අලූත් ව්‍යවස්ථාවට පෙර දිනේෂ්, විමල්, ගම්මන්පිල, කෙහෙළිය අත්අඩංගුවට ගන්න සූදානම්..- මහින්ද හෙලි කරයි..

November 23, 2016 at 10:00 am | lanka C news
අලූත් ව්‍යවස්ථාවට පෙර දිනේෂ්, විමල්, ගම්මන්පිල, කෙහෙළිය අත්අඩංගුවට ගන්න සූදානම්..- මහින්ද හෙලි කරයි..

සංහිඳියාවට විරුද්ධ අය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ ඒකකයක්‌ පිහිටුවමින් ආණ්‌ඩුව අලුත්ම මර්දනයක්‌ පටන්ගෙන ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා චීන සංචාරය සඳහා පිටත්ව යැමට පෙර ඊයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවේදී පැවසීය.

ආණ්‌ඩුව මින් උත්සාහ කරන්නේ බෙදුම්වාදී ව්‍යවස්‌ථාවට එරෙහිව කටයුතු කරන විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන උදය ගම්මන්පිල, කෙහෙළිය රඹුක්‌වැල්ල වැනි දේශපාලනඥයන් හිරේට ගැනීමට බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

කොළඹ 07 විඡේරාම මාවත පිහිටි සිය නිල නිවසේදී මාධ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක්‌ පවත්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීම මූලික රාමුවක්‌ තුළ තිබිය යුතුයි. ඒකීය ව්‍යවස්‌ථාවක්‌ද පෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ද කියලා මුලින්ම බලන්න ඕනේ. මේ කමිටු වගයක්‌ දාගෙන අපේ කට්‌ටියත් මේකට දාගන්න හදනවා. මේකට අන්තිම කැමැත්ත දෙන්නේ සුමන්තිරන්ද, ඩයස්‌පෝරාවද, නැත්නම් වෙනත් රටක්‌ද කියලා අපිට කියන්න. මම මුලින්ම විරුද්ධ අපේ රටේ ව්‍යවස්‌ථාව වෙනත් රාජ්‍යයන්ගේ මැදිහත්වීම හරහා සිදු කිරීමටයි. තවම මේ ගැන ඒ අයවත් හරියට කතා කරන්නේ නැහැ. හැබැයි මේ වැඩපිළිවෙළ දිහා බලාගෙන යනකොට පෙනෙනවා මේක කොයි දිශාවටද යන්නේ කියලා. මෙතැන වචනයට ඒකීය දෙයි. බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානය දෙනවා කියලා වචනයට දෙයි. හැබැයි ඊට යටින් රට බෙදුම්වාදයට යට කරයි. අපිට වචන ටික දීලා බෙදුම්වාදයට පෙඩරල් දෙන්නයි මේ සැලසුම් සකස්‌ කරන්නේ.

එජාපය විසින් තමනට ලැබුණු අවුරුදු දෙකක කාලයක්‌ තුළ රාජ්‍ය ආයතන පනස්‌දෙකක්‌ විකුණා දැමුවා. මම බලයට ඇවිල්ලා ඒ ආයතනවලින් සමහරක්‌ යළිත් රජයට පවරා ගත්තා. දැන් ආයෙමත් මේ ආණ්‌ඩුව අරගෙන යන්නේ එදා එජාපය රැගෙන ගිය යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළයි. ජාතික ආණ්‌ඩුව නාමයෙන් ශ්‍රී ලනිපයේ අයත් එජාපයේ මෙම වැඩපිළිවෙළට අත ඉස්‌සීම පිළිබඳව තමා කනගාටුවනවා යෑයි ද මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

එදා අපිට ලොකුම චෝදනාව කළේ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ ගැනයි. අද ඒවා විකුණගෙන කන්න යනවා. මත්තල ගුවන් තොටුපළ ගන්න විතරක්‌ විදේශ සමාගම් 13 ක්‌ ඉදිරිපත් වෙලා තියෙනවා. හම්බන්තොට වරාය විකුණන තැනට ඇවිත් තියෙන්නේ. ඇ. ඩොලර් බිලියන 1.1 කට. ඒ කියන්නේ වරායෙන් 80% වටිනාකම. එයින් තුනෙන් එකක්‌වත් මේක හදන්න ගිහිල්ලා නැහැ. හම්බන්තොට වරාය සුදු අලියෙක්‌ නම් මෙහෙම ඉල්ලුමක්‌ එයිද? ඒ වගේම රටේ ඉඩම් අක්‌කර ගණන් චීනයට සහ ඉන්දියාවට අද දෙන්න යනවා. කටුනායක බියගම අවිස්‌සාවේල්ල වගේ නිදහස්‌ වෙළෙඳ කලාපවලට අයත් ඉඩම් හා හම්බන්තොටින් අක්‌කර 15000 ක ඉඩම් චීනයට දෙන්න යනවා. මේ සඳහා හම්බන්තොට සහ මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ ඉඩම් පවරාගන්න යනවා.

