අවුරුදු සාදය ගුටි කෙලියක් වෙයි.. පහක් රෝහලේ..

April 17, 2018 at 12:40 pm | lanka C news
අවුරුදු සාදය ගුටි කෙලියක් වෙයි.. පහක් රෝහලේ..

මුලතිව් කුමලමුනෙයි ප්‍රදේශයේදී පැවති උත්සව අවස්ථාවකදී ඊයේ (16) තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

නව අවුරුදු සාදයකදී දෙපාර්ශවයක් අතරතුර බහින්බස්වීම දුර දිග යාමෙන් තරුණයින් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර සාදය තිබූ ස්ථානයේ බඩු බාහිරාදියටද හානි සිදු වී ඇත.

කෙසේ වෙතත් තුවාල ලැබූ පස් දෙනාට බරපතල නොවන අතරම පහරදුන් පිරිස් අතඅඩංගුවට ගැනීම සඳහා පරික්ෂණයක් අරඹා ඇති බවට මුලතිව් පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,684 Viewers

One Comment to “අවුරුදු සාදය ගුටි කෙලියක් වෙයි.. පහක් රෝහලේ..”

  1. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    යුද්දෙ නැතුව පාලුය්

Main News