රනිල්ට ඉල්ලා අස්වන්නැයි ජනපති දන්වයි.. අලූත් අගමැතිවරයෙක් පත් කරගන්නැයි එජාපයට දන්වයි.. රනිල් සමග තීරණාත්මක හමුවක් ජනපති මැදුරේ..

February 13, 2018 at 12:02 am | lanka C news
රනිල්ට ඉල්ලා අස්වන්නැයි ජනපති දන්වයි.. අලූත් අගමැතිවරයෙක් පත් කරගන්නැයි එජාපයට දන්වයි.. රනිල් සමග තීරණාත්මක හමුවක් ජනපති මැදුරේ..

අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ පැවැත්ව තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත්කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් දී තිබෙන බව ද ඉහත කී අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදුකිරීමට සූදානම් නැති අතර, එවැන්නක් සිදු විය යුත්තේ සිය පක්ෂය තුළින් බව මේ අතර අගමැතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එවැනි ශ්‍රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බවය.

එමෙන්ම එජාපය දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එවිට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අදහස ඉවත්කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවනු ඇති බව ද ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

– BBC

58,993 Viewers

28 Comments to “රනිල්ට ඉල්ලා අස්වන්නැයි ජනපති දන්වයි.. අලූත් අගමැතිවරයෙක් පත් කරගන්නැයි එජාපයට දන්වයි.. රනිල් සමග තීරණාත්මක හමුවක් ජනපති මැදුරේ..”

  1. Trumph says:

    Great. This would be the Right My3.

    • යලි පුපුදමු says:

      රටට ආදරේ කරන බහුතරයක් එක්සත්ජාතික පාක්ෂිකයන්ගේ පැතුම “පාඨලී “එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වනු දැකීමයි .ජනපතිතුමනි .රට පාවා දෙන තීරණ නොගන්නා රටට ආදරේ පාඨලී අගමැති තනතුරට පත්කරන්න . එක්සත් ජාතික පාක්ෂිකයන් ඔබ සමගයි

      • Bogalle says:

        Patali cannot be the leader of UNP according to the UNP constitution. Only UNP members can hold offices and Patali is a member of Hela Urumaya????

        • නැවුම් මාවත says:

          තාක්ෂණික හේතු නිසා ඔහුගේ නායකත්වය ප්‍රතික්ෂේප කිරීම මෝඩකමක් .පාඨලී අවශ්‍ය කරුණු සාදක වෙලාවට ඉෂ්ට කරාවි වැදගත්ම දේ එක්සත්ජාතික පාක්ෂිකයන් පාඨලීට දක්වන කැමැත්ත පක්ෂයේ නායකයන් තේරුම් ගැනීමයි .එක්සත් ජාතික පක්ෂය දැන් තෝරා ගතයුතුයි දිගටම සජිත් බබා හරි ,වෙනත් දියාරු චරිත දාගෙන පක්ෂය තවත් පහලට යනවද එහෙමත් නැතිනම් පාඨලිව අගමැති හැටියට පත්කරගෙන අනාගතයේ පක්ෂය තවත් දියණු වෙනවද කියල .

          දැන් අපේ පක්ෂයේ ඉන්නේ කවුද අගමැති කමට සුදුසු ?
          සජිත් ප්‍රේමදාස ඉතාම ලඳ බොළඳ සිනි බෝල චරිතයක් ,නවින් දිසානායක නිකන් හිටියත් නෑ වගේ චරිතයක් , කරු වයස වැඩියි ,රවී විජාතික අදහස් සහ බැංකු මංකොල්ලය ,හරින් ප්‍රනාන්දු මෝඩයි ,දයා ගමගේ වියාපාරික නිසා ගැලපෙන්නේ නෑ ඔහුට විවිද විෂම චෝදනා තිබෙනවා .හර්ශාචරිය හත් පොලේ ගාගන්නවා .සාගල රනිල් වගේම චරිතයක් නිසා ගැලපෙන්නේ නෑ
          මේ කාටවත් පැහැදිලි දේශපාලන දර්ශනයක් නෑ රට ගොඩනගන්න ඕනා කෙසේද කියා අවබෝදයක් නෑ නිකම්ම එන එන විදියට බැට් කරනව් පමණයි .

