අවංක රාජ්‍ය සේවක දඩයම නවතා දේශපාලන අතකොලුවක් නොවී සියල්ලන්ට එක ලෙස සලකන්නැයි නීතිපතිගෙන් ඉල්ලයි..

April 4, 2017 at 12:00 pm | lanka C news | ලංකා සී නිවුස්
අවංක රාජ්‍ය සේවක දඩයම නවතා දේශපාලන අතකොලුවක් නොවී සියල්ලන්ට එක ලෙස සලකන්නැයි නීතිපතිගෙන් ඉල්ලයි..

නීතියෙන් තමන් වෙත පැවරි ඇති බලය මහජනතාවගේ හිත සුව පිණිස යොදවනවා වෙනුවට පක්ෂග්‍රාහිව කටයුතු කරමින් ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිවාදීන් හා පැවති රජය යටතේ අවංකවම සේවය කල රාජ්‍ය සේවකයින් දඩයම් කිරීමක රජයේ නීතිපති දෙපාර්තමේන්තුව නිරත වන බවට චෝදනා කරමින් ගරුතර මහා සංඝරත්නයෙන් සමන්විත පැවිදි හඩ සංවිධානය නිතීපතිවරයා වෙත සංදේශයක් ඊයේ භාර දී ඇත.

භික්ෂූන්වහන්සේලා සිරගත කිරීම්, පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරමින් රණවිරුවන් සිරගත කිරීම්, දේශීය සම්පත් විදේශිකයන්ට විකිණීම,විවිධ අභූත කරුණු ඉදිරිපත් කරමින් අධිකරණය තීන්දු පමා කිරීම් වැනි දෑ නිතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් සිදු වන බවත්, එබැවින් දේශපාලනයට යටතේ නොකොට සියලුම දෙනාට සාධාරණ ලෙස නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරන ලෙස එම සංදේශයේ සඳහන් කර ඇත.

එම සම්පූර්ණ සංදේශය මෙහි දැක්වෙයි.

10,052 Viewers

7 Comments to “අවංක රාජ්‍ය සේවක දඩයම නවතා දේශපාලන අතකොලුවක් නොවී සියල්ලන්ට එක ලෙස සලකන්නැයි නීතිපතිගෙන් ඉල්ලයි..”

  1. DrJayawikrama says:

    ඕක හරියට බීරී අලින්ට විනා වාදනය කලා වගේ වැඩක්. නිතිපතිට ඕන උනත් ඔය සමහර නිලධාරින් වැඩ කරන්නේ දේශපාලන උවමනාවන් වලටයි, අධිකරණය ගොස් ටිකක් ඇහුම්කන් දුන්නොත් ඒක ලෙහෙසියෙන්ම අවබෝධ කරගත හැකිය.

    • magiya says:

      Ahai ahai malaaaa wage ahai

    • White Shark says:

      මේ ලිපිය ලිවීමෙන් කල ක්‍රියාව උතුම් වුනත්, පරමාර්ථය පක්ෂග්‍රාහී බව උදාහරණ විදියට ගත්ත දිවි නැගුම, ලිත සහ සිල් රෙද්ද කියන කරුණු වලින් පේනවා.

      යහපාලනයේ දේශපාලන දඩයමට අයිති ඔය ටික විතරද? විමල් වීරවංශගේ මහාධිකරණයේ තිබුණු ඇප ඉල්ලීමට නීතිපතිවරයා අසාමාන්‍ය ලෙස මැදිහත්ව විරෝධතාවය පලකිරීම ගැන සඳහන් නොකළේ ඇයි? විමල් වාහන අවභාවිතාවකට අනුබල දුන්නද කියන එක ඔප්පු කරන්න තවමත් විමර්ශන අවසන් කරලා නැහැයි කියල FCID එකම උසාවියටම කියත්දිත්, විමල්ට ඇප නොදී දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා ගැනීම ගැන කතා නොකළේ ඇයි?

      අවසර හාමුදුරුවනේ, මැතිවරණයක් ප්‍රකාශ කලාට පසුව “මුළු රටේම පුරවැසියන්ව” සලකන්නේ “ඡන්දදායකයින්” විදියට.

