අලූත් ව්‍යවස්ථාවෙන් රට බෙදීම ස්ථිරයි.. ශ‍්‍රිලනිපයේ එජාප වහලූනි මව්බිම පාවා නොදෙනු.. – මහින්ද උස් හඩින් ලියයි..

December 5, 2016 at 1:06 am | lanka C news | ලංකා සී නිවුස්
අලූත් ව්‍යවස්ථාවෙන් රට බෙදීම ස්ථිරයි.. ශ‍්‍රිලනිපයේ එජාප වහලූනි මව්බිම පාවා නොදෙනු.. – මහින්ද උස් හඩින්  ලියයි..

නව ව්‍යවස්ථවක් සදහා ඉදිරිපත් කර ඇති කෙටුම්පත සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අදහස් පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි.

රටේ සියළු කලබල අස්සේ සිදු කෙරෙන ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙල

මෙවර අයවැය කෙරෙහි කාගෙත් අවධානය යොමුවී තිබෙන අතරතුර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අනුකමිටු හයක යෝජනා සහිත වාර්ථා පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවේය. එයත් සමගම ආණ්ඩුවේ ඇමතිවරුන් මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවල රටේ ඒකීයභාවය හෝ බුදු දහමට ඇති විශේෂ තත්වය අහෝසි කිරීමට හෝ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට යෝජනා ඇතුළත් නැතිබව කියමින් ඒවාට මහනායක හිමිවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන ආකාරය අපි දුටුවෙමු. එපමණක්ද නොව අයවැය සම්බන්ධයෙන් ඇති වූ උද්ගෝෂණ, වැඩවර්ජන ආදී සියල්ල පසෙක තිබියදී ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවේදී බලය බෙදීමේ වැදගත්ගම ගැන කතා කලේය.

මේ අතරතුර, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දිගට හරහට රථ වාහන, විශේෂ දීමනා යනාදී වරදාන බෙදන හැටි අපි දුටුවෙමු. මේ සියල්ල ලග එන බරපතල ජාතික උවදුරක පෙර නිමිතිය.

පසුගිය ජනාධිපතිවරණයේදී අද මේ ආණ්ඩුවේ සිටින නායකයන් ජනතාවට ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් දුන්  ප්‍ර‍ධානම පොරොන්දු දෙක වූයේ විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍ර‍මය සංශෝධනය කිරීමයි. නමුත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් පත්කොට තිබෙන අනුකමිටු එකක්වත් මේ ප්‍ර‍ධාන කාරණා දෙක ගැන අවධානය යොමුකොට නැත.  ඒ වෙනුවට අපට ලැබී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී අඩු වශයෙන් සදහනක්වත් නොකෙරුණු කාරණා ගැන අනුකමිටු වාර්ථා හයකි.

අයැවැයේ ගැටළු හරියට විසදන්නෙත් නැතුව ව්‍යවස්ථාව සංශෝධන ගැන කතාකිරීමේ අවස්ථා සම්බන්ධය, පැහැදිලි වන්නේ ව්‍යවස්ථා සංශෝධන පිළිබද අනුකමිටු වාර්ථා කියවා බැලූ විටය.

අපේ ව්‍යවස්ථාවේ ‘ඒකීය ස්වභාවය’ නිසා පලාත් සභාවල කටයුතු වලට ‘බාධා’ පැමිණෙන බව මධ්‍ය හා පර්යන්තය පිළිබද අනුකමිටු වාර්ථාවේ එළිපිට සදහන් කොට ඇත. ඒ අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ඇතැම් අනුකමිටු විසින් ‘ඒකීය’ යන වචනය ව්‍යවස්ථාවෙන් ඉවත් නොකොට රටේ ඒකීය භාවය අවසන් කිරීම සදහා යෝජනා ගණනාවක්ම ඉදිරිපත් කර ඇත. මේවා අතරින් කීපයක් පමණක්  ගෙනහැර දැක්වීමට මම කැමැත්තෙමි.

පලාත් ආණ්ඩුකාරවරුන්ගේ සියළු බලතල අහෝසි කිරීමට මධ්‍ය හා පර්යන්තය පිළිබිද අනුකමිටුව විසින් යෝජනා කර ඇත. පළාත් සභාවල සම්මත කරන අනපන් වලට අනුමැතිය දීමේ බලය ආණ්ඩුකාරවරයගෙන් ඉවත් කොට පලාත් සභාවේ සභාපතිවරයාට පැවරීමටත්, තමාගේ අනුමැතිය සදහා එවන අණපනත් වලට සංශෝධන යෝජනා කරමින් ආපසු පලාත් සභාවට යැවීමට ආණ්ඩුකාරවරයාට ඇති බලයත්, පලාත් සභා අණපනත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සදහා ජනාධිපතිවරයාට යොමු කිරීමට ආණ්ඩුකාරවරයාට ඇති බලයත් අහෝසි කිරීමට යෝජනා වී ඇත. එපමණක්ද නොව ආණ්ඩුකාරවරයා පත් කිරීම මහ ඇමතිවරයාගේ අනුමැතියට යටත්ව සිදු කිරීමටත්, ඔහු සැමවිටම මහ ඇමතිවරයාගේ හා පලාත් ඇමති මණ්ඩලයේ උපදෙස් මත ක්‍රියාකල යුතු බවටත් යෝජනා වී ඇත. අපේ බලය බෙදීමේ ක්‍ර‍මය පදනම් වී ඇත්තේ ඉන්දියානු ආකෘතිය මතය. ලංකාවේ පලාත් ආණ්ඩුකාරවරුන්ගේ බලතල ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ බලතල සමග සම්පූර්ණයෙන්ම සමගාමී වේ. ඉන්දියාවේ මෙන්ම ලංකාවේත් පලාත්සභා හා ප්‍රාන්ත මධ්‍යම ආණ්ඩුව සමග සම්බන්ධ වන්නේ ආණ්ඩුකාර ධූරය හරහාය. ආණ්ඩුකාරවරයාගේ බලතල අහෝසිකලහොත් ඉන්දියාවට මෙන්ම ලංකාවටත් ඒකීය රාජ්‍යන් හැටියට පැවතිය නොහැක.

