අලූත් ව්‍යවස්ථාවයි දැන් ඕනෑ.. සුදු නෙළුම වගේ එකක් පටන් ගන්නවා.. – චන්ද්‍රිකා

February 16, 2017 at 4:40 pm | lanka C news | ලංකා සී නිවුස්
අලූත් ව්‍යවස්ථාවයි දැන්  ඕනෑ.. සුදු නෙළුම වගේ එකක් පටන් ගන්නවා.. – චන්ද්‍රිකා

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට වඩා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව මේ මොහොතේ අවධානය පළ කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

ශ්‍රී ලංකාවේ සිටින විදේශීය මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමින් ඒ බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරිය, මේ මොහොතේ යුද අපරාධ පිළිබඳ අධිකරණ පරීක්ෂණ ආරම්භ කළහොත් එය නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කාර්යයට පැහැදිලිවම බාධාවක් වනු ඇති බවත් සඳහන් කළාය.

“යුද අපරාධවලට වගකිවයුතු අයත් සොයාගන්න ඕනේ. ඒත් ඒක මේ මොහොතේ ප්‍රමුඛතාවය නෙවෙයි. අනික තමයි, යුද අපරාධ පරීක්ෂණ දැන් ආරම්භ කළොත් පැහැදිලිවම අලුත් ව්‍යවස්ථාවක් නෑ කියල මට සහතිකයි,” ඇය සඳහන් කළේ විදේශීය මාධ්‍යවේදිනියක් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද යන්න පිළිබඳව විවිධ මතවාද පවතින නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැප වී සිටින බව ඇයගේ මතයයි.

“පක්ෂය ඒකට කැපවෙලා ඉන්නවා. ජනාධිපතිතුමා කැපවෙලා ඉන්නවා. ඒකට අකමැති අය ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ.”

ජනමත විචාරණයකට මුහුණදීම ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක් බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් “ව්‍යවස්ථා සංශෝධනය” ක්‍රියාවට නැගීමට උත්සාහ දැරීම සිය පක්ෂයේ උත්සාහය බවයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා පසුගියදා කියා සිටියේ.

එහෙත් නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීම පිණිස ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය බව අවධාරණය කරන ඇය, රටේ පවතින වාතාවරණය සලකා බැලීමේදී ජනමත විචාරණයකින් ජයගත හැකිද යන්න පිළිබඳව බොහෝ දෙනා සැකසහිත ආකල්පයක් දරන බව පිළිගත්තාය.

“අපි හිතන්නේ ඒකට කරන්න තියෙන්නේ මගේ ආණ්ඩුව කාලේ අපි සුදු නෙළුම කළා වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එක. හැමෝම ඒක ගැන කතාකරනවා හැබැයි එයාල ඒ ගැන කිසි දෙයක් කරන්නේ නෑ. අපි තව සති කිහිපයකින් ඒ වගේ දෙයක් පටන්ගන්නවා.”

නව ආණ්ඩුක්‍රම ව්‍යස්තාවක් හඳුන්වාදීමේදී සිය පාලන සමයේදීට වඩා වත්මන් ආණ්ඩුවට බොහෝ අභියෝගවලට මුහුණදීමට සිදු වී තිබෙන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සඳහන් කළාය.

“මගේ පාලනය කාලේ සංවිධානාත්මක අන්තවාදී කණ්ඩායම් තිබුණේ නෑ. ජාතික හෙළ උරුමය, බොදු බල සේනා, හිටපු ජනාධිපතිවරයෙක් නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය මේ සේරම ලඟදි මතුවුනේ. ඒක පැහැදිලිවම ලොකු අභියෝගයක්.”

යුද අපරාධ චෝදනා සම්බන්ධ පරීක්ෂණ පිළිබඳව විදේශීය මාධ්‍යවේදිනියක් විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිනිය කියා සිටියේ, ඒ පිළිබඳව උතුරු නැගෙනහිර පලාත්වල වෙසෙන ජනතාවගේ වැඩි අවධානයක් නොමැති බවයි.

“ඒ කියන්නේ අපි ඒ ගැන අමතක කළයුතුයි කියන එක නෙවෙයි. ඒ මිනිස්සුන්ට ඕනේ ඒ පළාතේ සංවර්ධනය, රැකියා අවස්ථා, තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සහ විශේෂයෙන්ම අතුරුදහන්වූවන්ට වුනේ මොකක්ද කියල දැනගන්න එක. යුද අපරාධ කියන දේ ගැන කතාකරන්නේ ඒ මිනිස්සු නෙවෙයි, ඩයස්පෝරාව. මොකද ඩයස්පෝරාවට දැන් කතාකරන්න දෙයක් නැතිවෙලා.”
එවැනි පරීක්ෂණයක් සඳහා විදේශීය විනිසුරන් අවශ්‍ය වන්නේ මන්දැයි ඇය ප්‍රශ්න කළාය.

