අලූත් දොස්තර ආ ගමන් දුමින්ද සිල්වාගේ ටිකට් කපා සිරකුටියක සිර කරයි.. අසාධ්‍ය වී යළිත් රෝහලට…

October 5, 2017 at 1:20 pm | lanka C news
අලූත් දොස්තර ආ ගමන් දුමින්ද සිල්වාගේ ටිකට් කපා සිරකුටියක සිර කරයි.. අසාධ්‍ය වී යළිත් රෝහලට…

බන්ධනාගාරගතව සිටින හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා රෝගී තත්වයෙන් යුතුව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම ඔහුගේ ටිකට් කපා බන්ධනාගාර සිරමැදිරියකට යොමු කර ඇතිබව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියමය මත බන්ධනාගාර රෝහලට පැමිණි වෛද්‍යවරයකු වහාම දුමින්ද සිල්වාගේ ටිකට් කපා බන්ධනාගාර සිරමැදිරියකට දමන ලෙස දැනුම්දී ඇති අතර අනෙකුත් වෛද්‍යවරුන් ඊට කිසිඳු අනුකුලතාවයක් දක්වා නොමැත.

අමාත්‍යංශයේ නියමය මත පැමිණි වෛද්‍යවරයාගේ බලපෑම මත දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ සිට ගිලන් රථයකින් රැගෙන ගොස් බන්ධනාගාර සිරමැදිරියකට දමා තිබේ.

කෙසේවුවද එදින රාත්‍රී ඔහු දැඩි ස්වසන අබාධයකට ලක්ව ඇති අතර බන්ධනාගාර නිලධාරීන් වහාම ඔහු යලිත් බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබේ.

මරණ දණ්ඩනයට ලක්ව බන්ධනාගාරගතව සිටින දුමින්ද සිල්වාගේ මොළයට දැඩි හානි සිදුව ඇති බවට නව දෙනෙකුගෙන් යුත් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් මගින් මිට ඉහතදී සිදුකළ පරීක්ෂණයකින් පසු නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දුමින්ද සිල්වා, නිරන්තර වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු රෝගී තත්ත්වයක පසුවන බවයි.

දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් සපයන ලෙසට, කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් මෙම වාර්තාව සකස් කර තිබිණ.

එය කොළඹ මහාධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරිය වන ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය වෙත යොමු කර තිබුනේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් යුතුවය.

මෙම වාර්තාවට අනුව වෛද්‍ය මණ්ඩලය, දුමින්ද සිල්වා සී.ටී. ස්කෑන් පරීක්ෂණයකට භාජනය කර ඇති අතර, ඒ අනුව දැක්වෙන්නේ ඔහුගේ හිස්කබලට සහ මොලයට දැඩි හානි සිදුව ඇති බවයි.

ඔහුගේ මොලයෙහි ඉදිරිපස කොටසෙහි, හිස් කබලේ බිඳී ගිය කොටස් සහ උණ්ඩ කොටස් තැන්පත්ව ඇති බවත්, ඇතැම් උණ්ඩ කොටස් මොලය අභ්‍යන්තරයට කිඳා බැස ඇති බවත් එහි සඳහන් වේ.

ඔහුගේ මොලයේ කොටස් කිහිපයක ඉදිමීමක් සිදුව ඇති බවද වෛද්‍ය මණ්ඩලය සිය වාර්තාවෙන් ප්‍රකාශ කරයි.

වෙඩි වැදීමෙන් පසුව සිංගප්පූරුවේදී සිදුකළ සී.ටී. පරීක්ෂණය හා සැසඳීමේදී සිය වෛද්‍ය මණ්ඩලය මගින් සිදුකළ සී.ටී. ස්කෑන් පරීක්ෂණයේ වෙනස්කම් කිසිවක් නොමැති බවද මෙම වාර්තාවේ සඳහන්වේ.

මොලයේ සහ හිස්කබලේ සිදුව ඇති අදාළ ආබාධ සහ සංකූලතා හේතුවෙන් දුමින්ද සිල්වාට විවිධ රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බවද වෛද්‍ය මණ්ඩලය පෙන්වා දෙයි.

එසේම ආතතිය සහ සංකීර්ණතා මත එම රෝගී තත්ත්වයන් වැඩිවීමේ අවදානමක් පවතින බවද එහි සඳහන්වේ.

