ආණ්ඩුකාර නියෝගය නොතැකේ.. බස්නාහිරට රජ පුටු ගෙන්වයි..

August 27, 2018 at 1:20 pm | lanka C news
ආණ්ඩුකාර නියෝගය නොතැකේ.. බස්නාහිරට රජ පුටු ගෙන්වයි..

විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වෙමින් තිබුනද බස්නාහිර පළාත් සභාව විසින් එහි මන්ත්‍රීවරුන්ට බෙල්ජියමෙන් නව පුටු මිලදී ගැනීමේ කටයුත්ත නතර නොවනු ඇති බවට අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

පුටු 135 ගැනීමට නියමිතව ඇත්තේ පුටුවක් රුපියල් 640,000ක් බැගිනි.

පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කරන්නේ මේ සඳහා වන ඇනවුම් මේ වන විටත් බෙල්ජියමේ සැපයුම් කරුවකුට ලබාදී ඇති බවයි.

මෙම පුටුවක මිල රුපියල් ලක්ෂ දෙකක් වුවත් රේගු ගාස්තු නැව් ගාස්තු ආදිය එක් වූ විට මිල රුපියල් 640,000ක් වන බව ලේකම්වරයා සඳහන් කරයි.

පළාත් සභාව තුළ මන්ත්‍රීවරුන් 104ක් සිටියත් පුටු 31 වැඩිපුර ඇණවුම් කර ඇත.

මෙම පුටු මිලට ගැනීම අත්හිටුවන්නැයි පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර නියෝග කර ඇතත් පළාත් සභා විසින් පිළිපැදීම සිදු කර නැති බව ද වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

11,543 Viewers

7 Comments to “ආණ්ඩුකාර නියෝගය නොතැකේ.. බස්නාහිරට රජ පුටු ගෙන්වයි..”

  1. Kadiya says:

    ආණ්ඩුකාරයා කියන්නේ ජනාධිපතිගේ නියෝජිතයා. එතකොට ආණ්ඩුකාරයාගේ නියෝගය නොතකා හරිනවා කියන්නේ ජනාධිපති නොතකා හරිනවා කියන එකයි. වසුරු දේවප්‍රිය ජනාධිපති ගණන්ගන්නේ නැහැ කියන එකයි මේකෙන් පෙනෙන්න තියෙන්නේ. අපට කියන්න තියෙන්නේ “නිවට ඇම්බැට්ටයට එළුවාත් රැවුල පානවා, මගේ රැවුල කපපන් කියල” විතරයි.

  2. Love nature says:

    කොතැන වුණත් නැත මරු හට
    බාදා
    විඳින මෙසැප පින් ඇති තෙක්
    වේදා
    ගෙවෙන සසර දුක් බුදු බණ
    නාදා
    කුමන නැටුම් කෙළි කවට සි
    නාදා

  3. Love nature says:

    කුමටද කාබී නිති සැරසෙ
    න්නේ
    කොතැනද මේ කය අරගෙන
    යන්නේ
    ඇම සඳ නොමැළිව පින් කර
    ගන්නේ
    එම වද බව සයුරෙන් ගොඩ
    ලන්නේ

  4. Love nature says:

    මස් නැති ඇට කටු බලු ලෙව
    කන්නේ
    කුස් පිරුමක් පලයක් නොල
    බන්නේ
    ලෙස ඒ සැපතෙහි සැප නොසි
    තන්නේ
    දොස් නොපෙනෙනු මිස දුක්මය
    වන්නේ

  5. sunimal says:

    ඔය පුටුවල ඉදගන්න සැම වාරයක්ම දුප්පත් මහජනතාවගේ සාපයට අසුවෙනවා

  6. පුටු...පුටු...පුටි...පුට්ටු .... says:

    පුටු…පුටු…පුටි…පුට්ටු …. යකෝ අපි බාස්ලද? හදාගන්ට බැරි පුටු නොගේනවා පැදුරේ වැඩි වෙන්ඩද කියන්නේ? පුටු….පුටු..පුටු…..ගෑනු අටට කන්තෝරු පුටු උඩම සලකමු….පුටු….පුටු..පුටු…

  7. Tax Officer says:

    What a waste of poor taxpayers’ hard-earned money?

Main News