ආගමික සංහිඳියාවට බෞද්ධ පුරාවස්‌තු විනාශය ගැන කතා කිරීම අකැපද..

December 27, 2017 at 1:20 pm | lanka C news
ආගමික සංහිඳියාවට බෞද්ධ පුරාවස්‌තු විනාශය ගැන කතා කිරීම අකැපද..

සාම්පූර් ප්‍රදේශයේ විනාශ කළ දාගැබ නැවත ඉදිකිරිමෙන් තොරව එම ඓතිහාසික වරද සකස් කරගත නොහැකි බව හෙල බොදු සවිය සංවිධානය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් පුරාවිද්‍යා කොමසාරිස්වරයා වෙත යවා ඇති ලිපිය මෙහි දැක්වෙයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,                                                                                             2017-12-27

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.
කොමසාරිස් තුමනි,

සාම්පූර් ප්‍රදේශයේ විනාශ කළ දාගැබ නැවත ඉදිකිරිමෙන් තොරව එම ඓතිහාසික වරද සකස් කරගත නොහැකිය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නැඟෙනහිර පළාතේ සැඟවී තිබූ පැරණි ස්ථාන සොයා පුරාවිද්‍යා ගවේෂණයක් කළේය. එහිදී සොයා ගත් වැදගත් පුරාවිද්‍යා ස්ථාන අතර ගරාවැටුණු පුරාණ දාගැබක් ත්‍රිකුණාමලයේ මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සුඩෙයිකුඩාවලය හමුවිය. ඒ පුරාවෘත සනාථ කරන විද්‍යාත්මක සාධක ගණනාවක් අවට විසිරී තිබුණු අයුරු ගවේෂණ නිලධාරීහු වාර්තා කර ඇත. මෙම ස්ථානය එක් දිනක් ඇතුලත බුල්ඩෝසර් කර විනාශ කිරිම චිරස්චීන කටයුත්තකි.

නැඟෙනහිර ඓතිහාසික බෞද්ධ උරුමය පිළිබඳ කියැවෙන මේ ඓතිහාසික දාගැබ් වහන්සේ ඩෝසර් කිරිම නැගෙනහිර බෞද්ධ උරුමයට කළ අති විශාල ප්‍රහාරයකි. බෞද්ධ උරුමයන්, විශේෂයෙන් පුරාවස්තු සහ පුරාවිද්‍යාත්මක ස්මාරක විනාශ කිරීම දීර්ඝ කාලයක සිටම සිදු වෙමින් පවතියි. පුරාවස්තුන් සදහා හානි පමුණුවන්නා කවරකු වුවද ජනතාව ඊට එරෙහි විය යුතුය. මන්ද ඒවා අයත් වන්නේ අද ජීවත් වන අයට පමණක්  නොව මතු උපදින පරම්පරාවට ද අයිතිය. මෙවැනි පුරාවිද්‍යා ස්මාරකයක් විනාශ කිරීම 1940 පුරාවිද්‍යා ආඥා පනත යටතේ ඇප ලබා නොදෙන බරපතළ වරදකි.

නැගෙනහිර හෝ ශ්‍රි ලංකාවේ ඕනෑම තැනක අන්‍ය ආගමික ස්‌ථානයක්‌ හදිසියෙන් හෝ ඩෝසර් වීමට නොව ගල් පහරක්‌ එල්ල වුවත් කලබල වන පුද්ගලයන් මේ ගැන නිහඬ සිටින්නේ මන්ද යන්න ප්‍රශ්නයකි. ආගමික සංහිඳියාවට බෞද්ධ පුරාවස්‌තු විනාශය ගැන කතා කිරීම අකැපද? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ විනාශය ගැන කියන්නේ කවරක්‌ද? වසර ගණනාවක පටන් නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීම සංවිධානාත්මකව සිදු බව ඔබ නොදන්නවා නොවේ.

එකොළොස්‌ වසරක්‌ පුරා කොටි ත්‍රස්තවාදී පාලනය යටතේ තිබී ඉන් අනතුරුව මුදාගනු ලැබූ මෙම ප්‍රදේශයේ තිබී සොයා ගන්නා ලද මෙම ඓතිහාසික දාගැබ විනාශකර දැමීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා පොලිසිය මෙන්ම සාම්පූර් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිම සතුටට කරුණකි. එහෙත් එම පර්යේෂණ  දිගටම සිදුවන්නේ ද යන්න අපහට ඇති සැකයයි. එබැවින් එම වරද නිවරැදි කරගැනිමට නම් රජය මැදිහත් විමෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැන් සිදු කළ යුත්තේ එම ඓතිහාසිකත්වය රැකෙන පරිදි එම ස්ථානයේ ම නැවැත චෛත්‍ය රාජ්‍යන් වහන්සේ ඉදිකිරිම බව අපගේ විශ්වාසයයි.

බුදුගල ජිනවංස හිමි
සභාපති

7,986 Viewers

8 Comments to “ආගමික සංහිඳියාවට බෞද්ධ පුරාවස්‌තු විනාශය ගැන කතා කිරීම අකැපද..”

  1. sirisena says:

    මෙයත් යම පාලනේනේ.

  2. Perera says:

    oya jinawansaya amuma amu jaathiwaadiyek. okun hithan inne mehe thiyenna ine pansal witharayi kiyala. jaathiwaadi budu dahama loketama hisaradayak. lowa niwaradima widyaawa bibalaya pamanayi.

  3. SUNIMAL says:

    මේ රටේ ජනතාව යහපාලනයට ඡන්දය දුන්නේ රට මෙසේ අරාජික කෙරෙද්දී ඒ “හිස්‌ ටිං එක” දොaතට ගන්නටද? ඊට නිසි පිළිතුර ඉදිරියේදී යහපාලකයන්ට ලැබෙනු ඇත.

    • Jonaa'S Brother says:

      විජිත හේරහ් මහාතාගෙ කියමන අනුව බෝතල් සිරාට පත්තර කැලි පරන බෙලෙක් තහාඩු එකතුකරනවා මිසා පූරාවිද්යා කටයුතු ගැන කිසිම තේරුමක් නැත.

    • OLU says:

      පුරාවිද්‍යා කොමසාරිස්වරයා නිදිද ? මොහුව පුරාවිද්‍යා කොමසාරිස් ධුරයෙන් වහාම ඉවත් කරන්න
      මේ ගැන වත්මන් රජය වහාම ක්‍රියා කල යුතුයි ..අපරාධකරුවන්ට වහාම දඩුවම් දියයුතුයි

  4. Lolla says:

    රටෙන් පිට මේවා වුනා
    මාලදිවයින ඇෆ්ගනිස්තානයේ මේවා වුනා
    එත් දුක අපේ රට ඇතුළත් මෙවැනි දේ වෙන එක ගැනයි

  5. Rupa says:

    චෝල මලබාර් ආක්‍රමනයෙදි සිදුවූ අපේ බොදු සන්ස්කෘතිය වැනසීමේ ක්‍රියාවලිය නැවත මේ යහපාලනය නම් වූ දුශ්ට පාලකයින් විසින් අරඹා ඇත.

Main News