කොටි සංවිධානයට වැඩිම හානිය කළ නාවික හමුදා හිරේ…

July 15, 2017 at 2:10 pm | lanka C news
කොටි සංවිධානයට වැඩිම හානිය කළ නාවික හමුදා හිරේ…

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ස මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

පදනම් විරහිත චෝදනා නගමින් අත්අඩංගුවට ගත් කොමදොරු ඩීකේපී දසනායක මේ ආණ්ඩුවේ රණවිරු දඩයමට ගොදුරු වුණු ජ්‍යෙෂ්ඨතම නිළධාරියා. නාවික හමුදාවේ කොමදෝරු කියන්නේ යුද හමුදාවේ බ්‍රිගේඩියර් තනතුරට සමාන නිලයක්. රණවික්‍රම රණශූර උත්තම සේවා පදක්කම් ලාභි කිසිම චෝදනාවකට ලක් නොවුණු නිළධාරියෙක්. මොහු යුද සමයේ නාවික හමුදාව බිහි කළ විශිෂ්ටතම නිළධාරියෙකු ලෙස ගෞරවයට පාත්‍ර වුණා. නාවික හමුදා ඉතිහාසයේ යුද බිමේ පෙන්වූ දක්ෂතා මත විශේෂ උසස්වීම් ලැබුණු නිළධාරින් ඉන්නේ හය දෙනායි. කොමදොරු දසනායක එක් අයෙක්. චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණියද ඇතුළු ජනාධිපතිවරු දෙදෙනෙක් නාවික හමුදාපතිවරු හතර දෙනෙක්ගේ සුවිශේෂී ඇගයීමට දසවරක් ලක් වු නිලධාරියෙක්. කොටි සංවිධානයට වැඩිම හානිය කළ නාවික හමුදා නිළධාරියා කවුදැයි මගෙන් ඇසුවොත් මට කියන්න පුළුවන් එක නමක් තමයි කොමදෝරු දසනායක.

මේ නිළධාරියා දන්නෙත් නැති දැක්කෙත් නැති කිසිම සම්බන්ධයක් නැති අතුරුදහන්වීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාර ගත කළා. පැහැදිලිවම දෙමළ බෙදුම්වාදින් මේ ආණ්ඩුව යොදා ගෙන කොටි පරාජය කළ රණවිරුවන්ගෙන් පලි ගන්නවා. මේ ගමන මේ විදිහට තව දුරටත් ගියොත් අනාගත යුධ අවශ්‍යතාවයකදී සිය සැමියා දරුවා රට වෙනුවෙන් යුධ බිමට යවන්න බිරින්දෑවරු මව්වරු පැකිලෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දැන් වත් මේ පහත් රණවිරු දඩයම නතර කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

ඉස්සර ගෙවල්වල ගහලා තිබුණා බාල ගිරි දෝශය අද නොවේ හෙට කියලා. දැන් මැතිවරණයත් එහෙමයි. ෆයිසර් මුස්තාපා අමාත්‍යතුමන් දැන් වසර දෙකක් තිස්සේම මැතිවරණ වලට දින දෙනවා. අපි මේ ආණ්ඩුවටත් මැතිවරණ කොමිසමටත් ඉතාම වගකීමෙන් කියනවා. මේ දක්වාම ඔබ දින දුන්නා. ඔක්තෝම්බර් මාසයේ මැතිවරණ පැවුත්වුයේ නැතිනම් අපි ආණ්ඩුවට අවසාන දිනය දෙනවා. ඒ දිනයට මැතිවරණ පැවැත්වුයේ නැතිනම් අපි ජනතාව එක්ක පාරට ඇවිත් පාරේ උයාගෙන කාලා පාරේ පදිංචිවෙලා මැතිවරණය දෙන තුරු රැදී ඉන්නවා. මැතිවරණය අරගෙන තමයි ආයේ ගෙදර යන්නේ. පුළුවන්නම් ඔය කදුළු ගෑස් ජල ප්‍රහාර එල්ල කරලා අර ගාළු මුවදොර පිටියට රැස්වෙච්ච මහජන ගග වගේ ජන ගගක් හරවලා ගෙදර යවන්න උත්සහ කරන්න. අපි ආණ්ඩුවට මතක් කරනවා අපිත් එක්ක පාරට බහින ජන ගග ගෙදර යවන්නට නම් මුළු හමුදාවෙම වෙඩි උණ්ඩත් ප්‍රමාණවත් නෑ.

– අරවින්ද අතුකෝරල

8,653 Viewers

10 Comments to “කොටි සංවිධානයට වැඩිම හානිය කළ නාවික හමුදා හිරේ…”

  1. පාක්ෂිකයා says:

    ත්‍රස්තවාදීන්ගේ මිනිස් ජීවිත බේරාගත් හමුදා සාමාජිකයින්ට දඩුවම් කරන එක අසාධාරණයි කියලා මන් දන්නවා.
    ඒ වුනත් අපේ පක්ෂයේ නායකයින්ට මොකවත් කියනවට මම කැමති නෑ . මම අපේ පක්ෂෙට පුදුම විදිහට උපාදානය සකස් කරගෙන ඉන්නේ.
    මිසදිටුවෙක් නායකයෙක් වූ පක්ෂයකට උපාදානය සකස් කරගෙන නිරය වෙත පිය මනින ගමනින් මා බේරා ගනු මැනව දෙවු සාමිනේ……………..

