ආණ්ඩුවට විරුද්ධව නැගි එන ජනතා විරෝධී සටනට ව්‍යාජ නායකත්වය සපයමින් එවා යටපත් කිරිමේ නූතන නියෝ ලිබරල් සටන් පවාදිමේ ව්‍යාපාරය ජවිපෙ අතට ගනි…

September 22, 2017 at 12:00 pm | lanka C news
ආණ්ඩුවට විරුද්ධව නැගි එන ජනතා විරෝධී සටනට ව්‍යාජ නායකත්වය සපයමින් එවා යටපත් කිරිමේ නූතන නියෝ ලිබරල් සටන් පවාදිමේ ව්‍යාපාරය ජවිපෙ අතට ගනි…

“රුවැන්වැලි සෑයේ හුනු ගානවා වගේ හැමදාම මැතිවරණ තියෙන්නේ නැතිව එකවර පලාත් සභා මැතිවරණය තිබ්බ නම් හොදයි” මෙසේ කියන්නේ වෙන කවුරුත් නොව මෙරට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ විධායක විසින් එහි බලතල ක්‍රියාත්මක කොට බිහිකළ කෘතිම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධානියකු වන පාර්ලිමේන්තුව මන්ත්‍රී සුනිල් හදුන්නෙති ය, එය පසුගිය සඳුදා 18 ලංකාදීප පුවත්පත “සඳුදා හමුව” යටතේ පල කොට ඇත.

එහෙත් “දිවයිනේ සියලුම පලාත් සභාවම මැතිවරණය එක දිනයකදි පැවත්වීමේ” 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කල පොදු විපක්ෂය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි සිටින සංවිධාන රාශියක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී විරෝධතා පෙත්සම් ගොනුකර ( වත්මන් පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය හැර එනම් දෙමළ සංධානය සහ ජවිපෙ) එහි තීන්දුව මේ වනවිට පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යවා ඇත.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට එම පෙත්සම අනුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව, දිවයිනේ සියලුම පලාත් සභාවම මැතිවරණය එක දිනයකදි පැවත්වීමේ ආණ්ඩුවේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් ජනමත විචාරනයක් හරහා ජනතාවගේ එකඟතාව ලබා ගැනිමට සිදුවන බව හෙට ගරු කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීමට නියමිත මෙන්ම ඒ අනුව ආණ්ඩුව විසින් ගෙන ආ එම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළ අකුලා ගැනීමට සිදුවන අවස්ථාවක ය.

මෙයින් ඉතා පැහැදිලි වනුයේ ආණ්ඩුව කරවන ප්‍රධාන පාර්ශවයන් විසින් නියමිත දිනට මැතිවරණ පැවත්වීමට ඇති ජනතාවගේ පරමාධිපත්‍යය බලය බලහත්කාරකමින් යටපත් කොට එවා නොයෙකුත් හේතුන් පෙන්නා කල් දැමීම ජනතා විමුක්ති පෙරමුණ අනුමත කරන බවයි.

සම්මුති ආණ්ඩුවේ ජනතා විරෝධී මෙන්ම ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙළට විරෝධතා දක්වමින් ජනතාව විසින්ම ස්වෙච්ඡාවෙන් සංවිධානය වී එන විරෝධතා ව්‍යාපාරවල ජවිපෙ නායකත්වය මැදට පැන එයට ව්‍යාජ නායකත්වය සැපයිම පැහැදිලිවම සිදු විය. මේ හරහා එම සටන මෙහෙයවපු සැබෑ ජනතාව ඉන් ඉවත් වුයේ ඔහුන් තව දුරටත් ජේවිපි කාරයන් නොවන නිසා මිස එම ප්‍රශ්නය සැබැවින්ම ආණ්ඩුව මැදිහත් වී විසඳුමක් දීම නිසා නොව. මේ සම්බන්ධයෙන් පසුගිය කාලයෙදි මධ්‍යස්ථව බලන ඕනම අයෙකුට ඉතා ලෙහෙසියෙන් තේරුම් ගත හැකිය,
පසුගිය වසර දෙකාහාමාර තුල එවෙනි ජනතාවට බලපෑම් කල ප්‍රධාන ප්‍රශ්න 20 ක් පහත සඳහන් කොට ඇත.