          “””රට ගොඩනගන්න ඕනා කොහොමද කියල පැහැදිලි අදහසක් තියෙන්නේ
          පාඨලී චම්පිකට පමණයි

          • Dushantha says:

            පච රණවකයා කියන එකා මිනිස්සුන්ට පෙන්නන්ඩ බෑ. දෑක්කනෙ මිනිහගෙ ආසනේ රිසල්ට් එක. අනික හූ ඈම් පී කාරයො මේ කොහොවත් ඉන්න පචයෙක්ව තමුන්ගෙ නායකයා කර ගනියිද. ඕවා දෑන් යන එන මන් නෑතිවෙලා ඉන්න පචයගෙ දවල් හීන.

      • Amda says:

        පිස්සුද බන්? ඌ මොකෙක්ද? ධර්ම රාජ්ජේ අතරමන් වූ හීරලුවෙක්

    • සුමිත්‍ර says:

      එක්සත් ජාතික පක්ෂයේ ඊලග නායකයාට සුදුස්සා චම්පික .
      එයා එක්සත්ජාතික පක්ෂයට නැති දේශප්‍රේමය පක්ෂයට ගෙනාව එයා වටේ මිනිස්සු එකතුවෙනවා .
      රට පාවල දෙනවට විරුද්ද චම්පික රණවක නිසා එක්සත්ජාතික පක්ෂය ගැන මිනිසුන්ගේ තියෙන අකමැත්ත නැති වෙන්ව

      • Dushantha says:

        ඒවගෙ පචයෙක්ට වෑඩිය ඉන්න රනිලා හොඳයි. ඈයි ඌමනෙ කිව්වෙ රනිල් දෑන් හරි හොඳයි වෙනස් වෙලා කියලා.

    • Susanthika says:

      This is not right!

      Why only Ranil?

      Both Ranil and M3 were totally defeated.

  2. kolitha says:

    මේ සියල්ලම පොහොට්ටුව අමාරැවේ දාන්න කරන යටි කූට්ටු සෙල්ලම්ය.. කෝ්……දැන් බැදුම්කරේ……

  3. nalaka says:

    ඒකාබද්ධ විපක්ෂය දිය කිරීමේ 3වන මෙහෙයුම…

  4. Pulathissa says:

    Maga hitiyath gedara giyath thopi siyallama nasi nasi.

  5. nihal says:

    පළාත් සභා චන්දය කෙතරම් සුළු එකක් වුනත් මෙම චන්දදායකයින්ම තමා පාර්ලිමෙන්තු මැතිවරණයක් තිබ්බත් චන්දෙ දාන්නෙ. ආයෙ පිට රටින් ගේනවයැ. පැරදුන් ඇමතියන් තවමත් පුහු තර්ක ඉදිරිපත් කරනවා. මහජනතාව පැහැදිලිවම ප්‍රකාශ කරල තියෙනව තමන්ගේ මතය.
    කළ යුත්තේ එකම දෙයයි. දිනූ පක්ෂයට ආණ්ඩුව භාර දෙන එකයි. ආයේ පාර්ලිමෙන්තු මැතිවරණයක් තිබ්බොත් ඒ සඳහා වැය වන කෝටි ගණනක මහජන මුදල් අපරාදෙ. යතාර්තය අවබෝධ කර ගත්තොත් හොඳයි.
    අඩු ගානේ හොඳ විශ්‍රාම සුවයක් වත් විඳින්න පුළුවන් වෙයි.

    • lol says:

      බය්යෝ කියන්නේ නිකන්යැ 😀 , ගොනෝ එහෙනම් එක මැතිවරණයක් තියල ජනාදිපති , අගමැති , ඇමති සෙට් එක , පළාත් සබා ඔක්කොම තෝරන්න පුළුවන්නේ

  6. පිස්සුද බං says:

    නපුන්සකයෝ කවද්ද බං තාත්තෙක් වෙන්නේ? අල්ලපු ගෙවල්වල උන්ට පින්.

  7. හිටං හුටං says:

    ඇයි මේ රනිල් විතරක්? මයි තුන දිනලද? මේ පාන්ඩුවේ ඉන්න එකෙකුටවත් ඉන්න සදාචාරාත්මක අයිතියක් නැහැ.

    • Amda says:

      අන්ත පරාජයක් ලැබුවේ රනිල් නොවේ, my3

      • බෙර හඬ says:

        ඇත්ත.. රනිල් නොසිටින්න මයි3 කොහොමද ජනාධිපති වෙන්නේ? කලගුණ නොදත් දේශපාළුවෝ… රනිල් තාම මෛත්‍රී අඳුනනේ නැ. එකට ඉඳලා මහින්ද මහතාට බඩට ඇන්නේ නැද්ද?