  2. Mohammadu says:

    Rate prasna wisandanna onenam issella me wachala gammanpila hire yawala Inna oney.

    • daham says:

      thoge mahammaduwage labba yawapiya hire. ooru hambaya.

      • love nature says:

        War hero should not be held responsible so-called abductions and disappearances.
        Allegations against ex-navy spokesman Dassanayake are baseles
        We have got rid of a LTTE terrorists who destroyed our country during the past three decades This is the greatest victory in the history of our country..Sri lankan (Army Navy and the Air Force ) Three Armed Forces to defeat LTTE terrorism Therefore,, we have to salute all these people who made a lot of sacrifices to rescue the country from the clutches of the LTTE. This is a very emotional thing for us because so many of our more than 70,0000 soldiers have died in this battle… Our soldiers have got the ability to take any risk and face challenges. The courage and morale of our soldiers directly helped achieve this victory. All these soldiers were guided by young Army Officers.
        Our war heroes are not guilty to any war crime BUT they were defenders of our Country

  3. Alapaluwa says:

    හරි කොහොම හරි කරන්න අවශ්‍ය දෙය ලස්සණට දේපල එකතුවෙලා කරනවා.ලැජ්ජයි තමන්ගේ වාසිය තකා සුබසිද්දිය තකා මෙවැනි පහත් ක්‍රියා අවලං දෙසපලකයන්ට නුදුරු අනාගතයේදී මිහිපිට විපාක ලැබෙනවා ඇති.මෙතරම් ජිවිත පුජාවල් කර රටබෙරගත් රණවිරුවන්ට මෙසේද කාලගුණ සළකන්නේ .මෙවැනි වසලයන්ව මුළු ත්‍රිවිද හමුදාවට පස්පාගන්න වැද්දගන්න එපා.

    • සුදු පරවියා says:

      ආණ්ඩුවේ රණවිරු දඩයමට ගොදුරු වුණු ඩීකේපී දසනායක රණවිරුවාට ජාතියේ උත්තමාචාරය ..වහාම ඩීකේපී දසනායක රණවිරුවා නිදහස් කරනු ..පැහැදිලිවම දෙමළ බෙදුම්වාදින් මේ ආණ්ඩුව යොදා ගෙන කොටි පරාජය කළ රණවිරුවන්ගෙන් පලි ගන්නවා අපි එය තරයේ හෙළා දකිමු රණවිරු දඩයම නතර කරනු
      සිරිසේන -රනිල් ඉල්ලා අස්වෙනු
      දන නමමින් විදේශිකයින්ට NGO ලාට දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ගේ අවශ්‍යතා ඉටුකරමින් මේ ආණ්ඩුව රටට කරන විනාශය දැක දැක ඇයි සිහලුනේ නිවටුන් ලෙස බලා සිටින්නේ ? තිස් වසරක් පුරාවට අපි එ් දුක් ගින්න වින්දා…. අපි අද එ් ගින්දරෙන් නිදහස් වෙලා හිටියට නැවත ඒ LTTE ගිනි දැල් මොලවන සිරිසේන -රනිල් රෙජිමයට විරුද්ධව දැන්වත් පාර බැහැ පල්ලා
      මගේ රට මගේ ජාතිය මගේ ගම
      මගේ සත් සිරිත් සහ ජාතික උරුම
      මගේ වැරයෙන්ම නිදහස්‌ කොට තැබුම
      මගේ යුතුකමැයි සලකව් හැම දෙනම”

  4. පොදු ජනයා says:

    තව වැඩිකල් යන්න කලින් මේව කරපු එවුන්ට විදවන්න වෙනවා. ගින්දර එක්කයි සෙල්ලම් කරන්නෙ. මුලු රටම ඔබ සමගයි.

  5. Critic says:

    We salute you Sir! Yamapalanaya’s dates are counted! You are our hero!Don’t worry the nature will punish this traitorous regime very soon.

  6. Police Junta says:

    Dear war hero, you must keep in your mind to get these POLICE JUNTA OFFICERS who do illigal act to be take in to books

  7. SARA says:

    The UN is yet to reveal how many LTTE cadres died in battle (in civilian/uniform), how many Tamils LTTE killed, how many civilians took part in hostilities and got killed and without making this differentiating every dead is being credited to the Sri Lankan Army. Moreover, without a dead body or even a skeleton, how can the Sri Lankan Army be accused of murder? What a Shame ? Sri Lankan Forces were up against a terrorist force that was indirectly backed by powerful countries and armed by a LTTE diaspora that was making USD300m annually in profits the money which is now being used to buy over foreign and local politicians and decision makers.While carrying out a military operation the Sri Lankan Forces simultaneously engaged in a humanitarian rescue operation that saved close to 300,000 people (which included LTTE cadres in civilian clothes)Those pointing fingers at the Sri Lankan Army have yet to explain why the army would save 300,000 people yet kill numerous guestimate figures for which they do not even have a dead body or skeleton to substantiate their claim.
    A successful rehabilitation program was launched and many LTTE cadres were rehabilitated while the over 500 child soldiers were given a presidential amnesty and they have completed their studies, launched their careers and reunited with their families.
    However, 8 years on we still proudly remember the men who sacrificed their today for our tomorrow and enabled us to live without bombs and suicide missions. If at all our people must look back in time and recall the fear we all suffered during the height of LTTE terror.
    Majority of Sri Lankans still remember and honour the War Heroes who defeated LTTE Terrorists

Main News