අැමති තිගාම්බරම් යුග මෙහෙවරක නිරත වෙනවා..- රාජිත

July 3, 2018 at 8:02 am | lanka C news
අැමති තිගාම්බරම් යුග මෙහෙවරක නිරත වෙනවා..- රාජිත

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගම්බරම් මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ, දොඩම්ගොඩ අරප්පොල කන්ද වතුයායේ නිවාස නිවාස 29 ක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් ජනතා අයිතියට පත්කරන ලදි.

රුපියල් ලක්ෂ 290 ක වියදමින් ඉදිකරන ලද මෙම නිවාස ව්‍යාපෘතියට අමතරව ලක්ෂ 17 කින් යුත් ජල ව්‍යාපෘතිය ද, ලක්ෂ 10 කින් යුත් කොන්ක්‍රීට් කරන ලද මාර්ගය ද මෙහිදී විවෘත කළේය.

පර්චස් 07 ක බිම් ප්‍රමාණයකින් යුත් වර්ග අඩි 550 ක අංග සම්පූර්ණ මෙම නිවාසයක වටිනාකම ලක්ෂ 10 කි.

මීට අමතරව මෙම නිවාස සඳහා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ප්‍රතිපාදන යොදවමින් විදුලියද ලබා දී තිබේ.

එමෙන්ම වතුකරයේ ළමුන්ගේ සෞඛ්‍ය තත්වය වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍යාංශ ප්‍රතිපාදන වැයකර සකස්කරන ලද “ටිකිරි ශක්ති” අධිපෝෂණ බිස්කට් නව මුහුණුවරකින් එළිදැක්වීමද මෙහිදී සිදුවිය. ඒ අනුව වතුකරයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුලදී අවු 2 – 5 ත් අතර ළමුන්ට මෙම අධිපොෂණ බිස්කට් ලබා දෙනු ඇති.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා,

“වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ වතුකරයේ නායකයා වන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා දිගටම පෙනී සිටියා, තමුන්නාන්සේලා වෙනුවෙන් සටන් කළා, කථා කළා. ඒවායේ ප්‍රතිඵල තමයි මේ එන්නේ. එක දවසකින් දෙකකින් වුණු දේවල් නෙවයි. තව ඉදිරියට වතුකරයේ ජනතාව වෙනුවෙන් මේ රජය මෙවැනිම සමාජ සුබසාධන වැඩ සටහන් දියත් කරනවා.

අදියරෙන් අදියරට වතුකරයේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහාත් තමුන්නාන්සේලා රටේ සමාන අයිතිවාසිකම් තියෙන පුරවැසියන් බවට පත් කිරීම සදහාත් අපි දිගටම ක්‍රියාකරනවා. ඒ සඳහා ඇත්තටම අපේ පලනි තිගාම්බරම්  මැතිතුමා අපිත් එක්ක එකතු වෙලා විශාල යුග මෙහෙවරක් සිදු කරනවා.” යැයි පැවසීය.

මෙම අවස්ථාව සඳහා කළුතර පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩවිතාන මහතා, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ලේකම් රංජනී නඩරාජපිල්ලෙයි මහත්මිය, වැවිලි සවර්ධන භාරයේ සභාපති වී පුත්‍රසිගාමනි මහතා ඇතුළු  ප්‍රදේශයේ වැවිලි ප්‍රජාව ද සහභාගී විය.

– අරුණ රත්නායක

4,463 Viewers

One Comment to “අැමති තිගාම්බරම් යුග මෙහෙවරක නිරත වෙනවා..- රාජිත”

  1. "සිංහ වෙස් කොටියා" says:

    බෙහෙත් දෙනවනම් දොස්තර කෑල්ල දාපන්
    ජාතියට හතුරුනම් එම්බාම් පාල නම දාපන්
    සිංහ ලෙයට කරන කැනහිලි ප්‍රබා නම දාපන්
    මූවගෙ අධමයකු විජයකලා ගෑනිට බැඳ දීපන්

Main News