤ්ඤා අනතුරු නිසා එන රෝගීන් අඩුවී ආණ්ඩුවට වාසිය…

April 12, 2017 at 4:40 pm | lanka C news
අලුත් අවුරුද්දට රතිඤ්ඤා විකිනෙන්නේ නෑ.. අවුරුදු සීසන් එකට රතිඤ්ඤා ගිනිකෙලි අලෙවි කල වෙළෙන්දෝ අනාථයි.. රතිඤ්ඤා අනතුරු නිසා එන රෝගීන් අඩුවී ආණ්ඩුවට වාසිය…

අලුත් අවුරුද්දට රෙදිපිළි මෙන්ම ගෙදර දොරේ කුස්සියේ අවස්ථාවයට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙන යන ජනතාව අවුරුදු සැමරීමේදි තම දරුවන් සමඟ ප්‍රීති වීමට නැකැත් වෙලාවන්ට රතිඤ්ඤා පත්තු කිරීමත් බබර චක්‍ර, අහස් වෙඩි, නිලා කූරු ඇතුළු ගිනිකෙලි භාවීතා කිරිම දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ එන සාම්ප්‍රදායකි.

එමෙන්ම ගිනිකෙලි නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් මෙවෙනි අලුත් අවුරුදු සමයේ දි ලැබෙන අතර ඒහා ආශ්‍රිත කර්මාන්තයේ නියලී සිටින විශාල පිරිසක් මෙන්ම එවා එම සීසන් එකේ අලෙවි කර මුදල් උපයා ගන්නා විශාල පිරිසක් ප්‍රධාන මාර්ග දෙපස රැදී සීටිම ඉතා සුලභ දසුනකි.

එහෙත් මේ අවුරුද්ද තම වෙළෙඳාම අඩුවීම සම්බන්ධව අද ලංකාදීප පුවත්පත මගින් දිවයිනේ රතිඤ්ඤා වෙළෙන්දන් කිහිපදෙනෙකුගේ වේදනාව ඉදිරිපත් කොට ඇත, සමස්ථයක් හැටියට ඔහුන් කියා සිටින්නේ කූලි වැඩ හෝ වෙනත් සුලු රැකියාවක් කොට ජිවත්වන මෙම පිරිස් අවුරුදු සමයේදි ගිනිකෙලි අලෙවි කොට ලැබෙන ආදායමෙන් තම දරුවන්ට ඇදුමක් පැලදුමක් ගන්නා බවත් එහෙත් මෙම අවුරුද්දේ රතිඤ්ඤා වෙළෙඳාම අඩු වීම නිසා ජනතාවට මෙන්ම ගිනිකෙලි වෙළෙඳාම් කොට කීයක් හෝ උපයා ගත් පිරිසට මෙය ඉතාම සවුත්තු අවුරුද්දක් බවයි.

එහෙත් ආණ්ඩුවේ එක්තරා අමාත්‍යවයෙකු පවසා ඇත්තේ මේ අවුරුද්දේ රතිඤ්ඤා වෙළෙඳාම අඩුවී ඇති බවක් වෙළෙඳපොළ ආරංචි මාර්ග තහවුරු කරන බවත් ඒ අනුව අවුරුදු සමයේ රතිඤ්ඤා නිසා සිදුවන අනතුරුවල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවක් විය හැකි බවයි.
එබැවින් රතිඤ්ඤා අනතුර සම්බන්ධව ආණ්ඩුව විසින් ධානාමක ප්‍රකාශයක් ජාතික රෝහල් අධ්‍යක්ෂවරුන් හරහා ජනතාව වෙත ගෙන ගොස් එහි වාසිය ආණ්ඩුව ගත යුතු බවට අදාළ අමාත්‍යවරයා දැනුම් දී ඇත. එමෙන්ම නව අවුරුදු උදාවත් සමඟ සිදුවන අලුත් අවුරුදු රතිඤ්ඤා පත්තු වීම අඩුවීම ජනතාවගේ ජයග්‍රහණයක් ලෙසත් ඒ හරහා විශාල රතිඤ්ඤා අනතුර ප්‍රමාණයක් වලකාලීමට හැකි වූ බවත් පසුව ප්‍රකාශ කරමින් මෙම කරුණ ලෙහෙසියෙන්ම ජනතාවගෙන් යටපත් කිරීමට හැකි බවයි.

5,505 Viewers

4 Comments to “අලුත් අවුරුද්දට රතිඤ්ඤා විකිනෙන්නේ නෑ.. අවුරුදු සීසන් එකට රතිඤ්ඤා ගිනිකෙලි අලෙවි කල වෙළෙන්දෝ අනාථයි.. රතිඤ්ඤා අනතුරු නිසා එන රෝගීන් අඩුවී ආණ්ඩුවට වාසිය…”

  1. Aurora says:

    යහපාලන කාලකන්නි මකබැ උන දවසක ලංකාවේ මිනිස්සු රතිඤ ගන්න පෝලිමේ යාවි. මෙච්චර රටට විනාශයක් වෙලා තියෙන වෙලාවේ රතිඤ පත්තුකරන්න තරම් අපතයෝ දැන් හිඟයි. හැබැය් අසරණ රතිඤ හදන විකුණා මිනිස්සු ගැන කණගාටුයි.

  2. ‘Aurora’ WELL SAID agree with your above comment 1000%……..

  3. Veerasena says:

    E veladama aduwuna eka hondai
    Kochchara rivals wenavada rathinna valata

Main News