අලුත් ව්‍යවස්ථාව ඉල්ලන්නේ කවුද..සංහිදියාව කුමක්ද.. වියත් මගේදී ගෝටා කල මනරම් දෙසුම මෙන්න..

October 22, 2017 at 11:20 am | lanka C news
අලුත් ව්‍යවස්ථාව ඉල්ලන්නේ කවුද..සංහිදියාව කුමක්ද.. වියත් මගේදී ගෝටා කල මනරම් දෙසුම මෙන්න..

යෝජිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාව සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

ඔහු පෙන්වා දෙන්නේ නව ව්‍යවස්ථාවක් හෝ බලය බෙදීමක් අවශ්‍ය වී ඇත්තේ දේශපාලඥයන්ට මිස සාමාන්‍ය දෙමල ජනතාවට නොවන බවයි.

අද නව ව්‍යවස්තාවක් ගෙන ඒමට සූදානම් වන්නේ එදා ත‍්‍රස්තවාදය යුද්දයෙන් අවසන් කල නොහැකි බව කී අයම බවත් ඔහු පෙන්වා දෙයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ වියත්මඟ විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ පවත්වන ලද සම්මන්ත්‍රණයට ගම්පහ, වෙට් වෝටර් හෝටලයේ දී ඊයේ (22) එක්වෙමිනි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

වියත් මඟ සංවිධානය දේශපාලනිකව ජනතාව ඉදිරියට ගෙනියන්න කටයුතු කරන සංවිධානයකටත් වඩා බුද්ධි ඒකකයක් වශයෙන කටයුතු කිරීමටයි ආරම්භ කළේ. දැන් වසරක පමණ කාලයක් තිස්සේ අපි සමඟ වැඩ කරන වියතුන් විසින් විශාල වැඩ කොටසක් ඉටු කරලා තිබෙනවා. තවත් පිරිස සම්බන්ධ වෙනවා නම් අපිට තවත් සාර්ථකව තවත් කටයුතු ඉටු කරන්නට පුළුවන්.

අද රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. කමල් ගුණරත්න මහතා දෙවන ලුතිනන්වරයකු සිට මේජර් ජෙනරාල්වරයකු වන තුරුම ජීවිතය ගත කළේ මේ යුද්ධය අවසන් කිරීමටයි. ජනාධිපතිවරුන් පස්දෙනෙක් විවිධ ආණ්ඩු ගණනාවක් යටතේ මේ වසර තිහක් තිබුණු යුද්ධය ගැන කල්පනා කළොත් එක්තරා කණ්ඩායමක් හිටියා යුද්ධය ජයග්‍රහණය කරන්න බැහැයි කියල විශ්වාස කරපු.

යුද්ධය තුළින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ කියලයි ඒ අය කිව්වේ. විදේශීය වශයෙන රාජ්‍ය නොවන කොටස් වගේම දෙමළ ඩයස්පෝරාව කියලා ජිනීවාවලට බලපෑම් කරන කොටස් එදා කිව්වේ ලෝකෙ කොහේවත් යුද්ධයෙන ත්‍රස්තවාදය අවසන් කරලා නැහැ කියලයි. 2005 මම ආරක්ෂක ලේකම් තනතුර භාරගන්න අවස්ථාවේ දී මේ අය මට කිව්වෙත් ඒකමයි.

අපි ත්‍රස්තවාදය අවසන් කළාට පස්සේ අද මේ රටේ සුළු ජාතීන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් වශයෙන නව ව්‍යවස්ථාවක් ගේන්න කියන්නේත් මේ කණ්ඩායමම නොවෙයිද කියලා කල්පනා කරලා බලන්න. සටන් විරාම ගිවිසුම් ගේන්න කටයුතු කරපු අයම තමයි සංහිඳියාව වෙනුවෙන නව ව්‍යවස්ථාවක් ගේන්න කියල කතා කරන්නේ. එදා යුද්ධය නතර කරලා රට බෙදන්න ක්‍රියාකරපු අයම තමයි ඔවුන්ගෙ ඒ කාර්යය සංහිඳියාව තුළින් කරන්නට හදන්නේ.

