අලූත් ව්‍යවස්ථාවේ රචකයා හෙලි වෙයි.. අතහිත විදෙස් තානාපති කාර්යාලයක ගැටිස්සියක්… අරලිය මැදුරේ කාමරයක්..

July 19, 2018 at 2:10 pm | lanka C news
අලූත් ව්‍යවස්ථාවේ රචකයා හෙලි වෙයි.. අතහිත විදෙස් තානාපති කාර්යාලයක ගැටිස්සියක්… අරලිය මැදුරේ කාමරයක්..

ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙතෙක් කල් හෙලි නොවී තිබූ රජකයා කවුදැයි හෙලි වූ බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ බව සදහන් කරමින් ඒ මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන මෙසේය.

අප්පමාදෝ අමත පදං: ව්‍යවස්ථා පෙරළිය සූදානම්

දින දෙකකට වරක් කරලියට එන අලුත් මාතෘකා හමුවේ අප බොහෝ දෙනාට අමතක වූ ව්‍යවස්ථා නාටකය එහි නිර්මාපකයන් අමතක කර නැත. එහි අධ්‍යක්ෂකයෝ නළු නිළියන් මනා කොට පුහුණු කර නාටකයේ මුහුරත් උළෙල සුදානම් කර ඇත. ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ දී කපටි ලෙස නව ව්‍යවස්ථාව එළි දැක්වීමට සුදානම් කර තිබුණ ද දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග මහතුන්ගේ මැදිහත්වීම නිසා එය සති කිහිපයකින් කල් ගත වී ඇත.

වැදගත්ම දේ නව ව්‍යවස්ථාවේ රචකයා ඊයේ දිනයේ හෙළි වීමයි. දැන ගන්නට ඇති පරිදි ඔහු හතලිස් ඇඳිරියට කන්නාඩි පැළඳීමේ අවශ්‍යතාවක් හෝ මතු වී නැති පුද්ගලයෙකි. ඔහුගේ පියා සහ සීයා ද නීති ක්ෂේත්‍රයට සම්බන්ධ අය බව පැවසෙති. මේ පුද්ගලයාට සහාය වී ඇත්තේ බටහිර රටක තානාපති කාර්යාලයක සේවය කරන නීති උපදේශක ගැටිස්සියක බවත් පැවසේ. ඩබලට අරලිය ගහ මන්දිරයේ ව්‍යවස්ථා රචනයට කාර්ලයාලයක් වෙන්ව ඇති බව ද පැවසේ. ඊයේ මේ ගැන හෙළි වූ විට ජවිපෙ මන්ත්‍රීවරුන් රා බිවු උගුඩුවන් සේ හැසිරුණු බව ද පැවසේ.

විශේෂ අධිකරණ මගින් අප අපේක්ෂා නොකරන වේගයකින් වැදගත් පුද්ගලයන් කිහිප දෙනකු සිර ගත කර ඒ අල්ල පනල්ල හමුවේ නව ව්‍යවස්ථාවම හෝ එහි කොටසක් කූට ලෙස සම්මත කර ගැනීම සැලසුම වී ඇත. ක්‍රොයේෂියානු ජනපතිනියගේ අරක සහ තවත් බොහෝ දේ කතා කිරීම නවතා දමා ළඟ ළඟ එන ජාතික ව්‍යසනයට මුහුණ දීමට සියල්ලෝ සැරසෙමු.

– චන්න ජයසුමන FB

27,619 Viewers

10 Comments to “අලූත් ව්‍යවස්ථාවේ රචකයා හෙලි වෙයි.. අතහිත විදෙස් තානාපති කාර්යාලයක ගැටිස්සියක්… අරලිය මැදුරේ කාමරයක්..”

  1. Saradiel says:

    මේ කලුසුද්දන්ගේ නව ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ ඒකීය බව නැති වනවා. බුද්ධාගම නැති වෙනවා

  2. LION says:

    රට කැඩෙන, අවසානයේදී ඊලාම් හැදෙන, මේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා යෝජනාවන්ට තදින්ම විරුද්ධ වෙමු, සෙසු අයත් දැනුවත් කරමු! අදම මේ අහිතකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා ඉරා විසි කර දමමු!!!

    වසර 2500 ට එහා අප රැකගත් මේ පින්බර, වාසනාවන්ත දේශය ඉදිරි පරම්පරා වෙනුවෙන් ද අප රැකගනිමු!!!

  3. Buddhist says:

    Kumakwath danne nathi “Puss Pandithayo” thamai me wage liyanne. Thama api kawruth aluth viyavasthawa dakala na, eta issara mewage pissu katha liyanne kohomada? Loke boho ratawalwala viyavasthawa liyanna anith ratawal wala indala visheshaknayo genna gannawa. Lankawe ewage karana eke varadak na. Anthimata onama viyavasthawak Parlimenthuwe saha jana matha vimaseemen passe thamai anumathawenne. E hinda boru baya pracharawalata kandenna one na. Konda pana nathi, hiren berenna evun thamai moda katha pathirenne egollange golayo thamai pissu katha liyanne.

    • Real Buddhist says:

      දැන් රනිල් මෙච්චර කල් වැඩ කලේ ඔක්කොම පෙන්නලනේ. අනේ බූරු වහන්ස පිස්සු දොඩවන්නේ නැතුව ඉන්න.

  4. sumana says:

    ග්ලිපොසෙට් වලින් පසු දේශපානයට??? හික් හික්

    • විජේපාල says:

      මේ වගේ බුද්ධිමතුන් තමයි දේශපාලනයට එන්න ඕන. ගොන් හරක් එකතුවෙලා රට කනවා. දේශප්‍රේමී බුද්ධුමතුනි මව්බිම බේරා ගන්න.

  5. ඔරන් හුටං says:

    ඔක්කොටම මුල හිටං. හිටං සියල්ලටම වග කිව යුතුය්. අනික් උන් හැමදාමත් ඔහොමය්. රනිල් හැමදාමත් කලේ ඔවා. හිටං තමය් අපේ චන්ද අරන් රනිල්ට රට පුජ කලේ.

  6. Puransisku says:

    Vyawasthawa ahosikota Engalanthe wage weda karamu. Engalanthe loka yuddayakata nayakathwaya dunne vyawasthawak thibilada ?

Main News