  1. මධ්‍යම ආණ්ඩුව මෙන්ම පලාත්සභා වලටත් හෙබවිය හැකි සමගාමී බලතල ලැයිස්තුව අහෝසි කිරීමටත් එම බලතල පලාත්සභා වලට දී පලාත්සභා‘වෙනම බලප්‍රදේශ’ බවට පත් කිරීමට යෝජනා වී ඇත. මේ පරමාර්තය මුදුන්පත් කිරීම සදහා මධ්‍යම ආණ්ඩුව යටතේ කටයුතු කරන දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශිය ලේකම්වරුන් පලාත් සභා යටතට පත්කල යුතු බවටත්, පලාත් රාජ්‍යසේවා කොමිසම් වලට තම පලාතට අවශ්‍ය රජයේ සේවකයන්ගේ ගණන මහා භාණ්ඩාගාරයේ අනුමැතියට යටත් නොවී ස්වාධීනව තීන්දු කිරීමට බලතල පැවරීමටත් යෝජනා වී ඇත.
  1. මධ්‍ය හා පර්යන්තය පිළිබද අනුකමිටුවේ තවත් යෝජනාවක් වන්නේ රජයේ ඉඩම් සම්බන්ධ සියළු බලතල පලාත්සභා වලට පැවරිය යුතු බවයි. ඒ අනුව පලාතක තිබෙන රජයේ ඉඩමක් භාවිතා කිරීම සදහා මධ්‍යම ආණ්ඩුවට පලාත් සභාවේ අනුමැතිය ලබාගැනීමට සිදුවෙනු ඇත. ඉන්දියාවේ නම් මධ්‍යම ආණ්ඩුවට යම් ප්‍රාන්තයක ඇති ඉඩමක් අවශ්‍ය වුවහොත් ප්‍රාන්ත ආණ්ඩුවේ කැමැත්ත හෝ අකමැත්ත නොතකා එම ඉඩම භාවිතා කිරීමට මධ්‍යම ආණ්ඩුවට සියලු බලතල ඇත.
  1. පොලීසිය නීතිය හා සාමය අනුකමිටුව විසින් පොලිස් බලතල පලාත් සභාවලට ලබාදිය යුතු බවට යෝජනා කර ඇත. ඒ අනුව පොලිස් සේවය ජාතික පොලීසියත්, පලාත් පොලිස් සේවාවන් නවයකටත් බෙදෙනු ඇත. රජයට එරෙහි අපරාධ, රාජ්‍ය දේපල සම්බන්ධ අපරාධ, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, අධිකරණ හා රාජ්‍ය නිලධාරීන්ට එරෙහි අපරාධ, මැතිවරණ හා මුදල් නෝට්ටු සම්බන්ධ කාරණා සහ ජාත්‍යන්තර අපරාධ ජාතික පොලීසියේ කාර්යභාර්ය වන අතර අනෙක් සියළුම වැඩ කටයුතු එනම් අපරාධ, වංචා, මත්ද්‍ර‍්‍ය, රථවාහන ඇතුළු සියළුම එදිනෙදා පොලිස් කාර්යභාර්යයන් පලාත් පොලිස් සේවාවන් වලට පැවරෙනු ඇත. යම්කිසි විමර්ශනයක් ජාතික පොලීසිය යටතේ පවතින ඒකකයකට මාරුකල හැක්කේ අදාල පලාතේ පොලිස් කොමසාරිස්වරයාගේ එකගතාවය මත පමණි. පලාත් පොලිස් සේවයන් තම තමන්ගේ පුහුණු කටයුතු කරගනු ඇති අතර ඒ ඒ පලාත්වල පොලිස් නිලධාරීන් භාවිතා කරන ගිනි අවි වර්ග හා ගණන තීන්දු කරනු ලබන්නේ පලාත් පොලිස් බලධාරීන්ගේ අනුමැතිය පරිදිය. පලාත් පොලිස් වල වැඩකටයුතු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට කිසිදු අධීක්‍ෂණ බලයක් හිමිනොවනු ඇත. පලාත් පොලිස් සේවාවන්වලට සාමාජිකයන් බදවා ගැනීම සදහා භාෂාව හා පදිංචිය පිළිබද නිර්නායකයන් යෙදීම හේතුවෙන් උතුරු හා නැගෙනහිර පලාත්වල පොලිස් සේවාවන් ජාතිය හා භාෂාව අනුව ජාතික පොලීසියෙන් මෙන්ම සෙසු පලාත්වල පොලිස් සේවාවන් වලින්ද වෙන්වනු ඇත. පලාත් පොලිස් සේවාවන් අතර ස්ථානමාරු සිදු නොවන නිසා උතුරු නැගෙනහිර පොලිස් සේවාවන් හා රටේ සෙසු ප්‍රදේශවල පොලිස් සේවාවන් අතර සම්බන්ධතා නිරායාසයෙන්ම නැති වී යනු ඇත.
  1. පොලීසිය නීතිය හා සාමය පිළිබද අනු කමිටුවේ තවත් යෝජනාවක් වන්නේ මාස තුනකට කට වඩා වැඩි කාලයක් එක දිගටම හදිසි නීතීය බලපැවැත්වීමට, එසේ නැතිනම් දින 180 ක් තුළ දින 90 කට වඩා වැඩි කාලයක් හදිසි නීතිය ක්‍රියාත්මක වීමට නම් එවැනි දිගු කිරීමක් පාර්ලිමේන්තුවේ ‘විශේෂ බහුතරයකින්’ සම්මත විය යුතු බවය. එපමණක්ද නොව හදිසි නීති ප්‍ර‍කාශනය මෙන්ම හදිසි නීති රෙගුලාසිත් විමර්ශනය කොට ඒවා අහෝසි කිරීමට වුවද අධිකරණයට බලය ලබාදීමට යෝජනා වී ඇත. යම්කිසි තත්වයක් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට සුදුසුද නැද්ද යන කාරණය ගැන තීන්දුවක් ගැනීමට අධිකරණයට හැකියාවක් නැත. මෙය සම්පූර්ණයෙන්ම විධායකයේ බලයක් විය යුතුය. අධිකරණ, ව්‍යවස්ථාදායක, විධායක වශයෙන් බලතල වෙන්කෙරෙන්නේද එක් එක් ක්‍ෂේත්‍ර‍වල කාර්යභාර්යයන් වෙනස් නිසාය. හදිසි නීතිය පිළිබද මෙවන් යෝජනාවන් ඉදිරිපත් කර තිබෙන්නේ හදිසි තත්වයකට රජයට සුදුසු පරිදි ප්‍ර‍තිචාර දැක්වීමට නොහැකිවන ආකාරයට කටයුතු යෙදීමට බව ඉතා පැහැදිලිය. ශ්‍රී ලංකා රජය ඒ ආකාරයට බෙලහීන කිරීම ඇතැම් පාර්ශව වල උවමනාව බව ජනතාව දනී.
  1. ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කිරීමේදී එම තනතුරුවලට සුදුස්සන් ව්‍යවස්ථාදායක මණ්ඩලයට යෝජනා කල යුත්තේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් සෑදුණු මණ්ඩලයක් විසින් යැයි අධිකරණය පිළිබද අනුකමිටුව යෝජනා කර ඇත. මේ මණ්ඩලය අග්‍ර‍විනිශ්චයකාරවරයා විසින් පත්කල යුතු වන අතර එසේ කිරීමේදී නීතිපතිවරයාගෙන් හා නීතීඥ සංගමයේ සභාපති වරයාගෙන් අදහස් විමසා සිටිය යුතු වෙයි. නීතිඥ සංගමය යනු අතිශයින්ම දේශපාලනීකරණය වූ ආයතනයකි. වරක් මෙහි සභාපතිවරයා හැටියට සිටියේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඊට පසු එම තනතුර දැරෑ පුද්ගලයා මගේ ආණ්ඩුව පෙරලීමට නීතිඥ සංගමයත් භාවිතා කොට යහපාලන ආණ්ඩුවේ ඉහල දේශපාලන පත්වීමක් ලබා ගත්තේය. නීතිඥ සංගමය ලංකාවේ දේශපාලනයට ඍජුවම මැදිහත් වී සිටින විදේශීය බලවතුන්ගෙන් මුදල් හා විශේෂ ගමන් යනාදිය ලබා ගන්නා ආකාරය මාධ්‍යයේ පල වී ඇත. මෙවැනි ආයතනයකට මොනම හේතුවක් යටතේවත් ඉහලම අධිකරණවල විනිශ්චයකාරවරුන් පත් කිරීම සම්බන්ධයෙන් බලයක් පැවරිය යුතු නැත. එමෙන්ම තමන්ගේ නඩු අහන විනිශ්චයකාරවරුන්ගේ පත්වීම් සම්බන්ධයෙන් බලයක් පුද්ගලික නීතිඥයන්ට ලබාදීමෙන් යුක්තිය පසිදලීමේ මුළු යාන්ත්‍ර‍යම දූෂණයට ලක්වී ඒ පිළිබදව මහ ජනතාවගේ විශ්වාසයද බිද වැටීමට ඉඩ ඇත.
