ආණ්ඩුවට අවුරුදු දෙකහමාරයි.. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන පහයි.. (මාස හයකට එක බැගින්)

September 8, 2017 at 3:50 pm | lanka C news
ආණ්ඩුවට අවුරුදු දෙකහමාරයි.. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන පහයි.. (මාස හයකට එක බැගින්)

පිවිතුරු හෙල උරැමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

මට ආරාධනා පත්‍රයක් ලැබුනා එන්න කියලා. කවුද මේ එන්න කියන්නේ. ජනපතිතුමයි අගමැතිතුමයි තමයි මේ එන්න කියන්නේ. මොකටද මේ එන්න කියන්නේ. එන්න අපි හදමු පොහොසත් රටක් කියලා, පොහොසත් රටක් හදන්න තමයි එන්න කියන්නේ. ජනපතිතුමන් සහ අගමැතිතුමන් එක් වී පොහොසත් රටක් හදන දැක්ම ඉදිරිපත් කරනවාලු. ආණ්ඩුව බිහි වෙලා වසර දෙකහාමාරකටත් වඩා ගෙවුණාට පස්සේ පොහොසත් රටක් හදන දැක්ම ඉදිරිපත් කරනවා කියන්නේ ආණ්ඩුව පිළිගන්නවා මෙතරම් කලක් ආණ්ඩුවට දැක්මක් තිබ්බෙ නෑ කියන එක. එහෙමත් නැත්නම් මෙතෙක් කල් කරගෙන ගිය වැඩපිළිවෙල අසාර්ථකයි ප්‍රායෝගිකත්වයෙන් තොරයි කියලා.

2015 ජනවාරි මාසයේ “මෛත්‍රි පාලනයක් – ස්ථාවර රටක්“. කියන ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. 2015 අගෝස්තු මාසයේ “මාස හැටෙන් අළුත් රටක්“ කියන ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. ඊට පස්සේ අගමැතිතුමා දෙපාරක් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයන් ඉදිරිපත් කළා. මේ ප්‍රකාශන හතරම ක්‍රියාත්මක නොකර දැන් ඔන්න අද අළුත් එකක් ඉදිරිපත් කරනවා . මෙහෙම නිරන්තරව ඉදිරිපත්කරන ප්‍රතිපත්ති ප්‍රකාශන නිසා විහිළුවට ලක්වෙන්නේ ආණ්ඩුවම තමයි. ඒනිසා අපි ආණ්ඩුවට කියන්නේ අළුත් කතා කියන්න කලින් පරණ කතා මහ පොලවේ ක්‍රියාත්මක කරන්න. එතකොට තමයි ඔය කියන කතා ඥාණ කතා වගේ වැඩකට ඇති කතා වෙන්නේ.

මගේ මිත්‍රයෙක් පුස්තකාලයකට ගිහින් “මෛත්‍රි පාලනයක් – ස්ථාවර රටක්“ සහ “මාස හැටෙන් අළුත් රටක්“ කියන ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක හොයලා හොයලා හොයා ගන්න බැරි වුණාම පුස්තකාල නිළධාරියෙකුගෙන් ඇහුව්වාලු පොත් දෙක කොහෙද තිබෙන්නේ කියලා. එතකොට නිළධාරියා කිව්වාලු ඒ දෙක නම් අනිවාර්යෙන් තිබෙන්න ඕනෑ සුරංගනා කතා තිබෙන රාක්ක වලයි කියලා. අතිගරු ජනපතිතුමනි, ගරු අගමැතිතුමනි, අද නිකුත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය තවත් සුරංගනා කතාවක් නොවේවා කියා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

– අරවින්ද අතුකෝරල

5,152 Viewers

7 Comments to “ආණ්ඩුවට අවුරුදු දෙකහමාරයි.. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන පහයි.. (මාස හයකට එක බැගින්)”

  1. Lolla says:

    එල ද braa………..👍

  2. kanishka Tissa says:

    This government must have been the funniest and the most inefficient government that any country in the entire world ever had. It has even been able to outsmart the Chandrika’s government! In that respect this government should really feel proud.

  3. rambanda says:

    ඕක නම් මහත්තයෝ දැන් කවුරුත් දන්නව. ත්‍රී වීලර් කාරයො බර ගානක් මට කියලත් තියනව.

  4. love nature says:

    ආඩි හත්දෙනෙක් අම්බලමක දී එකතු වූහ.