1, පොහොර සහනාධාර කප්පාදුව හරහා ගොවියාට අවශ්‍ය තරම් පොහොර රුපියල් තුන්සිය පනහට දීම නැවත්වීම,
2, පාසල් නිල ඇදුම් කප්පාදුව, දිවයින පුරා පාසල් දරු දැරියනට එකම ප්‍රමිතියකට නිල ඇදුම් නොමිලයේ සැපයිමේ වැඩපිළිවෙළ කප්පාදුව,
3, උමා ඔය යෝජනා ක්‍රමයේ වන්දි ලබාදීමට ප්‍රමාදය හා නිවාස ගිලා බැසිම බණ්ඩාරවෙල ජනතා සටන,
4, ගම්මිරිස් පිට රටින් ගෙන්වීම හරහා අපේ රටේ ගම්මිරිස් වගාව විනාශ කිරිමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරිමේ සටන,
5, පලාත් 7 ක් ට බලපෑම් කල නියගය නිසා ලක්ෂ 21 ක් ජනතාව පිඩාවට පත් කොට වන්දි ලබා නොදීමේ ජනතා සටන.
6, විල්පත්තුව වන සංහාරය.
7, හම්බන්තොට වරාය චීනයට විකිණීම සම්බන්ධව අම්බලන්තොට නගරයේ විරෝධතා සටන,
8, මහනුවර අධිවේගයේ ඉදිකිරීම් සඳහා ඉඩම් වන්දිය.
9, සයිටම් සම්බන්ධ වෛද්‍යවරුන් සහ විශ්ව විද්‍යාලය සිසුන්ගේ විරෝධී සටන සාර්ථකව ඉදිරියට යෑමේදී එය ජවිපෙ සටනක් බවට පත්කිරීම,
10,එට්කා විරෝධී සටන ඉදිරියට යෑමේදී එය ජවිපෙ සටනක් බවට පත්කිරීම
11,වැට් බදු ප්‍රශ්නය, (කුඩා ව්‍යාපර සඳහා) ඉදිරියට යෑමේදී එය ජවිපෙ සටනක් බවට පත්කිරීම
12,ගොවියාගේ අල ලූනු වී සහතික මිල යටගැසීම්.
13,කිරි ගොවීන්ගේ ගැටලුව.
14,කුලියාපිටිය බිත්තර නිශ්පාදක ප්‍රශ්නය.
15,බඩ ඉරිගු සොයා සහ සහල් පිටරටවලින් අනායනය විරෝධීය,
16,ශාලාව ආයුධ ගබඩාව පිපිරිමේ වන්දි ගෙවීමේ ගැටලුව,
17,අරනායක සහස්වර කනද නාය යෑමෙන් අනාථ වූවන්ට සහන සැලසිමට නොහැකි වීම නිසා මතු වූ අර්බුදය,
18,මීතොටමුල්ල කුනු කන්ද නිසා 41 දෙනෙකුට වඩා පිරිසකගේ ජීවිත අහිමිය සහ ඒ හරහා ආණ්ඩුවට පැමිණි විරෝධය,
19,කලුතර, රත්නපුර, ගාල්ල මාතර ගංවතුර කළමනාකරණය නොකිරීම සම්බන්ධ ආණ්ඩුවට විරෝධී සටන
20,මැතිවරණ පැවත්වීම කඩාකප්පල් කොට 88/89 යුගයවලට රට ගෙන ගොස් ආණ්ඩුව අකර්මණ්‍ය කොට පරිවාස රජයවල් බිහිකිරීමට.