  1. අධිකරණය පිළිබද අනුකමිටුව විසින් කර ඇති තව චෝදනාවක් වන්නේ රටේ සාමාන්‍ය උසාවි පද්ධතියට පිටින් විනිශ්චයකාරවරුන් හා ව්‍යවස්ථා පිළිබද විශේෂඥයන් හත් දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාමය උසාවියක් පිහිටවිය යුතු බවයි. ව්‍යවස්ථාව නිර්වචනය කිරීම, පනත් කෙටුම්පත් වල ව්‍යවස්ථානුකූලභාවය තීන්දු කිරීම,සම්මත කරන ලද පනත්වල ව්‍යවස්ථානුකූලභාවය තීන්දු කිරීම, මධ්‍යම රජය හා පලාත්සභා අතර ඇතිවන ආරවුල් විභාග කිරීම මේ ව්‍යවස්ථාමය අධිකරණයේ කාර්යභාර්යය වනු ඇත. ව්‍යවස්ථාවට අදාල ප්‍ර‍ශ්නයක් වෙනත් උසාවියක විභාගවන නඩුවකදී පැණ නැගුණහොත් ඒ නඩුව මේ ව්‍යවස්ථාමය උසාවියට යොමු වනු ඇත. වත්මන් ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාව නිර්වචනය කිරීමටත් පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය විභාග කිරීමටත් බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි. එහි මොනම වෙනසක්වත් නොවිය යුතු බව මගේ මතයයි. එපමණක්ද නොව මේ ව්‍යවස්ථාමය උසාවියට පත්කෙරෙන විනිශ්චයකාරවරුන් නොවන ‘ව්‍යවස්ථා පිළිබද විශේෂඥයන්’ කවුරුන් විය හැකිද යන්න ගැන බරපතල සැකයන් පැණ නගී. තවද පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක ව්‍යවස්ථානුකූලභාවය විභාග කිරීමට කිසිවෙකුටත් බලය නැතිය යන්න අපේ රටේ මෙතෙක් ක්‍රියාත්මක වූ මූලධර්මයයි.
  1. අළුත් ව්‍යවස්ථාව බලාත්මක වන අවස්ථාවේදී රටේ බලපැවැත්වෙන නීති තවදුරටත් වලංගු වන්නේ ව්‍යවස්ථාවේ වගන්තිවලට එම නීති අනකූල වන්නේ නම් පමණක්ය යන සාමාන්‍ය සිද්ධාන්තය මේ රටේ ඇතැම් ජනකොටස්වලට අදාල පුද්ගලික නීති වලට බලනොපෑ යුතු යැයි මූලික අයිතීන් පිළිබද අනුකමිටුව යෝජනා කර තිබේ. ඒ අනුව ඇතැම් ජනකොටස්වල පුද්ගලික නීති ව්‍යවස්ථාට පටහැනි වුවත් බලාත්මක වේ. කිසියම්ම හෝ ජනකොටසකගේ පුද්ගලික නීතියකට ව්‍යවස්ථාව හා මූලික අයිතීන් පිළිබද පරිච්ඡේදයටත් ඉහලින් සිටීමට ඉඩදුනහොත් එය අනෙක් ජනකොටස්වලට හිමි නැති වරප්‍ර‍සාදයක් තවත් ජන කොටසකට ලබාදීමක් වනු ඇත. මෙයින් අනවශ්‍ය ජාතික හා ආගමික නොසන්සුන්තාවයක් ඇතිවිය හැකිය.
  1. ලංකාවේ නීති ක්‍ර‍මයට අනුව, ආණ්ඩුව අත්සන් කරන විදේශීය ගිවිසුම්වල විධිවිධාන එක්වරම දේශීය නීති පද්ධතියට ඇතුලත් වන්නේ නැත. පාර්ලිමේන්තුව විසින් එම ගිවිසුමේ වගන්ති අපේ නීතියට ඇතුලත් කරමින් නව නීති සම්මත කරගත යුතු වේ. අලුත් ව්‍යවස්ථාව බලාත්මක වන අවස්ථාවේදී ආණ්ඩව විසින් අත්සන් කොට තිබෙන නමුත් තවම පාර්ලිමේන්තුව විසින් අපේ නීති පද්ධතියට ඇතුලත් කරගෙන නැති සියළුම ගිවිසුම් අලුත් ව්‍යවස්ථාව සම්මත වී අවුරුදු දෙකක් ඉකුත් වූ පසු මෙරටේ නීති පද්ධතිය තුළට ස්වයංක්‍රීයව ඇතුලත් විය යුතු බවට මූලික අයිතීන් පිළිබද කමිටුව නිර්දේශ කර ඇත. මෙය 1998 දී නිසි සොයාබැලීමකින් තොරව අත්සන් කල නමුත්, මෙම ලියවිල්ල නිසා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ජිනාවාහි මානව හිමිකම් කමිටුවට යටත් වන බවට පසුව ඇති වූ අවබෝධය නිසා පාර්ලිමේන්තුව විසින්  අපේ නීතියට ඇතුලත් නොකර සිටි; සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ප්‍ර‍ඥප්තියේ ‘අතුරු ලියවිල්ල’ පස්සදොරෙන් අපේ නීතියට ඇතුලත් කිරීමට ගන්නා නිරුවත් උත්සාහයකි. ඒ ලියවිල්ල ලංකාවේ බලාත්මක වුවහොත් අපේ ශ්‍රේෂ්ඨාධිකරණය විදේශීය අධිකරණයකට යටත් වනවා පමණක් නොව මේ ආකාරයට අවිධිමත් ලෙස විදේශීය ගිවිසුම් ස්වයංක්‍රීයව අපේ නීතියට ඇතුල් වුවහොත් නීති පද්ධතිය තුළ විශාල වියවුලක් ඇති වීමද වැලැක්විය නොහැක.
  2. මූලික අයිතීන් පිළබද අනුකමිටුවේ ප්‍ර‍ධානම නිර්දේශයක් වනනේ සිංහල හා දෙමළ භාෂා දෙකම ලංකාවේ රාජ්‍ය භාෂාවන් විය යුතු බවයි. 1957 දී එස්.ජේ.වී.චෙල්වනායගම් කලාප සභා ක්‍ර‍මය ඇති කිරීමට යෝජනා කල අවස්ථාවේදී උතුරු හා නැගෙනහිර පලාත්වල බහුතරයක් දෙමළ බස කථාකරන ජනතාව වාසය කරන නිසා එම කලාප සභා දෙකේ පරිපාලනයේ භාෂාව දෙමළ විය යුතු බවත්, එම ප්‍රදේශවල ජීවත් වෙන සිංහල සුළුතරය වෙනුවෙන් සිංහල භාෂාව පාවිච්චි කිරීම සදහා සාධාරණ විධිවිධාන යෙදීමට යෝජනා කලේය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් මුළු රටටම ආදේශ කලේද එවැනි ක්‍ර‍මයකි. එනම් සිංහල රාජ්‍ය භාෂාව වන අතර දෙමළ භාෂාව පාවිච්චි කිරීම සදහා සාධාරණ විධිවිධාන යෙදීමයි. ඉන්දියාවේ රාජ්‍ය භාෂාව හින්දි වන අතර දෙමළ, මළයාලම්, බංගලි වැනි භාෂාවන් භාවිතා කිරීම සදහා සාධාරණ විධිවිධාන යොදවා ඇත. දෙරටේම ක්‍රියාත්මක වන මේ සාධාරණ ප්‍ර‍තිපත්තිය අනවශ්‍ය  අත්හදාබැලීම් තුළින් විනාශ නොකළ යුතු යැයි ආණ්ඩුවට අවවාද කර සිටීමට මම කැමැත්තෙමි.

ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් මීට වඩා වගකීමිකින් යුතුව කටයුතු කරන ලෙසත් බෙදුම්වාදීන්ට හා විදේශීය බලවතුන්ට අවශ්‍ය කාරණා සාකච්ඡා කිරීමට පෙර මේ රටේ ජනතාවට පසුගිය ජනාධිපති වරණයේදී දුන් ප්‍ර‍ධාන ව්‍යවස්ථාමය පොරොන්දු මුලින්ම ඉටුකල යුතු යැයි මම යෝජනා කර සිටිමි. එමෙන්ම ඉහත සදහන් වූ අතිශයින්ම හානිකර යෝජනා කිසිවක් අවසන් ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් නොවනු ඇතැයි මම විශ්වාස කරමි. මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා සම්බන්ධයෙන් මහනාහිමියන් නොමග යැවීමට ශ්‍රීලනිප කණ්ඩායමක් යවා තිබීමෙන් පෙනෙන්නේ ‘බෙදීම’ යන වචනය පාවිච්චි නොකර රට බෙදන මේ ව්‍යවස්ථා සංශෝධන හානිකර නොවන දෙයක් හැටියට මහා සංඝරත්නයටත්, මහජනතාවටත් හුවා දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතිකවාදී ප්‍ර‍තිරෑපය පාවිච්චි කිරීමට දුෂ්ඨ වැඩපිළිවෙලක් දියත්වී ඇති බවයි.

