අලුත් ව්‍යවස්ථාවෙන් රනිල් විධායක අගමැති කරන්න අලුත් පත්තරයක් එයි.. ලක්ෂ ගණන් වැටුප්..

October 3, 2017 at 3:50 pm | lanka C news
අලුත් ව්‍යවස්ථාවෙන් රනිල් විධායක අගමැති කරන්න අලුත් පත්තරයක් එයි.. ලක්ෂ ගණන් වැටුප්..

ව්‍යවස්ථාව කෙසේ හෝ සම්මත කර මැතිවරණයකින් තොරව රනිල් වික්‍රමසිංහ විධායක අගමැති ධූරයට පත් කිරීමේ වැඩපිළිවෙළට සූක්ෂමව සහාය පළ කිරීමේ අරමුණෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනයක් නව දිනපතා පුවත්පතක් මුද්‍රණය කිරීමට සැරසෙන බව වාර්තා වෙයි.

බැඳුම්කර බැඳුම්කර පුවත්පත කඩා වැටෙන ලකුණු පෙනෙන්නට ඇති හෙයින් නව පුවත්පත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් නව පුවත්පත සඳහා ආයතනයේ මාධ්‍යවේදීන් කිසිවෙකුත් සම්බන්ධ කර නොගැනීමට තීරණය කර ඇති අතර අවශ්‍ය කාර්ය මණ්ඩලය ඉතා ඉහළ වැටුප්වලට පිටතින් බඳවා ගැනීමට තීන්දු කර තිබෙන බවද සදහන්ය.

ඒ අනුව එහි  කර්තෘවරයා වශයෙන් රුපියල් ලක්ෂ එකහමාරක වැටුපකට අයෙකු පත් කර ඇති අතර රුපියල් ලක්ෂය බැගින් වැටුප් ගෙවා තවත් මාධ්‍යවේදීන් 15ක පමණ කණ්ඩායමක් ඉදිරියේ දී බඳවා ගැනීමටත් සැලසුම් කර ඇත.

නොවැම්බර් මස 01 වැනි දා මෙම පුවත්පත වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත අතර රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශනයක් බව නොපෙනෙන පරිදි ජනතාවට අලෙවි කිරීමට සැලසුම් සකසමින් තිබෙන බවත් වාර්තා වේ.

ගෙවුණු වසර දෙකහමාරක කාලය තුළ ආයතනය විශාල වශයෙන් පසුබෑමකට ලක්ව තිබිය දී ඒවා නඟා සිටුවීමට කිසිදු උත්සාහයක් නොදරා විශාල පිරිවැයක් දරමින් නව පුවත්පතක් ආරම්භ කිරීම සේවක සේවිකාවන්ගේ සැකයට තුඩු දී තිබේ.

මෙම පුවත්පත සඳහා මෛත්‍රී පාර්ශ්වයේ කිසිවකු සම්බන්ධ කර නොගැනීමටත් අගමැතිවරයාට සමීප මාධ්‍යවේදීන් පමණක් යොදවා ගැනීමටත් තීන්දු කර ඇති අතර ඉහළම පෙළේ කිහිපදෙනකු හැර  කිසිදු සේවකයකු මේ ගැන නොදන්නා බවත් වාර්තා වේ.

– අන්තර්ජාල වාර්තා ඇසුරිනි

12,503 Viewers

2 Comments to “අලුත් ව්‍යවස්ථාවෙන් රනිල් විධායක අගමැති කරන්න අලුත් පත්තරයක් එයි.. ලක්ෂ ගණන් වැටුප්..”

  1. daham says:

    ane Mr. Clean dan Mr. Dirty wela ivarayi. bandumkara komisame report eka aavaama thawath kunu thawarenawa. bandumkareta usaviye naduwak watunotha hatpolema kunu thamayi. eyage despaalaneth ivaretama ivarai. ayi ussala ganna nam baha. eka thamayi aththa.

  2. prasad says:

    කොහොමත් දැන් ඉන්නේ විධායක අගමැති කෙනෙක්නේ ජනාධිපතිගේ විධායකය නමට පමනයි

Main News