ආණ්ඩුව පොරොන්දු වූ රැකියා දස ලක්‍ෂය දෙන්න වසර 227ක් (දෙසිය විසි හතක්) යනවා..

May 20, 2018 at 8:40 am | lanka C news
ආණ්ඩුව පොරොන්දු වූ රැකියා දස ලක්‍ෂය දෙන්න වසර 227ක් (දෙසිය විසි හතක්) යනවා..

පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙමේ අදහස් පල කලේය.

ආණ්ඩුව මැතිවරණ පොරොන්දුවක් ලබාදුන්නා තමන්ගේ ආණ්ඩු කාලය තුල  නව රැකියා දශ ලක්ෂයක් බිහි කරනවා කියා. එහෙමනම් පලවෙනි වසර තුන තුල රැකියා ලක්ෂ 6ක් වත් බිහිකල යුතුයි.  නමුත් මහ බැංකු වාර්තාව අනුව පසුගිය වසර තුල රාජ්‍ය අංශයේ බිහි වුණු නව රැකියා ගණන 4,405ක් පමණයි.  නමුත් රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන වසර වන 2014 දී රාජ්‍ය අංශයේ රැකියා 55,942ක් බිහි වුණා.  වසරකට රැකියා 4,405 ගණනේ බිහි කලොත් රැකියා දශ ලක්ෂයක් ලබා දීමට වසර 227ක් ගත වෙනවා.

“අපි කිව්වේ ආණ්ඩුවේ රැකියා නොවේ සමස්ත රැකියා කියලා ආණ්ඩුවේ උදවිය දැන් කියාවි.  ඒ නිසා සමස්ත රැකියා උත්පාදනය දෙසත් අපි දැන් බලමු.  ලංකාවට ලැබෙන විදේශ රැකියා ගණන රාජපක්ෂ යුගයේ දී වාර්ෂිකව වැඩි වුණා.  2014 දී විදේශ රැකියා 300,703ක් ලැබුණා.  මේ ආණ්ඩුව බලයට පත් වුණා විතරයි විදේශ රටවල් අපට රැකියා අවස්ථා ලබා දීම අඩු කළා.  විදේශ රැකියා ගණන ක්‍රමයෙන් අඩු වෙලා 2017 දී 212,162 දක්වා පහත වැටුණා.  ඔන්න ජාත්‍යන්තරය දිනූ ආණ්ඩුව විදේශ රැකියා වෙලඳපොල ජය ගත්ත හැටි.

පෞද්ගලික අංශයේ රැකියා පිළිබද රාජ්‍ය අංශයේ මෙන් නිශ්චිත දත්ත නැතත් සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින් ඉහළ යන ආකාරයෙන් පෞද්ගලික අංශයේ සේවා නියුක්තිය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්.  2017 වසර තුල සාමාජිකයින් ගණන වැඩි වෙලා තිබෙන්නේ 175,000 කින් පමණයි.

නමුත් රාජපක්ෂ යුගයේ දී වසරකට ලක්ෂ හය බැගින් පෞද්ගලික අංශයේ සේවා නියුක්තිය වැඩි වුණා කියල අපිට කියන්න පුලුවන් මොකද සේවක අර්ථසාදක අරමුදලේ සාමාජිකයන් ගණන වසරකට දළ වෂයෙන් ලක්ෂ හයකින් ඉහල ගොස් තිබෙනවා.  ඒ කියන්නේ පසුගිය වසර තුන තුල පෞද්ගලික අංශයේ සේවා නියුක්තිය බරපතල ලෙස කඩා වැටී තිබෙනවා.

– අරවින්ද අතුකෝරල

3,335 Viewers

2 Comments to “ආණ්ඩුව පොරොන්දු වූ රැකියා දස ලක්‍ෂය දෙන්න වසර 227ක් (දෙසිය විසි හතක්) යනවා..”

  1. Gayantha says:

    Anduwai job nodena tharamata hodai. Mokada ukunta gewana padi ( ekthara akarayaka pin padi ) wala barath enne mai ratai saha pita ratawala mahansi wela waida karana apema minissunta.

  2. dg says:

    හර්ෂ ද සිල්වා නැමති අය කිව්වේ තරුණ තරුණියන්ට රු. 50,000 න් ආරම්භ වන රැකියා දෙන්නේ පුළුවන් කියලා

Main News