සිංගප්පූරුවේදී නිර්දේශ කළ පරිදි ඔහුට ශ්වසන උපකරණ භාවිත කිරීමට අවශ්‍ය බව මෙම වෛද්‍ය මණ්ඩලය මගින් තවදුරටත් තහවුරු කර ඇත.

හිසට මාරාන්තික වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වූ දුමින්ද සිල්වා ප්‍රතිකාර සඳහා ප්‍රථමයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ අතර, එහිදී ඔහුගේ හිස්කබලෙන් අඩක් ඉවත් කෙරින.

අනතුරුව සිංගප්පූරුවේදී සංකීර්ණ සැත්කම් දෙකක්ද සිදුකර තිබිණ.

පෙර වෛද්‍ය වාර්තා සහ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලය මගින් ලබාදුන් වාර්තාව අනුව ඔහු තවදුරටත් අවදානම් තත්ත්වයක පසුවන බව යළි යළිත් සනාථ වේ.

රෝගයක් සඳහා ප්‍රතිකාර ලැබීම ලෝකයේ ඕනෑම පුද්ගලයෙකු සතු මානව අයිතිවාසිකමක් වන අතර, එයට බලපෑම් කිරීමට කිසිවෙකුට හැකියාවක් නොමැත.

ඒ සම්බන්ධයෙන් වන පසුබිම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා මෙලෙස පැහැදිලි කළේය.

‘‘රෝගියාට මූලික වශයෙන්ම අයිතිවාසිකම් හිමි වෙන්න ඕන. ඒ, හිමිවෙන්න ඕන ප්‍රධාන අයිතිවාසිකම තමයි සෞඛ්‍ය අයිතිවාසිකම. මේ රෝගියාට මූලික වශයෙන්ම වැදගත් වනවා ජීවත් වීමේ අයිතිය.

සෞඛ්‍ය අයිතිය කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය පිළිගන්න ප්‍රධාන අයිතියක්. මේ, සෞඛ්‍ය අයිතිය ශ්‍රී ලංකාව පිළිඅරගෙන තිබෙනවා.

සෞඛ්‍ය අයිතිය කියන්නේ අනිවාර්යෙන්ම එයාගේ ජීවිතය හා රැඳී පවතින අයිතියක්. එය ලබාදෙන්න රජයක් හැටියට ශ්‍රී ලංකා රජය බැදිලා ඉන්නවා.

විවිධ පුද්ගලයන්, විවිධ චෝදනා කළත්, සෞඛ්‍ය අයිතිය තමයි වැදගත් වන්නේ. චෝදනාවන් කරන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් ඒ රෝගියාගේ ජීවිතය රැක ගැනීමයි වැදගත් වෙන්නේ.

ඒ නිසා අනිවාර්යයෙන්ම වෛද්‍ය මණ්ඩලයක් මගින් අනුමත කරලා එහෙම සෞඛ්‍ය සහ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න දීලා තියෙනවා නම් සෞඛ්‍ය අයිතිවාසිකම් වැදගත්”

– sathhanda

36,016 Viewers

26 Comments to “අලූත් දොස්තර ආ ගමන් දුමින්ද සිල්වාගේ ටිකට් කපා සිරකුටියක සිර කරයි.. අසාධ්‍ය වී යළිත් රෝහලට…”

  1. Dudly Dudly says:

    ඔය දොස්තරයා බැංකු කඩන යහපාලන හොරාගෙ කකුල් ලෙවන බල්ලෙක් වෙන්න ඕන​.

  2. ajith says:

    Why he is called Kudu Duminda. Did not he got this because of Kudu. If Mahinda comes to power will he be freed?

    • padasira says:

      yES YES ,wHY NOT JUST LIKE GONA WALA SUNIL

      • ajith says:

        What Ranil did for Gonwila sunil and what Mahinda dod for Kudu Duminda Both wrong.

        We need to above politicians and not to protect them but to make them work for us and honest. Need to talk about both just like Badumkara and commsions for projects,

        We people need to be vigilent make politicians severnts for us.!!!

      • ajith says:

        What Ranil did for Gonwila Sunil and what Mahinda did for Kudu Duminda Both wrong.