    ඔවුහු රාත්‍රී ආහාරය සඳහා කැඳක් පිළියෙල කිරීමට තීරණය කළෝය. “හැම දෙනාම හාල් මිට මිට දාලා කැඳ හදමු..” එක් කෙනෙක් යෝජනා කළේය. ඊට සියල්ලෝම එකඟ වූහ. “අනිත් හයදෙනාගේ හාල් වලින් කැඳ හැදෙනවනෙ. මම එයින් ටිකක් බොනව,මගේ හාල්මිට ඉතිරි කර ගන්නව” හත්දෙනාම මෙසේ සිතා හාල්මිට මුට්ටියට දමන බව පෙන්වා ආපසු ගත්තෝය.
    අවසානයේදී හැ‍මදෙනාටම උණු වතුර බී නිදාගැනීමට සිදුවිය.

  5. love nature says:

    දේශපාලන අර්බුදය කියන්නේ රටට නායකයෙක් නැති කම. සිරිසේන හිතනවා එතුමට ජනවරමක් ලැබුණු නිසා එතුම තමයි මේ රටේ පාලකයා කියලා. අගමැති රනිල් හිතනවා නෑ සිරිසේනව ඉත්තා කරලා මමයි බලයට ගත්තේ ඒක නිසා රටේ පලකයා මමයි කියලා. මේ දෙන්නට එකතුවෙන්න කපුකම කලේ මම නිසා මට ඕන විදිහට රට පාලනය වෙන්න ඔනේ කියලා චන්ද්‍රකා හිතනවා. ඉන්දීයාව හිතනවා මහින්ද මහත්තයාට බොරු වලවල් කපලා මේ ආණ්ඩුව පෙරලන්න වැඩ කළේ අපි ඒ නිසා අපිට ඕන විදිහට රට පාලනය වෙන්න ඕනේ. එක නිසා තමයි කවුරු එපා කිව්වත් මම එක්තා අත්සන් කරනවා කියන්න අගමැතිට වෙලා තියෙන්නේ. මේ රට වට කරලා චීන මහාපාකාර හැදුවේ නැත්තේ මුහුදෙන් වටවෙලා තියෙන නිසා. වසර දහස් ගාණක් ආරක්ෂා වෙලා තිබුණු මුහුදෙන් වටවෙලා තියෙන එක අහිමි කර ගෙන ඉන්දියාව ලංකාව යාකරන හනුමා පාලමක් ඉදිකරන්න වෙලා තියෙන්නේ රටේ ඉල්ලුමක් නැතත් ඉන්දීයාවට ඕන විදිහට මේ රට පාලනය විය යුතුයි කියලා ඉන්දියාව හිතන නිසා. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිවරණයට දෙමළ බෙදුම්වාදීන්ගේ සල්ලී ජන්ද ගෙනත් දුන්නේ අපි ඒක නිසා ඇමරිකාවට ඕනවිදිහට රට පාලනය වියයුතුයි කියලා ඇමරිකාව හිතනවා.

  6. love nature says:

    මේ ආණ්ඩුව කියනවා අපි අවුරුදු 5 තුනෙන් දෙකේ බලය තියා ගෙන ඇමතිවරු 100ක් නඩත්තු කරගෙන ඉස්සරහට යන්නේ කියලා. එහෙනම් අපි මේ ආණ්ඩුව ගෙදර යවන්නේ කොහොමද? ඉතිහාසයෙන් අපිට පාඩමක් තියෙනවා. පසුගිය සියවස ආරම්භ වන විට ඉංග්‍රිසි අධිරාජ්‍යයට කිව්වේ හිරු නොබසින අධිරාජ්‍ය කියලා. ඉංග්‍රිසි අධිරාජ්‍යය ලෝකය පුරාම පැතිරිලා තිබුණා. ඉංග්‍රිසි අධිරාජ්‍යයේ කුමන හෝ ස්ථානයකට පැය 24ම ඉර පායලා තියෙනවා. ලෝක සිතියමේ එහා කෙලවරේ තියෙන ඕස්ට්‍රේලායාව නවසිලන්තයෙන් පටන් අරගෙන මෙහා කෙලවරේ තියෙන ෆොක්ලන්තය කැනඩාව දක්වාම තිබුණේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය. මේ මහා දැවැන්ත අධිරාජ්‍යය අකුලගෙන එංගලන්තයට පසුබහින්න සිදු වුණේ පුංචිම පුංචි මිනිහෙක්ගේ පා ගමනකින්. ඒ තමයි මහත්මාගාන්ධි.

  7. හෙනහුරා says:

    ප්‍රතිපත්තියක් නැති එක තමයි බං මේගොල්ලන්ගෙ ප්‍රතිපත්තිය. ඇයි මක නැද්ද මෙයාලා පටන් ගනනිද්දි වත් ඒවගේ හරියක් මෙයාලා ළඟ පේන්න තිබුණෙ නැහැනෙ .

Leave a Comment

Main News