අපි යුද්ධය අවසන් කළාට පස්සේ යුදමය ජයග්‍රහණයටත් වඩා ජයග්‍රහණයක් පශ්චාත් යුද සමයේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට ලබ දුන් ජයග්‍රහණ තුළින් ලැබුවා. නමුත් මේ ජයග්‍රහණය ගැන ඔය කියන කණ්ඩායම වචනයක්වත් කතා කළේ නැහැ. පශ්චාත් යුද සමයේ සංහිඳියාව වෙනුවෙන් අපි කරපු කාර්යයන්ගෙන දාහෙන් එකක්වත් මේ රජය ඇවිත් අවුරුදු තුනටම කරලා නැහැ.

අවසානයේ දී වසර ගණනාවක් තිස්සේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ගෙනාපු පළාත සභා ක්‍රමය යටතේ පළමු වතාවට උතුර පළාත් මැතිවරණය පවා පැවැත්වුවේ අපෙ රජය විසින්. මේවා ගැන කවුරුවත් කතා කළේ නැහැ. ජනතාව අතර සංහිඳියාව ඇති කරන්න පුළුවන් වන්නේ ජනතාවගෙ පොදු ප්‍රශ්නවලට විසැඳුම් දීමෙන් මිසක් බලය බෙදීමෙන් නොවයි.

මේකට හොඳම උදාහරණය තමයි ඉන්දියාව. නිදහසත් සමඟ රටවල් දෙකක් කළා. අවසානයේ දී ඒක රටවල තුනකින් අවසන් වුණේ. ලෝකයේ තියෙන ලොකුම සතුරෝ දෙන්නා බවට ඉන්දියාව සහ පාකිස්ථානය පත්වෙලා. රට බෙදුවා කියල ප්‍රශ්නය විසැඳුණේ නැහැ. ප්‍රශ්නය තමා එතැනමයි. 2009 සිට 2014 දක්වා කාලය තුළ අපි ප්‍රශ්නය අමතක කළා කියල සමහරු චෝදනා කරනවා.

ඒ චෝදනාව නඟන්නෙත් මේ බලය බෙදිය යුතුයි කියන තැන ඉන්න අය. යුද්ධය අවසන් කළාට පසුව උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසැඳීමට අපි ගත් පියවර රැසක් තිබෙනවා. අපි කරපු දේවල් ජනතාවට පැහැදිලි කර දීමෙ අරමුණ ඇතිව උතුරු සහ නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරුන් දෙපළ ලවා වියත්මඟ විසින් පොත් පිංචක් සකස් කළා.

උතුරේ හමුදාවට අයත් කරගෙන තිබුණු භූමියෙන් සියයට අනූපහක්ම නිදහස් කළේ අපි විසින්. පලාලිවල අධිආරක්ෂිත කලාපය පමණයි අපට නිදහස් කරන්න බැරි වුණේ. මම හිතන්නේ නැහැ මෙ රජය අඟලක්වත් භාර දුන්නා කියලා. මේ ගැන දෙමළ නායකයන් හෝ විදේශීය ආයතන කතා කරන්නේ නැහැ. අපෙ රජය සංහිඳියාව වෙනුවෙන් වඩාත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.

ත්‍රස්තවාදය අවසන් වීමත් සමඟ ළමා සොල්දාදුවන් අද පාසල් යනවා. අද ඔවුන්ගෙ කරේ සයනයිඩ් කරල් නැහැ. අපි එදා ත්‍රස්තවාදීන් ලෙස හිටපු තරුණයන් 14000ක් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කළා. මේවා නොවේද සංහිඳියාව වෙනුවෙන් කළ යුතු කරුණු? එදා ත්‍රස්තවාදීන්ට පිටරට සිට උපක්‍රම සපයපු, ආයුධ එවපු, මුදල් සපයපු අය රටේ ව්‍යවස්ථාව සැකසීමට මූලික වෙලා ඉන්නේ?