තමන් මේ අවස්ථාවේදී  එජාපයට වහල් වී සිටීම හේතුවෙන් ශ්‍රීලනිපය පසුගිය දශක හය මුලුල්ලේ දැරෑ ප්‍රතිපත්ති පාවා නොදෙන මෙන් ආණ්ඩුවේ සිටින සියළුම ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගෙන් මම ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති

20,203 Viewers

14 Comments to “අලූත් ව්‍යවස්ථාවෙන් රට බෙදීම ස්ථිරයි.. ශ‍්‍රිලනිපයේ එජාප වහලූනි මව්බිම පාවා නොදෙනු.. – මහින්ද උස් හඩින් ලියයි..”

  1. wije galle says:

    Excellent sir.
    Well Explanation.
    Now as public who loved this country come forward to defeat this proposed so called constitution.
    This will be the end of Sri Lanka and by pass to “Elam”.

    As a initiative and start move
    I appeal from all JO members of Parliament refused all proposed new facilities to Parliamentarians by prime minister recently. Those allownces are ransoms and bribes to get votes.
    Then people will get realized fearness of these new constitution and you all can get good picture among public.

  2. hero says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ ඇයි .සුළු ජන කොටස් වලයහපතටද.?.ඔවුන්ගේ ප්‍රශ්න මොනවාද .ප්‍රධාන ජාතියේ ප්‍රසන වලට වඩා වැඩි ප්‍රශ්නද ?මේ ප්‍රසන උතුරු නැගෙනහිර වැඩිද .උතුරු නැගෙනහිර ට වඩා අනෙකුත් පළාත්වල ද්‍රවිඩ ජනයාට ප්‍රසන අඩුද.ප්‍රසන විසදීමට ජන වර්ග අනුව රටේ කොටස් ගණනාවක් බෙදා විසදිය යුතුද.ද්‍රවිඩ ජනතාව 50% පමණ සිටින උතුර නැගෙනහිර පළාත් වල හැර අනෙකුත් ප්‍රදෙස වල ජනතාවත් සිදුවන්නේ කුමක් ද.ඒ ය උතුරට යවනවද.මුස්ලිම් , කතෝලික යට මොකද කරන්නේ.ප්‍රසන විසදන්නමද උතුර නැගෙනහිර ඉඩම් ,පොලිස් බලතල ගන්න හදන්නේ.මේවා පොදු ජනතාව කල්පනාවට ගත යුතුයි

    • OLU says:

      ජාතිහිතේෂි සිංහල මිනිසුනේ රට ජාතිය ආගම බේරාගැනීමට ඒකාබද්ධ විපක්ෂය සිංහල බෞද්ධ සංවිධාන ..ජාතිහිතේෂි සංවිධාන සමග එක්වී පාරට බැහැපල්ලා ..වත්මන් ආණ්ඩුව විසුරුවා හරින තුරු උද්ගෝෂණ කරපල්ලා ..අපේ රට අනතුරේ ..මේ සිදුවන්නේ සිංහලයාගේ එකම මාතෘ භුමිය සිංහලයාට අහිමි වීමයි සමගි වී එක්වෙයව් ,,බඩ ගැන නොවේ රට ජාතිය ගැන හිතපල්ලා
      https://www.youtube.com/watch?v=_HFWpHNDaJc

  3. යුක්තිය says:

    රට බෙදුනොත් රනිල්ලට චන්දෙ දීපු සිංහල පරයො තමයි වැරදි,සුළු ජාතීන්ටත් වඩා… ඒ සිංහලු කියා ගන්න උන් තමයි නොපෙනෙන කුනු මේ රටේ, එල්.ටී.ටී එකට වඩා අහිතකරයි… ශ්‍ර.ල.නි.ප යේඇමති කටු කන ආත්මයක් නැති ගොබ්බස්ලට මහින්ද මහත්තය ලග ඉදන් චන්දෙ ඉල්ලපු නිසා දුන්නට ඊලග පාර මහින්ද ලගට ගියාට නෙවෙ මහින්ද කිව්වත් රට පාවල ව්‍ය්වස්තාව සම්මත කරොත් එකෙක්ට චන්දෙ දෙන්නෙ නෑ… එහෙම වෙලා උන් එක්ක එක පක්ශෙකවත් හිටියොත් මහින්ද මහත්තයටත් වෙන්නෙ දේශපාලනයෙන් සමුගන්න, ඒකයි ඇත්ත…

    • JOY says:

      “ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
      සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
      එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
      දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්

      ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
      උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
      හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
      ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

  4. WELL SAID President Rajapaksha as ALWAYS….PLEASE come back sooooooon and take the President’s seat with the help of the Patriotic Buddhist Maha Sangha and the majority SINHALA JANATHAWA……patriotic[desha premi] mahajanathawa of this country…..jaya wewaaaaaaaaaa!!!!!!!!!