මේ ගොල්ලෝ ආපු දවසේ ඉඳලා කතා කළේ අපි ගත්ත ණය ගෙවන හැටි ගැන. කෝ ඒ අය ගෙවපු ණය. ණය ගෙවනවා වෙනුවට තව තව ණය වෙන එක තමයි මේ අය කරලා තියෙන්නේ. අද මේ රටේ ආර්ථිකය ගෙනියන්න හදන්නේ වක්‍ර බදු මුදල් සහ දඩ මගින්. ඕනෑම රටක දඩ සහ ගාස්‌තු ඒ රටේ ජනතාවගේ ආදායම සමඟ එකට ගමන් කරන්න ඕනේ. සමහර වාහන දඩ ගෙවන්න රියෑදුරකුගේ මාසික වැටුපත් මදි. ආණ්‌ඩුවට ආදායම් නැති නිසා ජනතාවගෙන් දඩ අයකරගෙන ඒ අඩුපාඩු පියවාගන්න හදනවා. දඩ සහ බදු මිසක්‌ මේ අය ආර්ථිකය දියුණු කරන්න වෙන මොනවද කළේ. මම ආර්ථිකය 7% ක වර්ධන වේගයකින් ඉහළට අරගෙන ගියා. මම මැතිවරණ සඳහා හැමදාම කලින්ම ගියා. ආර්ථික අර්බුදයක්‌ නිසා නෙමෙයි මම කලින් ඡන්දය තිබ්බේ. ඒ මගේ හැටි. මම උතුරු පළාතේ ඡන්දය තිබ්බේ. මම පරාජය වෙන බව දැන දැන යෑයි මෙහිදී කර්තෘවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

– දිවයින

16,169 Viewers

7 Comments to “අලූත් ව්‍යවස්ථාවට පෙර දිනේෂ්, විමල්, ගම්මන්පිල, කෙහෙළිය අත්අඩංගුවට ගන්න සූදානම්..- මහින්ද හෙලි කරයි..”

  1. SINHALESE WAKE UP… WAKE UP IMMEDIATELY..,,,,AND SEND THIS SAKKILI EELAM PALANA …….YAMAPALANAYA HOME NOW……………….

    • SS says:

      I don’t think any body wants to arrest Dinesh. He is a matured politician who appears for his believing political principal . But other two ,no words to waste over them. They should be in jail not in this society .

  2. Nareen says:

    Duushiyhyan saama denekma ath adanguvata gatha yuthumai. Danatath pramaada unaa vadie.

  3. Dickie Bird says:

    Aho kedayak……………….

    Through American/Harward advice first mislead voter with hora..hora…
    Then comes the FCID……………..

    Ivy League harvard brains could not mislead the American voter with accusation groper…. tax evader.. brought against Trump.
    Trump said he will prosecute the e’mail hora Hillary Clinton…………

    Trump came to power & the Ivy leage advisers went home crying.
    NOW TRUMP & EX-MAYOR GULIANNI STATES THAT THEY ARE NOW GOING TO PROSECUTE THE TRAITOR HILLARY CLINTON because THEY NEED TO MOVE ON & AMERICA NEED TO MOVE ON.

    Our BURUWAS (Donkies) yet pursing and hounding the JO with FCID/CID/Presidential Commissions ect., instead of moving on.
    DAMN BLOODY IDIOTS.

  4. Dickie Bird says:

    They will show hambantota and talk about it ang bring Indians to trinco and quietly handover the trino Port to them. This is the target.
    They will give Japanese to grow vegetables and focus the attention of the public to these matters and without the public knowledge hand over the North & East to the tamils.
    THEN IT WILL BE TOO LATE,

    mewata kiyanne ‘Ass Bandung” kiyala.
    Apiwa gonata andawala rata wikunanawa may praharayo.
    Mung wa ikmanata peraluwe nathinam in future there will be no Sri Lanka.
    Tab deela kalpana karanda beri modayo karanawa anagatha parapura.

  5. OLU says:

    සිංහලයෙනි බලා සිටියා ඇති බෙදුම්වාදී ව්‍යවස්‌ථාවට එරෙහිව වහාම පාරට බසිව් …
    .අපේ දේශප්‍රේමී දේශපාලකයින් වහාම ආරක්ෂා කරව්
    අපේ විරෝධාර රණවිරුවන් දඩයම් කරමින් දැන් අපේ දේශපාලකයන් දඩයම් කරන්න හදනවා ..සිරිසේන -රනිල් මේ සිදුකරන්න හදන්නේ කුමක්ද ? බලේ සිටීමට මාර්ගයක් නේද ? නිවටයින් ලෙස බලා සිටිමට කාලයක් නැත …මේ බෙදුම්වාදී උතුරේ LTTE කොටි යක්ෂයාගේ හෝරාවයි ..සිරිසේන- රනිල් කොටින්ගේ දැපනේ වැටී සිටින මොහොතයි මේ ….නිදා සිටින සිහලුනි අවදිවෙව් ..අපේ එකම සිංහල මාතෘ භුමිය රැකීමට කටයුතු කරව්
    ගරු මහින්ද. ගරු විමල් වීරවංශ, ගරු දිනේෂ් ගුණවර්ධන ගරු උදය ගම්මන්පිල, ගරු කෙහෙළිය රඹුක්‌වැල්ලට ඇතුළුදේශහිතෙෂි සැමට ජයවේවා !
    රට ජාතිය ආගම රැකීමට දළදා සමිදු පිහිට ලැබේවා ! සිංහලයෙනි සමගි වී එක්වෙයව් පක්ෂ බේද ආගම් බේද අතහැර
    සිංහල ජාතිය අපේ එකම මාතෘ භුමිය රැකීමට පෙරට වරෙව්

Main News