ඒ අයගේ වුවමනාවන්වෙනුවෙන් කරන ව්‍යවස්ථාව මොන ආකාරයේ ව්‍යවස්ථාවක්ද කියලා අපට හිතාගන්න පුළුවන්. මේකට අපෙ රටේ ඉන්න උගතුන් බුද්ධිමතුන්ට විශාල වැඩකොටසක් කරන්න පුළුවන්. රටේ පාලනය දේශපාලකයන්ට භාර දීලා ඡන්දයක දී පමණක් ඉදිරියට ඒම නොවෙයි අපි කළ යුත්තේ. උගතුන් බුද්ධිමතුන් වඩාත් ක්‍රියාත්මක විය යුතු කාලයක් දැන එළැඹ තිබෙනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

18,578 Viewers

17 Comments to “අලුත් ව්‍යවස්ථාව ඉල්ලන්නේ කවුද..සංහිදියාව කුමක්ද.. වියත් මගේදී ගෝටා කල මනරම් දෙසුම මෙන්න..”

  1. namal says:

    බුදු දහමට ප්‍රමුඛස්ථානය දුන්නා වගේ නෙමේ රටේ බහුතර ජනතාවගේ භාෂාවට ප්‍රමුඛස්ථානය දුන හොත් ජනතාවගේ දේපල කුණු කොල්ලයට විදේශිකයන්ට විකිණීම ට සහ බැඳුම්කර වංචා වැනි හොරකම් කිරීම ට අවස්ථාව නොලැබේ.

  2. Samarapala says:

    නිර්භයව ඇත්ත ඇතිසැටියෙන් සරළව කීම ගැන ඔබට අපගේ උත්තමාචාරය.

  3. hitan gedara appuhami says:

    මැතිදුනි, ඉතා හොඳ විග්‍රහයක්, පැහැදිලි කිරීමක්. ඔබට ස්තුතියි.
    සිංහල, දෙමල, මුස්ලිම් රටට ආදරය කරන සාමාන්‍ය ජනතාව තමුන්ගේ ඇස් ඇර, කන් යොමා, පැහැදිලි මනසින් සිතා බලන්න මේ කියන දෙය කොතරම් සත්‍යද කියා. පැහැදිලිවම එදා යුද්ධයට විරුද්දව ක්‍රියා කල කණ්ඩායම් මෙන්ම, ත්‍රස්තවාදය යුද්ධයකින් ජයගත නොහැකි යයි කියමින්, ඔවුන්ගේ ඉල්ලීම් ලබා යුතු බව කියමින්, සාකච්චා නොමැතිව මෙය විසදිය නොහැකි බවට කෑ මොර දුන්, රට වට සුදු නෙළුම රැගෙන හමුදා මානසිකත්වය බිද වට්ටවමින්, හමුදා ශක්තිය අවතක්සේරු කරමින් ගිය, ලොව වටා ගතු කේලම් කියමින් ගිය අයම නේද දැන් මේ රනිල් සහ ඔහුගේ බෙදුම්වාදී නඩය වටා ගොනුවී අලුත් ව්‍යවස්ථාවක් මගින් රට අරාජික කිරීම සදහා දගලන්නේ.
    ශ්‍රී ලංකාව දියුණු වීමට උත්සාහ කරන, නමුත් බටහිර කුහක බලවතුන් සහ අසල්වාසී කුහකයින් ඊට විරුද්ධ කම් කරන සහ රටට ආදරයක් නොමැති පාලකයින් සිටින රටක්.
    අපට අවශ්‍ය 1. පුර්ණ බලය සහිත විධායක ජනාධිපතිවරයෙක්.
    2. කොට්ඨාස ක්‍රමයට තෝරා ගන්න මන්ත්‍රී මණ්ඩලයක්. ( අනු මන්ත්‍රී මණ්ඩලයක් හෝ අනුපාත ක්‍රමයක් හෝ චිට් මන්ත්‍රී ක්‍රමයක් රටට අවශ්‍ය නොවේ. මේවා අවශ්‍ය දේශපාලනය රැකියාව කරගත් හොර රැලටය)
    3. ග්‍රාමීය පාලනය සඳහා පැරණි නගර සභා සහ ගම්සභා ක්‍රමය. (පළාත් සභා ක්‍රමය මේ කුඩා රටට කොහෙත්ම ගැලපෙන්නේ නැත.)
    බහුතර සිංහල,දෙමල,මුස්ලිම් ජනතාවට අවශ්‍ය කරනුයේ ජීවන තත්වය ඉහල මට්ටමට ගෙන එම මිස වෙනත් කිසි දෙයක් නොවේ. පාලකයින්ට අවශ්‍ය නම් “අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද / නැද්ද” යන්න පමණක් විමසා ජනමත විචාරණයක් පවත්වන්න. එවිට බහුතර රටවැසියාගේ අවශ්‍යතාවය තේරුම් ගත හැක.

