අවුරුදු දා මහ සුලං.. ගෙවල් 28ක් විනාශයි.. A9 පාර වැහේ..

April 15, 2017 at 4:40 pm | lanka C news
අවුරුදු දා මහ සුලං.. ගෙවල් 28ක් විනාශයි.. A9 පාර වැහේ..

ඊයේ අලූත් අවුරුදු දා වව්නියාව හරහා හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් නිවාස හා දේපල රාශියකට හානි සිදුව ඇත.

වව්නියාවේ කලුකුන්නම්මඩුව හා අලුත්ගම ගම්මානවලට දැඩිව බලපා ඇති මෙම සුළග ඊයේ පස්වරු 6.00 පමණ හමා ගොස් ඇත.

මේ නිසා එම ප‍්‍රදේශයන්හි නිවාස 28කට පමණ දැඩි ලෙස හානි සිදුව ඇති අතර ගස් කඩා වැටීමෙන් ඒ-9 මාර්ගයේ වාහන ගමනා ගමනයද අඩාල විය.

කෙසේ වෙතත් හමුදාව විසින් ගස් ඉවත් කර ගමනාගමනය සාමාන්‍ය තත්වයට පත් කර ඇත. සුලග නිසා එහි වගාවන්ටද දැඩි හානි සිදුව තිබේ.

3,875 Viewers

One Comment to “අවුරුදු දා මහ සුලං.. ගෙවල් 28ක් විනාශයි.. A9 පාර වැහේ..”

  1. NARAYANA says:

    This is DEWASAPAYAK because NAPUNSAKA rulers must go if not country will be finished

Main News