අහිතකර දේශගුණික බලපෑම් අවම කිරීමට ජාත්‍යන්තර ගිවිසුමක්…

October 5, 2018 at 2:05 am | lanka C news
අහිතකර දේශගුණික බලපෑම් අවම කිරීමට ජාත්‍යන්තර ගිවිසුමක්…

ශ්‍රී ලංකාව සහ හරිත දේශගුණික අරමුදල අතර සත්කාරක රාජ්‍ය ගිවිසුමකට එලඹීමට රජය තීරණය කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

රජය මෙම තීරණය ගෙන තිබෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව පරිසර හිතකාමී හරිත කලාපයක් බවට පත්කර ගැනීමේ අරමුණෙනි.

මිට අමතරව කෘෂි වන වගා පර්යේෂණ පිලිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ සත්කාරක රජයක් ලෙස ගිවිසුමකට එළඹීමටත්, ගෝලීය හරිත වර්ධන ආයතනයේ සාමාජිකත්වය ලබා ගැනිමටත් රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සඳහා වන යෝජනාව ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබේ.

හරිත දේශගුණික අරමුදලේ සභාපති වන එක්සත් ජාතීන්ගේ සංගමයේ හිටපු මහ ලේකම් බෑන් කී මුන් මහතා ශ්‍රී ලංකාවේ අහිතකර දේශගුණික බලපෑම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක් වීමට මේ වනවිටත් එකගතාව පල කර ඇත.

– Media Unit

474 Viewers
Main News