    • SALMAL says:

      සිංහලයෙනි මේ අහපල්ලා ….ඇස් ඇර බලපල්ලා ….බෙදුම්වාදය දැනටම පටන් අරන්

      ලංකාවේ අවජාතක පාලකයින්ට අම්පිටියෙ සුමනරථන හිමියන් රිදෙන්නම කියයි
      https://www.youtube.com/watch?v=TIxVw8zql1I
      Hon. Mahinda we Slaute you Sir…. Thank you
      WAKE UP SINHALESE FOLKS WAKE UP PROTECT OUR MOTHER-LANKA

  5. saradieal says:

    අත තියන්න එපා මේ සම්බුද්ධ සාසනයට! අපි නිවට ජාතියක් නෙමේ! ඇල්ලේ ගුණවංස නාහිමි
    https://www.youtube.com/watch?v=75kzaWu3IzM

  6. ගුරුළු says:

    සිංහලයෙනි දැන් මේ සිදුවන්නේ කොටින්ට අන්තවාදී මරක්කලයින්ට පන දීම නේද ? නැගිටපියව්
    නව ව්‍යවස්ථාව හකුලා ගනු සිංහලයෙනි නැගිටිව්
    විනාඩි කිහිපයක් වැය කර මෙය නරබන්න
    https://www.youtube.com/watch?v=M2Z0gG21asU

  7. Micro Man says:

    යමපාලනයෙන් රට බෙදා වෙන් කිරීමට ප්‍රථමව රට ජාතියට හිතැති ඔබතුමන් පුමුඛ දේශමාමක ජනතා නායකයන් හට නැවතත් මෙම හෙළ භූමියේ පාලන තන්ත්‍රය නිසැකයෙන්ම හිමිවනවා ඇත.එදවස පැමිණෙන තෙක් අප නොඉවසිල්ලෙන් බලා සිටිමු෴.

  8. OLU says:

    සිංහලයෙනි ඇස් ඇරපල්ලා ..බලා සිටීමට කාලයක් නැත නව ව්‍යවස්ථාවෙන් සිදුකරන්නේ සිංහල බෞද්ධයාගේ මරණ වරෙන්තුවයි
    හෙළයිනි , මේ සිංහල අපේ එකම මාතෘ භුමිය ..රැකගනිව් ..සාකච්චා කිරීමෙන් පලක් නැත ..මුළු රටම මෙයට එරෙහිව යහපාලනය ට විරුද්ධව පාරට බසිව්
    උතුරේ කල්ලතෝණි දෙමෙල්ලු පන්සල් වෙහෙර විහාර කඩනවා සිංහලයින් එලවනවා ..නැගෙනහිර දෙමල TNA සහ අන්තවාදී මුස්ලිම් ජාතිකයින් පන්සල් සිංහල ඉඩම් කොල්ලාකනවා සිංහල ජාතිකයින් ඔවුන්ගේ ගම වලින් නෙරපනවා ..අපි තවත් නිවටයින් ලෙස බලා සිටිය යුතු නැත
    ජනපති, අගමැති ,කරුණාකර ඉල්ලා අස්වෙන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්න
    අපේ සිංහල බෞද්ධ ජාතික සංවිධාන … ඒකාබද්ධ විපක්ෂය , බොදු බල සේනා, මහසෝන් බලකාය ,රාවනා බලය , සිංහ ලේ ඇතුළු සියලුම දේශහිතෙෂි සංවිධාන සියල්ලම රට ජාතිය රැකීමට එක්වෙයව් …ඔබ සැමට රට ජාතිය බෞද්ධාගම රැකීමට ධෙෙර්ය ,ශක්තිය බලය ලැබේවා
    ඔබ සැමට අපේ ප්‍රණාමය ..දළදා සමිදු පිහිටයි ….අපේ වීර සිංහලයින්ට ජයවේවා
    සිංහලයා කවදාවත් යුදබිමේ පැරදී නැහැ ….අනාගතේදී පැරදෙන්නෙත් නැහැ ..හෙළයෙනි රට ජාතිය ආගම රැකීමට සමගි වී එක්වෙයව්
    මෙන්න දැන් නැගෙනහිර සිටින සිංහලයන්ට විරුද්ධව මුස්ලිම් සහ දමිලයින් ගෙනියන ජාතිවාදය …..ජනපති නිදිද ? අගමැති නිදිද ? පොලිස්පති නිදිද ?

    මේ ජාතිවාදී දෙමලුන්ටද අන්තවාදි මරක්කලයින්ටද රට බෙදන ව්‍යවස්ථාව ගෙන්න හදන්නේ ?
    මංගලාරාම රැකගැනීම සහ රට බෙදන ව්‍යවස්ථාවට එරෙහිවීම
    https://www.youtube.com/watch?v=oZYmID63yBw

  9. Nalika says:

    Oya pendanta kiyala wadak thiyewida?

  10. Roshan says:

    Thanhaya Jayathee Soko kiwwawalu. bala perethakama thama gihin naha yanneth naha. marenakota mamai janathipathi mamai janathipathi kiya kiya as wahei wage.