        We need to above politicians and not to protect them but to make them work for us and honest. Need to talk about both just like Badumkara and commsions for projects,

        We people need to be vigilent make politicians severnts for us.!!!

    • Nithuhuka says:

      What abouT KUDU PREMACHANDRA

  3. hina says:

    kaw da ban dumindata wedi tibba?? muma tiyagena da?

  4. sam says:

    සරත් ෆොන්සේකා රට වෙනුවෙන් දරුණු තුවාල තියාන හිරේ දානකොට මේ කිසි සහනයක් දුන් නෑ. මේ මිනී මරුවා දාපු දවසෙ ඉඳන් සැප ගන්නව. මෙයින් පෙනෙන දේ මුකක්ද? මේ දොස්තරල ඔක්කොම වැඩ කරන්නේ බලවත්තු කියන විදියට. අපේ රටේ මේ අසාධාරනය කවද නවතියිද?

    • Kepuwathkola says:

      Who did the bomb attack to Fonny?

      It is a known fact that one of his “keeps” did it!

      • Daham says:

        Kepuwathkola….oyata marama mara denimak ne tiyenne..oya buddi anseda weda kale .oya wage aya ratakata sampathak.fonsekala mokunda ..menna rata wenuwen diwi himiyen weda karana minissu ..mn hithanne 2009 edan war eke front line ekema hitapu kenek wage KEPUWATHKOLA kiyanne neh…?

      • කලවෑද්ද says:

        ගොනා ගහන්න ගිහිල්ල කොටිච්චියෙකුගෙන් බෝම්බ පාරක් කාපු කලවෑද්ද

    • කලවෑද්ද says:

      අපරාදෙ කලවෑද්ද ඒ ගමන මලානම් රටට සල්ලි ගොඩක් ඉතුරුවෙනව, මහින්දල අපරාදෙ මූව සින්ගප්පූරු යෑව්වෙ කෙලෙහිගුනයක් නෑති අවලම් බල්ල

  5. Dubba says:

    තේරුනේ නැහැ. දරුණු තුවාල කිව්වේ මොනවද ?

  6. Wimal Weerawansa says:

    Mahinda mahaththayata kela une muu wage awajathaka ballo nisaa… thopila wage moda gode bayyo tika ithin muuta kade palayan…. thopila wage buuru minissu yako….

  7. ravi says:

    Munva hiragedara thiyagena inna ekath nayak.

  8. Trumph says:

    Ithin ban moo maranta niyama wela inna eke mona parissamda onna ohe hireta wela inna denna thiyenne.
    Aawath kudu business ne karanne….

  9. මම says:

    ඔකාව ඉක්මනට මරන්න තියෙන්නෙ. කෙහොමටත් මුව මරන්න නියමවෙලානෙ ඉන්නෙ

  10. Channa says:

    දිට්ට දම්ම වේදනීය කර්මයෙන් බේරීමට නොහැක

  11. AluthKade Saita says:

    මොළයේ දරුනු තුවාල තියෙන උං බර ගානක් පාර්ලිමේන්තුවේ ඉන්නවා

  12. ගමේජ් says:

    හිරුනිකාගේ ලේ පිපාසාව දැන්වත් සංසිදේද ?

  13. raawana says:

    Saukya ayithiya moolika minis ayithiwaasikamak nam, e ayithiya ullanganaya karana dostharalata warjana karanna ida denne mokada? Deepallako puluwannam uththara.

  14. සුකුමලී says:

    මේක තමා නියම වෙදකම. දොස්තර උපාදිය පාස් උනේ අපේ නිදහස් අද්යාපනයෙන්. දැන් ගන්න පඩි අපේ ශ්‍රමයෙන්. උඹල ආණ්ඩු පක්සේ දොස්තරල් විරුද්ද පක්සේ දොස්තරලා ඒකාබද්ද විපක්සෙ දොස්තරා වෙලා බිල්ලට ගන්නේ ලෙඩ්ඩු. තුහ්..නොදකින්..හෙනම ගහපන්.පාරෙඅ වාහනේ හැප්පිලා මැරියන්. කෝ me සාර ධර්ම.

  15. Baiyage putha says:

    Mini Marala Here Giya Eka Danda One Hospitel eke nemai, Mahinda Aye denai Kiyalane Kudu dumiya balagena inne

Main News