අවිධිමත් විදුලි විසන්ධි කිරීමට එරෙහිව විරෝධතා..

August 8, 2018 at 2:05 am | lanka C news
අවිධිමත් විදුලි විසන්ධි කිරීමට එරෙහිව විරෝධතා..

මන්නාරම නගරයේ අවධිමත්ව කිසිදු දැනුම්දීමකින් තෙරෙව දිනපතා සිදු කෙරෙන විදුලි විසන්ධි කිරීම්වලට විරෝධය පාමින් ප්‍රදේශයේ ආගමික නායකයින් ,දේශපාලඥයින් හා සාමාන්‍ය වැසියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මන්නාරම නගර මධ්‍යෙය් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

මන්නාරම් නගර මධ්‍යෙය් සිට මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා අදාල විරෝධතා පාගමන පැමිණි අතර විරෝධතාවයෙන් අනතුරුව මන්නාරම් නගරයේ විදුලි ඉංජිනේරු කාර්යාලයට හා දිසාපති කාර්යාල වෙතට විදුලිය විසන්ධිවීමකින් තොරව විධිමත්ව ලබා දෙන ලෙස ඉල්ලා ලිපියක්ද භාරදෙනු ලැබීය.

මන්නාරම් නගරයේ විදුලිය විසන්ධි වීම සිදු වන්නේ අලුත්වැඩියාවන් හා නව විදුලි පද්දතියක් සිදු කිරීම වෙනුවෙන්යැයි කියා බලධාරීන් කියා සිටියද විදුලි විසන්ධි කරන්නේ නම් කිසියම් කාල සටහනකට ජනතාව දැනුවත් කොට සිදු කල යුතු බවට විරෝධතා කරුවන් කියා සිටියහ.

එමෙන්ම මේ වන විට මන්නාරමේ විදුලිය විසන්ධි වන වේලාක් නොදන්වා හිටි හැටියේම විදුලිය විසන්ධි කළ පසු නැවත පැය ගණණකට පසුව විදුලිය ලැබුනද එම විදුලිය විදුලි බුබුලක් දැල්වීමට තරම්වත් ප්‍රමාණවත් නොවැන හෙයින් තම ව්‍යාපාරකි කටයුතු වෙනුවෙන් විදුලිය නොමැති වීම නිසා දැඩි අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇතයි විරෝධතාවට එක්වූ මන්නාරමේ ව්‍යාපාරිකයින් කියා සිටියහ.

එමෙන්ම විදුලිය නොමැතිකම නිසා මේ දිනවල විභාගයන්ට පෙනී සිටින දරුවන්ටද අධ්‍යාපන සිදුකර ගැනීමට නොහැකිවීමෙන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවට ප්‍රදේශවාසීන් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,220 Viewers

Leave a Comment

Main News