  11. ඇස says:

    Important Message on Sri Lanka Podujana Peramuna’s Facebook Page (Basil Rajapakshe’s Political Party):

    සිංහල-මුස්ලිම් ගැටුමක් අවුළුවාලීමට කැසකවන දෙමළ ඩයස්පෝරාවේ අරමුණ හමුවේ ඔබගේ වගකීම !

    නග්න බෙදුම්වාදී අගපසග ඒකීය සළුපිලි වලින් සගවා , මුළුමහත් ලංකේය ජාතියම රවටා, දෙමල ජාතිවාදී බෙදුම්වාදී නියායපත්රයට අනුව සකසන ලද බෙදුම්වාදී ෆෙඩරල් ව්යවස්ථාව කඩිමුඩියේ සමමත කර ගැනීම 2017 වසරේ පළමු කරිතුවේදී සිදුකිරීමට නියමිතව ඇත .

    නව ව්යවස්ථාව සම්මත කරගැනීම සදහා දෙමල ජාතිවාදී බෙදුම්වාදයට ලබාගැනීමට ඉතිරිව ඇත්තේ තවත් කඩුලු දෙකකක් පමණි. එනම් :

    1- පාර්ලිමන්තුවේ 3/2 ක බහුතරය එනම් පක්ෂව චන්ද 150 ලබා ගැනීම
    2- ජනමත විචාරණයකින් නව ව්යවස්ථාවට පක්ෂව සරල බහුතරයක් ලබා ජයගැනීමයි .
    මෙම අවසාන කඩුළු දෙකින් පළමු කඩුල්ල ඔවුන් ඉතාමත් පහසුවෙන් ජයගනු ඇත .

    ඔබට යම් සැකයක් ඇත්නම් මෙවර අය-වැය චන්ද ප්රතිඑලය නිරීක්ෂණය කරන්න – පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මෙරට සියලු සකලවිද ජනතාව , ජනතා විරෝදී මුග්ද අයවැයක් ලෙස අවිවාදයෙන් පිළිගන්නා මෙවර අයවැයට පක්ෂව චන්ද 162ක් ලැබුණි !

    තමන්ට නැවත ගමට යාමට නොහැකි බව ඉතා හොදින් පසක් කරගෙන සිටින ආණ්ඩුවට හේත්තුවී සිටින ශ්රීලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරු , හැකි උපරිම මුදලක් උපයා තම දේශපාලන ගමන කෙළවර කරගැනීමට මේවනවිත් තීරණය කර හමාරය. ඔවුන්ට් අවශ්ය ලන්සුව ලබාදීමට, සුව පහසු විශ්රාම දිවියක් ලබාදීමට ඩොලර් විසිකිරීමට දෙමල බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාව සැදී පැහැදී සිටී !

    මේ සන්දර්භය තුල ,බෙදුම්වාදී නව ෆෙඩරල් ව්යවස්ථාව සම්මත කරගැනීමට ඔවුනට ඇත්තේ අවසාන කඩුල්ල ලබාගැනීමේ අභියෝගය පමණි , ඔබගේ දායකත්වය දෙමළ ජාතිවාදී බෙදුම්වාදී ඩයස්පෝරාවට ලබාදීම හෝ නොදීම ඇත්තේ ඔබගේ අතේය. ඔබ අපගේ පොදු හතුරාගේ උපක්රමය තෙරුන්ගතහොත් මේ අවස්ථාවේ අප මවුබිම කැබලිවලට කැඩී වෙන්වී යාම වලක්වා ගැනීමට හැකිවනු ඇත!

    දෙමල බෙදුම්වාදීන්ට ඇති ප්රදාන අභියෝගය මුස්ලිම් ජනතාවගේ චන්දය ව්යවස්ථාවට පක්ෂව ලබාගැනීමයි . සහෝදර මුස්ලිම් ජනතාව සැමදාම බෙදුම්වාදී ජාතිවාදී ත්රස්තවාදයට විරුද්ද මතයක සිට සිංහල ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කලේය . විශේෂයෙන් නැගෙනහිර බහුතර මුස්ලිම් ජනතාව LTTE -TNA ජාතිවාදී පාලනයක් යටතේ ජීවත්වීමට කිසිසේත් කැමති නැත !

    මේ අභියෝගය ජය ගැනීමටනම් කෙසේ හෝ බෙදුම්වදින්ට අවශ්ය වන්නේ මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව කෙටවීම . එසේ කොටවා ,ප්රබාකරන් ගේ ජාතිවාදයත්, කාත්තන්කුඩි සංහාරය පිලිබඳ මතකයත් අතීතයට තල්ලුකරීමට සමත් , භුමියේ ක්රියාත්මක TNA ජාතිවාදය කෙටිකාලීනව හෝ අමතක කරවීමට සමත් බැලු බැල්මට මුස්ලිම් විරෝදී ක්ෂණික ජාතිවාදී ගැටුමක් සඳහා සිංහල ජනතාව පොළබවා ගැනීමය!

    මේසදහා ඩයස්පෝරාව සහ විදේශීය ඔත්තුසේවා යොදනා උපක්රමය වන්නේ අවස්ථාවාදී මුග්ද සිංහල ජාතිවාදී රංගනය යෙදෙන කොටස් වලටත් , මුස්ලිම් සමාජයේ කිසිදු පිළිගැනීමක් නැති , සෞදියේ අනුග්රහයෙන් කෘතිමව පිහිටවූ ගෝත්රික නුගත් කණ්ඩායම් වලටත් එකවර මුදල් සහ මාද්ය සහය ලබාදී ඔවුන්ගේ ප්රකාශ සහ ක්රියාකාරකම් හරහා මහා සමාජය තුල ජාතිවාදී ගැටුමක් ඇතිකරවිමය !