  8. Nandasoma Suriyaarachchi says:

    රනිල්ට වඩා අන්ත පරාජයක් ලැබූ ජනාධිපතිත් ඉල්ලා අස් විය යුතුයි……

  9. විශ්ලේෂකයා says:

    පසුගිය මහා මැතිවරණයේදී රට තුල ස්ථාවර රඡයක් පිහිටුවීම වැලැක්වුයේ ඡනපතියි.. ඔහුගේ ඒකායන අරමුණ වූයේ එඡාප රඡයක් බිහිවනු දැකීමයි.. නමුත් මැතිවරණ ව්‍යාපාරයේ දී එඡනිසය බලයට ඒමේ වැඩි ප්‍රවනතාවයක් තියෙන බව පෙනුන නිසා තමයි අවසන් මොහොතේදී ඔහු ඡාතිය අමතා ප්‍රකාශ කලේ මං අනාරක්ෂිතයි කියලා මට තේරුන හින්දා තමයි මං ලේකම්වරු දෙදෙනා ඉවත් කලේ කියලා සහ දිනුවත් මං මහින්දට අගමැතිකම දෙන්නේ නෑ කියලා කිව්වේ.. ඒ තුලින් පාක්ෂිකයා අන්දමන්ද කිරීමේ ප්‍රථිඵලය වූයේ එඡාපයට වැඩි වාසියක් ලැබීමයි.. නමුත් සිදු වුනේ කිසිවෙකුටත් බහුතර බලයක් නොලැබීමයි.. එම තත්වය ප්‍රයෝඡනයට ගෙන ශ්‍රීලනිපයද ඊට හේත්තු කර රඡයක් පිහිටුවීමට කටයුතු කල අතර වරප්‍රසාදවලට කෑදරකමක් ඇති ඇතැම් ශ්‍රීලනිප මන්ත්‍රීවරුද ඡනමතයට පයින් ගසා රඡයට එක්වුනා.. නමුත් අද ඡනතාවගේ තීරණය මත සියළු දෙනාම අන්දමන්ද වෙලා… රට තුල දේශපාලන අස්ථාවරබාවයක් ඇති වුවහොත් අපේ රටට ආයේඡන ගලා ඒම නතර විය හැක.. රට අරාඡිකත්වයට පත් නොකර මීට දිය හැකි හොඳම විසඳුම වන්නේ ස්ථාවර රඡයක් පිහිටුවීමයි.. මහ මැතිවරණයක් කැඳවීම හොඳම විසඳුමයි.. නමුත් අන්තිම මොහොත දක්වා බලය රැක ගැනීමට දරන ප්‍රයත්නය නිසා කුමකින් කුමක් වේ දැයි අනාවැකි කිව නොහැක.. රටවැසියා උපේක්ෂාවෙන් යුතුව බලා සිටී..

  10. ටොපි මල්ලි says:

    රනිල්ට ටොපි නම් ඔයාටත් ටොපි

  11. Ajith SL Patriot says:

    Sri Lanka needs a “REGIME CHANGE” effective immediately. Both President and Prime Minister must dissolve the government and call for Presidential/Parliamentary elections. Continue the present government without the people’s mandate is not healthy for Sri Lanka.

  12. Upul says:

    Why are you asking him to step down? Please send him home. You have that authority and use it NOW.

  13. UNP says:

    President should desolve the parliament. Changing Ranil up to UNP

  14. gorila says:

    යකෝ රනිල් ඉල්ලා අස්වෙන්න ඔනේනම් තෝ ඊට කලින් ඉල්ලා අස්වෙන්න ඔනෙනේ තොට රනිල් තරම් වත් චන්ද නැනේ. මේක තනිකරම බොරු නිව්ස් එකක් හිටංට ඔහොම කියන්න බැ යකෝ.

  15. TOMPA says:

    මහින්ද මහතා ලබා ගත්තේ ඓතිහාසික ජයකි.

    නමුත්, එතුමාගේ ගෝලයෝ ටික, ගම කෑවොත්, මහා මැතිවරණය මහින්ද මහතා පරාද වනවා . ගිය පාරත් වුනේ ඕක!

  16. සාධාරණ මිනිසා says:

    රනිල් අගමැති කමෙන් හෝ පක්ෂ නායකත්වයෙන් ඉවත් වීම එ.ජා.ප.යේ මතයට අනුව වියයුතුයි.චන්දයෙන් පරාජය වී පිනට ඇමතිකම් ලැබූ SLFP ඇමතිවරුන් ට හා මෙම චන්දයෙන් බරපතල පරාජයක් ලැබූ ජනාධිපති වරයාට රනිල් ට අගමැති කමෙන් ඉල්ලා අස්වීමට කීමට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත

Main News