අලූත් ආරම්භයකට සූදානම්.. විමල් ජනපති අමතා කියයි..

June 13, 2018 at 2:10 pm | lanka C news
අලූත් ආරම්භයකට සූදානම්.. විමල් ජනපති අමතා කියයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

‘කර්නල් රත්නප‍්‍රිය බන්දු ආදර්ශය’ තුළින් ජාතික සමගිය සඳහා නව ප‍්‍රවේශයක් ගැනීම

බෙදුම්වාදී ම්ලේච්ඡු යුද්ධය පරාජය කොට ලක්‍ෂ 3කට අධික අහිංසක සිවිල් ජනතාව ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදාගැනීම සඳහා දියත් කළ අවසන් සටනේදී විරෝදාර ආරක්‍ෂක හමුදා මෙන්ම රටේ පොදු ජනතාව ද ඉතා උසස් මානුෂික ගුණාංග ලොවට ප‍්‍රදර්ශනය කළහ. නමුත් ඒ උසස් ගුණය අ`ගය කිරීම සහ ඒ තුළින් සැබෑ ජාතික සංහිඳියාව සඳහා පාලමක් ඉදිකිරීමට ජාතියක් ලෙස අපි අසමත් වූහ. ඊට ප‍්‍රධාන වශයෙන්ම හේතු වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් ‘මානව හිමිකම් කෙවිට’ වනමින් ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අත දැමීමට පටන් ගැනීම බව ඔබතුමා ද පිළිගන්නවා ඇත.

එතැන් පටන් සංහිඳියාව නාමයෙන් දියත් වූයේ සිංහල, දෙමළ මුස්ලිම් ජාතිකත්ව එක් කිරීමට වඩා දුරස් කිරීමට හේතු වන ක‍්‍රියාමාර්ග බව ද ඔබතුමා පිළිගන්නවා ඇත. එසේ වුවත් පසුගිය දිනවල අපට ඒ අඳුරු වලා තුළින් ඉතා දුර්ලබ රිදී රේඛාවක් දැකගත හැකි විය. කර්නල් රත්නප‍්‍රිය බන්දු නම් වූ සුවිශේෂී මිනිසකු විසින් ත‍්‍රස්තවාදී සැකකරුවන් පුනරුත්ථාපනය කිරීමේදී සහ විශ්වමඩු ප‍්‍රදේශයේ ජනතාවගේ දුක සැප බැලීමේදී පෙන් වූ උසස් මානුෂික ගුණාංග ඒ ජනතාවගේ හදවත් තුළ කොතෙක් ගැඹුරින් සටහන් වී ඇත් ද යන්න අපි දුටිමු. ඒ ජනතාවගේ කඳුළු තුළින් දිස්වූ ඔවුන්ගේ හදවත්, අප කියවූයේ ද කඳුළු පිරි දෙනෙතිනි. ඒ ආදර්ශය සිංහල, දෙමළ, මුස්ලිම් සමස්ත ජාතියටම අ`ගනා පාඩමක් කියා දී ඇත.

ඒ නිසා එම ආදර්ශය තවදුරටත් මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඔබතුමා ඉදිරිපත් වනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ සඳහා ආරම්භයක් ලෙස විශ්වමඩු ජනතාවගේ ඉල්ලීම පරිදි ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උසස් වූ නිලධාරියාට නැවත ඔහු දැරූ වගකීම පවරන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. ඊට බාධා වන එම නිලධාරියාගේ පුද්ගලික දුෂ්කරතා ඇත්නම් ඒ පිළිබඳව ද සොයා බලා පිළියම් යොදන ලෙස ද ඉල්ලා සිටිමු.

විමල් වීරවංශ (පා.ම)
නායක
ජාතික නිදහස් පෙරමුණ

39,295 Viewers

8 Comments to “අලූත් ආරම්භයකට සූදානම්.. විමල් ජනපති අමතා කියයි..”

  1. Kolitha says:

    ranilgenui chandrikagenui pirimi nurse genui rathu alipayiyagenui ahala kiyannam.

    • Kamal says:

      නඩු ටිකත් අයින්කරපන් මගෙ දෙයියො…මම දැන් කලු සුද්දෙක් වෙන්නයි යන්නෙ..

  2. rathne says:

    Thanks Wimal. You are doing wonderful job by opening the minds not only public but also so called president of Sri Lanka.

    • ගිරවා says:

      ජාතිය රන් විමනක් වේ
      ආගම මිණි පහනක් වේ
      එය රැක ගන්නට මෙලොවේ
      සමත් වෙතොත් පුත නුඹ වේ
      තමන් ලැබූ දිවි පෙවෙතේ
      කොටසක් රට සමය වෙතේ
      පුද නොකළොත් නුඹෙන් පුතේ
      මෙලොවට කිසි පලක් නැතේ

  3. Gotaimbara says:

    I only hope Joker Sirisena has watched TV and read Newspapers to understand what is real Sanhindiyava displayed by the people of Vishawamadu.

    • JOY says:

      කර්නල් රත්නප‍්‍රිය බන්දු ආදර්ශය..අද උතුරේ ජාතිවාදී කොටි දෙමළ දේශපාලකයන්ට දෙමල ජාතිකයන්ගෙන් ලද කනේ පහරකි
      ජාති වාදය බෙදුම්වාදය පරදවා සමගින් ජිවත් වීමට සියලු දෙනාම එක්වෙයව්

  4. maraya says:

    විමල් විජයකලා මා සමග අමනාප වේවි

  5. Samuvel says:

    විමල් මහතා, ඊයේ පෙරේද සිවාගිලින්ගම් කියල තිබුන මෙසේ හමුද කර්නල් කෙනෙකුට උපහර පිදීම කොටින්ට කරන නිග්රහයක් කියල. අපිට උවමනා දෙමල ජාතිය සමග සන්හිදියාවකට මිසක හිටපු කොටි හෝ දැන් ඉන්න කොටි කියන දේවල් කිරීම නොවන බව මේ හිවල් කොටියා දැනගත යුතුය. මේ දේවලින් පෙනෙන්නේ යහපාලන රජයට අවශ්‍ය සන්හිදියාව යනු, දෙමල ජාතික සන්දානයේ මන්ත්‍රීවරුන්ගේ මනාපයයි. දෙමල සාමාන්ය ජනතාවගේ හඬ නොවේ.ජාතික ගීය දෙමලෙන් ගැයීම නීතිගත කර මහා සන්හිදියා වැඩක් කරා යයි සිතන අපේ අමනයින්ට පාඩමක් කියා දෙමින්, සින්හලෙන් ජාතික ගීය ගයමින් හිටපු කොටි සාමාජිකයින් මේඅවස්තාවේ අපේ සින්හල විරු නායකයාට උපහාර කලා.ඔවුන් පවා සන්වේදී කරවූ මේ සිද්දිය කොටින්ට අගව්රුවයක් කියන, ප්‍රසිද්දියේ තහනම් කල කොටි හඬ නගන මේ කොටියා ජාතීන් අතර බේද ඇතිකරලීමේ ප්රකාශ නිකුත් කිරීම වෙනුවෙන් අත් අඩන්ගුවට ගන්න මේ අපේ නිවට මහ එවුන්ට බැරිය. එනමුදු මේ වෙනුවෙන් අපේ බොදු ස්වාමීන් වකන්සේ නමක් කතා කලා නම් විගසම අත්අඩන්ගුවට ගනු ඇත.

Leave a Comment

Main News