    මෙහිදී මුලින් උපක්රමිකව මුස්ලිම් ජාතිවාදී සුළු පිරිසක් ලවා සිංහල ජනතාව කුපිත කරවීමත් , එයට ප්රතිවිරුද්දව පැනනගින කස්වභාවික ප්රතික්රියාවක ස්වරුපයෙන් , කලින් අටවන ලද චරිත , චීවර ධාරීන් ,සිංහල ජනතාවගේ අසහාය විමුක්තිකාමීන් ලෙස ප්රාතිර්බුතවීමත් , දෙමල බෙදුම්වාදීන් කලින් සකස් කරණලද නියාය පත්රයට අනුව ජුගුප්සාජනක අශ්ලීල රංගනයක යෙදීමය. මෙහි Trailers, මේ වනවිටත් Thowheed Jamath , DAN , මංගලාරාමය, බොදුබලසේනා – කුරගල හරහා කරලියට පැමිණ තිබේ !

    බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාව, රනිල් -මංගල -චන්දිකා ගේ අනුග්රහයෙන් , සිරිසේනගේ නොසන්ඩාල කුහකත්වය භාවිතකොට පාර්ලිමන්තුව ජයගනු ඇත . ඔවුනට අවශ්ය අවසාන කඩුල්ල ඇත්තේ ඔබගේ අතේය !

    ඔබගේ චන්දය නව ව්යවස්ථාවට විරුද්දව ලබදිමන් පමණක් ඔබට මේ අවසාන කඩුල්ල ආරක්ෂා කර ගත නොහැක . ඔබගේ හැසිරීමද (විශේෂයෙන් Facebook ), දැනුවත් සමාජ භාවිතාවද යන කරනා මේ තීරණාත්මක අවසන් කඩුල්ල කරගැනීමේදී ඉතා විශාල බලපෑමක් කරනු ලබයි !

    මේ උහතොකොටික ගැටලුව අපට මෙසේ සරලව පසක්කරගත හැක, අප බොහොමයකගේ නිවෙස් වල ගෘහමූලිකයා තාත්තා වන අතර ගෙදර බුදුන් අම්මා වේ . එහෙත් මෙය අපගේ නිවෙස් වල කොහෙවත් ලියා නොමැත . මෙය අතිමහත් බහුතරයක් නිවෙස් තුල ක්රියාත්මක සත්යවේ . එහෙත් පවුල බිදවැටුණු තැන , මවටත් , පියාටත් හිමිතැන ඉබේම අවලංගුවේ , එය නැවත කොලේක ලියා හෝ ගලේ කොටා බලෙන් ස්ථාපිත කල නොහැක. එනම් පවුල යන පොදු සාධකයේ ස්ථාවර භාවය , නිවසේ බල තුලනය හා අනෝන්ය පැවැත්ම ට තීරණාත්මක බලපෑමක් සිදුකරන මහා පොදු සාධකය වේ!

    මේ අයුරින්ම, මඩකලපුව තිබෙන්නේ ලංකාවේ මිස ලංකාව තියෙන්නේ මංගලාරාමයේ හෝ මඩකලපුවේ නොවන බවත් , කුරගලත් , මුහුදු මහා විහාරයත් තිබෙන්නේ ලංකාවේ මිස ලංකාව තිබෙන්නේ කුරගල හෝ මුහුදු මහා විහාරයේ නොවන බව තෙරුන් ගැනීම් අතවශ්යවේ . එමනිසා , මුලින් බේරාගත්යුත්තේ ලංකාව බව තෙරුන්ගැනීමට ඔබ විචාරශීලි විය යුතුය!!!

    මේ වනවිට අප ලංකේය ශිෂ්ටාචාරය මුහුණපාමින් ඇති මේ තීරණාත්මක අභියෝගය ජය ගැනීමට නම්, ඔබ අපගේ පොදු හතුරාගේ උපක්රමයට හසුනොවිමට වග බලාගත යුතු අතර ඔබගේ අහිංසක මිතුරන් අවස්ථාවාදී පිල්ලි වල වසගකාරී උගුල්වලට හසුවිමන් වලක්වා ගැනීමටත් වගබලා ගත යුතුය .
    මෙනිසා , බහුතර මුස්ලිම් සහෝදරත්වය බෙදුම්වාදී ජාතිවාදීන් ගේ ඔඩොක්කුවට තල්ලුකිරීමේ පාපකර්මයට ඔබගේ දායකත්වය ලබා නොදීමේ වගකීම ඔබ සතුව ඇත !

    බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාවට අවශ්ය පරිදි 2015 ජනවාරියේ දී මෙන් මුස්ලිම් ජනතාව බුරුතු පිටින් නව ව්යවස්ථාවට පක්ෂව චන්දය ලබාදීමට අවශ්ය වටපිටාවක් නිර්මාණය කිරීමමේ පාපකර්මයට ඔබගේ දායකත්වය ලබා නොදීමේ වගකීම ඔබ සතුව ඇත.

    ඔබFacebook හරහා share කරන post, video, Comments ගැන වෙනදාට වඩා විමසිලිමත් වන්න , විද්දේ පදුරට වැදුනේ හාවට යයි පසුව කීමෙන් පලක් නොවන බව මතක තබා ගන්න !

    බෙදුම්වාදී , ෆෙඩරල් ව්යවස්ථාවට විරුද්දව වන්න – මේ තීරණාත්මක මොහොතේ අප ආදරණිය මාතෘභූමිය වෙනුවෙන් ඔබගේ යුතුකම නොපමාව ඉටුකරන්න !
    මාතෘභූමියට ජය !

    ~තෙෂාර ජයසිංහ ~

Main News