      එම නිසා මැතිවරණයක් ප්‍රකාශ කළායින් පසුව “රජයේ මුදල් හෙවත් මහජනයාගේම ධනය” වියදම් කරමින් “මේ ඡන්දදායකයින්ට” ප්‍රදානය කරන සියලු දේ සලකන්නේ ඡන්දය ලබා ගැනීම සඳහා දෙන අල්ලසක් විදියට. ඒක ලිතක්ද, සිල් රෙද්දක්ද කියන එක අදාළ නැහැ. මේ අවස්ථාවට කලින්, ඒ කියන්නේ මැතිවරණයක් ප්‍රකාශ කරන්නට කලින්, අවුරුදු පතා එහෙම නැත්නම් මාස්පතා රට පුරාම ඉන්න “උපාසක උපාසිකාවන්ට” මේ විදියට ලිත් සහ සිල් රෙද්දවල් ප්‍රදානය කළා නම්, අඩු ගානේ එතකොටවත් කියන්න පුළුවන් ඒක සාමාන්‍යයෙන් කරපු දෙයක් මිසක්, අල්ලසක් විදියට කරපු දෙයක් නෙමෙයි කියලා. එහෙම කරලා නැහැ නේද හාමුදුරුවනේ?

      මම ඒ ගැන විතරක් කතා කලේ ඒවා මේ ලිපියේ ප්‍රශ්තූත කාරණා විදියට පෙනෙන නිසා සහ විමල්ට අගතියක් වෙලා තියෙනවා කියල පෙනී පෙනීම ඒ ගැන කතා නොකළ එක ගැන විරෝධය පල කරන්නට.

      මේ කතාව ලිව්ව අනිත් කාරණාව ඉදිරියේ එන මැතිවරණ වලදී පවතින ආණ්ඩුවත් මේ සෙල්ලමම කරන්න ඉඩ තියෙන නිසා.

      නීතිපතිගේ පක්ෂග්‍රාහීකම ගැන කියන්න ඉස්සෙල්ල තමන් පක්ෂග්‍රාහී නොවී ඉන්න ඕනේ නේද හාමුදුරුවනේ?

      මම හොඳ බෞද්ධයෙක් හාමුදුරුවනේ. හැබැයි එහෙම කියලා එක පාර්ශවයකට පක්ෂ ලෙසත් එවැනි අගතියකට ලක් වෙච්ච වෙනත් පාර්ශවයක් සම්පූර්ණයෙන්ම නොසලකා හරිමිනුත් කරන අසාධාරණය ඉදිරයේ කට පියාගෙන ඉන්න බැහැ. එහෙම කිව්වා වුනත් මේ සංවිධානය, අර පුරවැසි බලය වගේ කාගේ හරි දේශපාලනයකට කෙලින්ම සම්බන්ධ අපක්ෂපාතී නොවෙන සංවිධානයක් නම්, මම කියපු කාරණාව අදාළ නැහැ.

      හැබැයි ඡන්ද බලය තියෙන පුරවැසියෙක් විදියට සහ බෞද්ධයෙක් විදියට මෙහෙම විරෝධය දක්වන්න මට තියෙන අයිතිය මම සම්පූරණයෙන්ම පාවිච්චි කරලා විරෝධය දක්වනවා.

      ඒ ඇරුනහම, අලි පැටවෙක් ළඟ තබා ගැනීමට විරුද්ධව හාමුදුරුවරුන්ට, දේශපාලකයන්ගේ ඉත්තන් විදියට පාවිච්චි වෙලා අද නොයෙකුත් චෝදනා වලට සිරගත වෙලා ඉන්න රට බේරාගත් රණවිරුවන්ට සහ රැකියාව බේරා ගැනීමට අකමැත්තෙන් වුනත් දේශපාලකයන්ගේ අණට යටත්ව ක්‍රියාකළ රජයේ නිලධාරීන්ට එරෙහිව කරන අයුක්ති සහගත දේශපාලන පලිගැනීමට විරෝධය දැක්වීම අගය කරනවා.

      ඒ වගේම, තෝරාගත් පිරිසකට නැතුව, මේ රටේ සියලුම පුරවැසියන්ට අදාළ වෙන විදියට කාරණා ගොනු කරලා, ආණ්ඩුවේ දේශපාලකයන්ගේ සහ එම දේශපාලකයන්ට සම්බන්ධ වෙනත් පුද්ගලයන්ගේ ඕණෑ එපාකම් පිරිමසන්නට, පෞද්ගලික පලිගැනීම් කරන්නට විනිසුරුවරුන්ට කරන අසීමිත බලපෑම නතර කරන්නට දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් මෙවන් ලිපියක් අග්‍රවිනිශ්චයකාරවරයා වෙතටත් යවන්නට ඔබ වහන්සේලා කටයුතු කරයි කියලා විශ්වාස කරනවා.

  2. NARAYANA says:

    Well said, but not toled was that AG’s Dept. Officers also paid by so called Anti Corruption Secretariat

  3. Saradiel says:

    හොරාගෙ අම්මගෙන් පේන අහන‍වා වාගේ.

  4. mapitigama says:

    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්?????

Main News