  4. asaranaya says:

    මහත්තයෝ! හිටන් හුටන් සකලබුජන්ට මග හිටියොත් ඌ නසී- ගෙදර ගියොත් උගේ අඹුව නසී යන නිය්යාට අහුවෙලා,.
    දැන් කලයුත්තේ ජොණි බට්ටෙකුගේ සන්ග්‍රහයකට භාජනය කිරීමයි., මල් වඩම් අනවශ්යයි. සෝබිත ලඟ සමාදානයේ සැතපෙන්න පුලුවනි.

  5. sakalasuriya says:

    ara ” bada eliya ” samanthrana iwarada da n ??

    • සිංහ says:

      උඹල ඡන්ද වලට බයේ ඉන්නෙ උඹලට බඩ එලිය යයි කියල නේද?

  6. lakmalie says:

    me Pal horu ayith novimata wada balagathanam hondai!

  7. W Aru says:

    Oba kawada ho me rate nayakayek viya uthumai . Dear Sir Api obasamagai . Yahapathakma vewa .

  8. Niro* says:

    Viswasaya kala haki ekama nayakaya obai
    Rate nayakathvaya Labagena Rata araksha karanna
    api Oba samagai
    Jayawewa !!!!!!

  9. wickka says:

    Thanks for the attempt

  10. love nature says:

    දෙමල ජාතිවාදය ඇති වුනේ දෙමළුන්ට ඇති අසාධාරණයක් නිසා නොවේ .සිංහලයන්ගේ රටේදී සිංහලයන් අභිභවා යාමේ බල කෑදරකම නිසාය. ලන්දේසි හා ඉංග්‍රීසින්ගේ කම්කරුවන් ලෙස ආ වෙල්ලාලයන් ට සිංහලයන් මර්ධනය හා යටපත් කිරීම සඳහා ඉංග්‍රීසින් විසින් දුන් විශේෂ වරප්‍රසාද නිසා බටහිර අධ්ධ්යාපනයෙන් හා ධන බලයෙන් වර්ධනය වුහ .ඉංග්‍රීසීහු මොවුන් රටේ ඉහළපෙලේ තනතුරුවලට පත් කර තමන්ගේ පරම හ තුරන් වූ සිංහලයෝ උන්ගෙන් පාලනය වන අන්දමට රාජ්‍ය තන්ත්‍රය සකස් කළහ. මින් මත්වූ දෙමලුතමන්ගේ විශේෂ වරප්‍රසාද රැකගැනීමට අසාධාරණ ක්‍රියාවලියක නිරත වුහ .මේ මානසිකත්වය ඔවුන් තුල ඇති කලේ ඉංග්‍රීසින් විසින්ය
    අසාධාරණයක් වී ඇත්තේ සින්හලයාටය . සිංහලයන් ,සිංහලයන් වීම නිසාම ඔවුන්ට පැරණි රුහුණු රටෙන් හා පිහිටි රටෙන් කොටසක් එනම් වත්මන් උතුරු නැගෙන හිර පලාත් අහිමි වී ඇත .

  11. Power says:

    අතීතයේ අපේ හෙළ රජ දරුවන් පවා අපේ මාතෘ භූමිය අනතුරකට පත්වන සෑම මොහොතකම පෙරමුණ ගත්තෙ සැබෑ දේශමාමකත්වයෙනි. අතීතයේ විසූ සැබෑම අපේ හෙළ දරුවන් නැවත ඉපඳ අපේ කාලයේදීත් රට දැය රැකුමට පෙරමුණ ගෙන ඇත.

    ගෝඨාභය නම් වූ සැබෑ වීර පුතුණි, ඔබතුමන්ට උතුම් වූ දළඳා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා..!

  12. sarnapala says:

    Mata Pissu Kiyagena Yudda Kale Rata Panapu Ekkena Neda ?

  13. Simion says:

    Okata “Wipath Maga” Kiyalane nama daala thibune ?

Main News