“විදේශීය විනිසුරන් ගැන මගේ විරෝධයක් නෑ. නමුත් සමහරු විරුද්ධයි. කොහොමවුනත් වඩා වැදගත් වෙන්නේ විදේශීය විනිසුරන් කැඳවන එකද? නැත්නම් අලුත් ව්‍යවස්ථාව සකස් කරන එකද කියල හොඳින් සලකා බලන්න සිද්ද වේවි.”

මහජනතාව සමග අදහස් හුවමාරු කරගැනීම පිණිස වත්මන් ආණ්ඩුවේ කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

– BBC

7,375 Viewers

9 Comments to “අලූත් ව්‍යවස්ථාවයි දැන් ඕනෑ.. සුදු නෙළුම වගේ එකක් පටන් ගන්නවා.. – චන්ද්‍රිකා”

  1. Saradiel says:

    විස්කි මැඩම් පිස්සු කෙලී………හොරගොල්ලේ ලමාතැනිට විස්කි ගහන්න දෙමල ඩයස් පෝරාවෙන් ගෙවන්නේ ඔය බහුභූත කතා කියන්නද ? ජහ පාලනයත් සමග මොන නව ව්‍යවස්ථාද ?….රටේ ජනතාවට නව ව්‍යවස්ථා අවශ්‍ය නැහැ ..
    .කරුණාකර කට වහගන්නවා අපේ රට ජාතිය විනාශ නොකර ..දැනට කරපු විනාශය හොදටම ඇති

  2. Jude says:

    අපේ රට ජාතිය බේරාගත් රණවිරුවන් පෝරකේට ගෙනියන්න උත්සාහ කරමින් LTTE දෙමල ඩයස් පෝරාවට කඩේ යන මේ කාන්තාව අපේ රටින් නෙරපා දැමීමට පෙරට වරෙව් මිනිසුනේ …..මේ කතාකරන්නේ විස්කි බිලද ? ඔලුව විකල් වෙලාද ?
    මානසික රෝහලකට ගිහින් ප්‍රතිකාර ගත්තොත් .නරකද ?.මොනවාද මේ ගෑනි කියවන්නේ /?
    අද රට පාලනය කරන දේශද්‍රෝහීයන්ගේ හැටි බලව්

  3. vasana says:

    මේ රටේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පැරදවීමේ පලිය ගැනීමටයි, අද බටහිර අධිරාජ්‍යවාදීන් තමන්ගේ මාධ්‍ය යොදා ගෙන මේ ආකාරයට කටයුතු කරන්නේ එකට යොදාගෙන තියන එක රූකඩයක් තමයි හොරගොල්ලේ කාන්තාව ය මුදලට රට ජාතිය පාවා දීමට ජහපාලනයට සහය දෙනවා ..දෙමල ඩයස් පොරාවෙන් හොදට ගෙවනවා …ඇය දෙමළ පරපුරකට නෑකම් කියන නිසා අපේ සිංහල ජාතිය විනාශකිරීමට උගුල් අටවනවා මේ රට හොරගොල්ලේ බුදලය නොවේ

  4. ලිහිණි says:

    බලේ නැති උනත් මෙරටේ
    ඇඟට ඕනමයි විස්කි විල්ලුද
    ඒකයි ඉහළම සන්තෝසේ
    රට ජාතිය කොටින්ට පාවාදී
    ගත් මුදලින් රජ සැප විද විද
    පෙන්නයි ලෝකෙට පරකාසේ

    සිරිසේන -රනිල් සමගින් මේ හොරගොල්ලේ ලොක්කී!
    ජහපාලන හිවල් රැල සමගින් එක්වී ඇත්ති
    රට බිල්ලට දී – අදිනා බව කන්න හොයමින් කුණු බක්කී
    දගලන හැටි දුටුවාද මේ හෙරගේ මැටි මොලය

  5. singha says:

    ලංකාවත්, ශ්‍රීලංකා නි:ප:ත් හරියට මෙයාගේ බූදලය වගේ කථාව.රටිනුත් පන්නා දැමිය යුතු ද්‍රෝහී හැතිරියකි.චෞරිට මේ බලය දුන්නේ කවුද?

  6. සුදු නෙලුම් ඇයි චොව්‍රර රැජින් කලු නෙලුම කොච්චර සුඳරද අපායේ 0මහල රෙඩි තොගේ දෙමළ බැඑණයි තීවයි ගෙනයන්න දෙමළුන්වූ තොපි මතක අවදිකරපන් චොව්‍රර රැජින​?

  7. sakunathalaa says:

    Etha kota Krotan kola hadissiyak naha ne ne nande? Ammapaa munta kawanna oone itikola.

  8. Badagoththaraya says:

    Meyaata nam sudu nelannama one. Pawla kewa. Horagolla kewaa. Dan rata kanwaa.Prnse upadiye tharama thamaa.

  9. wije says:

    Make your constitution in the hell when you visit there. wick lady.

Main News