ඉහත විරෝධතා විස්සෙහිම අවසාන විසඳුමක් ලබා ගැනීමෙන් තොරව අදටත් පවති. ජනතාවගේ ආණ්ඩුවට විරුද්ධව ගෙනා ආ මෙම සටන් ජවිපෙ ඉහත ප්‍රකාශ කල සුනිල් හදුන්නෙත්ති පවසන පරිදිම ආණ්ඩුවට වාසි වන අන්දමින් ඉතා සැලසුම් සහගතව යටපත් කිරීම හෝ පවාදීමක් සඳහා ජවිපෙ නායකත්වය සැපවූයේ නූතන නියෝ ලිබරල් උපායමාර්ග සිහිපත් කරමිනි, එනම් ආණ්ඩුව විසින්ම ආණ්ඩුව පවත්වාගෙන යෑමට ආණ්ඩුවෙන්ම පහසුකම් සපයන පිරිසක් විසින් ආණ්ඩුවට එරෙහිව එන විරෝධතා එම කණ්ඩායමේ අතට ගෙන අවසානයේ එවා යටපත් කිරිමයි.

වර්තමාන ආණ්ඩුවේ පාර්ශවයක් වන ජවිපෙ ආණ්ඩුවට විරෝධීව නැගි ආ ජනතා සටන් මේ වනවිට එයට හවුල් වී දියාරු කලේ මේ ආකාරයෙන් වන අතර ඊයේ පලාත් සභා පනත සංශෝධනය සඳහා ගෙන ආ යෝජනාවට ආණ්ඩුව සමග එකට ඉද ආණ්ඩුවේ වැඩපිළිවෙළ සඳහා ඡන්දය පාවිච්චි කිරීමෙන් ආණ්ඩුවේ අනුග්‍රහය මත ලබාදි ඇති විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරේ වරප්‍රසාද වෙනුවෙන් කල කෘතගුණ සැලකීමකි.

12,276 Viewers

7 Comments to “ආණ්ඩුවට විරුද්ධව නැගි එන ජනතා විරෝධී සටනට ව්‍යාජ නායකත්වය සපයමින් එවා යටපත් කිරිමේ නූතන නියෝ ලිබරල් සටන් පවාදිමේ ව්‍යාපාරය ජවිපෙ අතට ගනි…”

  1. MINIMARU says:

    monge wade awurudu 10 n 10 yata rata kana ekayi. mun 71 rata kawa jathika sampath ginibath karala kollo billata dunna, 88 kollo billata dunna jathika sampath gini bath kala rata kawa, dan 2017 th kolo parata aragena warjana karanawa rata wansana panath walata atha ussanawa. munta andu karana labenne LIPTAN WATA RAWU ME THAMAYI KALA KANNI.

  2. Kuveni says:

    JVP+UNP+SLFP+TULF= YAHAPALANA JUNTA

    • asaranaya says:

      අනේ හඳුන්සොට්ටියෝ තොගේ කට මගෙ බල්ලගෙ පුක වගෙයි

  3. sarath says:

    JVP idiots go and wash batalanda ponis back !!!!!

  4. සමන්මලී says:

    ඔය කුණු ජේ වී පි කාරයෝ හදන්නේ ජනතාවට මොනවහරි බොරුවක් කියල තමන්ගේ එදා වෙලා සරි කර ගන්න. අනුර කුමාරය කියන්නේ තනිකරම ජෝකරයෙක් විජිතය බේබද්දා ටිල්වින ගංජා කරය . මුන්ගේ පක්සේ මල එකක්. ජෙප්පෝ ඔක්කොම විකුර්ති අසාවන් තියෙන ගල් ටික්කො. ජෙප්පෝ තුරන් කරන සටනට එකතු වෙමු.

  5. chandana kariyawasam says:

    ithin oyala balagena innenethiwa satana athata aragena meheyawannako

  6. නිළමේ says:

    JVP කාරයෝ මොන වගේ වහල්ලු ද කියල රටම දැන් හොදින් දන්නවා.

Main News