ආණ්ඩුවේ ඉන්නවාද ? .. යනවාද ? .. ශ‍්‍රිලනිප මාධ්‍යම කාරක සභාව ගත් නිල තීන්දුව මෙන්න..

April 24, 2018 at 11:58 pm | lanka C news
ආණ්ඩුවේ ඉන්නවාද ? .. යනවාද ? .. ශ‍්‍රිලනිප මාධ්‍යම කාරක සභාව ගත් නිල තීන්දුව මෙන්න..

ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වන්නේද නැද්ද යන්න තීරණය කිරීම එළැඹෙන 08 වැනිදායින් පසු පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ.

පක්‍ෂයේ නිලධාරී මණ්ඩලයද ඇතුළුව පක්‍ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කිරීමටද එම පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

එකී ප‍්‍රතිසංවිධානය කෙරෙන්නේ කෙසේදැයි සාකච්චා කිරීම මැයි 08 දිනයෙන් පසු පැවැත්වෙන පළමු මධ්‍යම කාරක සභාවේදී සිදු කිරීමටද තීරණය වී තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවති මධ්‍ය කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

ආණ්ඩුවේ දරන ලද ධුරයන්ගෙන් ඉවත් වූ 16 දෙනාට විපක්ෂයේ අසුන් ගැනීම සදහාද ජනාධිපතිවරයා විසින් එහිදී අනුමැතිය දී ඇත.

රාත්‍රී 08.00 ආරම්භ වූ මාධ්‍යම කාරක සභාව රාත්‍රී 11.00 තෙක් පැවතින.

37,823 Viewers

17 Comments to “ආණ්ඩුවේ ඉන්නවාද ? .. යනවාද ? .. ශ‍්‍රිලනිප මාධ්‍යම කාරක සභාව ගත් නිල තීන්දුව මෙන්න..”

  1. චේතියසේන says:

    😄😄😄😄😄😄😄😄

    මැයි අටවනදා තීරනය කොර්නවා පොසොං පෝයට කල් දාන්ඩ! එදාටත් බැරි වුනොත් ඉතිං ඇසල පෝය එනවනෙ!

    • sarath says:

      They will keep on postponing the date of reorganization of SLFP and UNP. MR said in 2016 April, the Govt will last only two Vesak Poyas. Now we have finished one year and 1/2 the strength of SLFP and UNP. Pohottuwa had doubled its strength. This Govt might not last Esala of this year.

  2. Sirisena Yatawara says:

    The role played by SLFP has been ended. It has no task to in looking future. SLFP founder of SWRD Banadarrake was Tamil decedent from generations . He(SWRD) misled majority Sinhalese-Buddhist over 60 odd years. SWRD had no mandate to give North-Eastern province to federal Party by sing an agreement with SJV-SRWD Pact without consent of majority Sinhalese People?
    SWRD did wrong doing by his afflictions to Tamil interest.
    SWRD betray SLFP and people of Sri lanaka.

  3. Asaranaya says:

    කයිය ගහන්නේ කොහෝමද- මුන් බිඳින්නේ පුස් පොල් ගෙඩිනේ,රැවටීමෙ කෙළවරක් ඇත්තේම නැත.

  4. Hitan@hutan.com says:

    ඉන්නවද?යනවද​?
    යනවද​?ඉන්නවද​?

    • Upali says:

      අවසානයේ තීරනය- “ඔන්න ඔහේ මේ ටික කලත් ඉන්නවා”

  5. bleo says:

    අද ඒ ගැන තීරණය නොකරන්නට අපි තීරණය කරා. මැයි 8න් පස්සෙ තීරණය කරනවාද කියා තීරණය කරනවා. මෝඩ රැලක් ලෙසට අපි දකින මහජනතාව කට ඇරන් විශ්මිතව බලා සිට්යාට අපට මොකෝ.
    – දේශපාලුවා

  6. Karu says:

    මේ සියල්ලම එකම තැනකින් ලියා, එතැනින්ම නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරන නාටකයකි.හේතුව ළඟ එන මහමැතිවරණයට ලක ලැහැස්ති වී පොහොට්ටුවේ චංද කඩා ගැණීමයි. මම වෙස්සන්තර, මට මොකවත් එපා, ඒත් අනික් අය කියන නිසා මං ඕං ජනාධිපති කමට එන ගමන ඉල්ලනවා කියන්නෙත් එයාමයි.අනික් කවුරු හරි ඉල්ලුවොත් පරදිනවා දිනංනේ මං ඉල්ලුවොත් විතරයි කියන්නෙත් එයාමයි.

  7. රාහුල මල්ලී says:

    8 වෙනිදට කලින් අළුත් කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙනවලු…එහෙනං ඊට කලින් ශ්‍රීලනිපය ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්න එපැයි… ඇමතිවරු දිවුරුම් දුන්නට පස්සෙද ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ..ඕවට තමයි කියන්නේ නොකෙරෙන වෙදකම් කියලා.. රටට විහිළු සපයනවා..

  8. Mahasona says:

    This country has a set of spineless politicians who are concerned only about their wallet. Before election they come begging but after getting elected they do not care a damn about people who elected them.

  9. chandapala says:

    ජනතාව ගොනාට අන්දන ජනපති සිරිසේනගේ බාලගිරි කොමඩියේ අලුත්ම ජවනිකාව . ජනතාව රවටන මෙම රඟපෑම් 16 කල්ලියටත් තේරෙන්නේ නැත . ඔවුන්ගේ කශේරුකාව පිළිබඳ ප්‍රශ්නයක්. මේ ඔක්කොක්ම ඉදිරි මැත්වරණයේදී ජනතාව බල ගනීවි .

    • Rupa says:

      සිරා සහ රනී දෙන්නම ප්‍රශ්නයක් උනාම කල් මරන එක තමයි කරන්නේ.

  10. ගෙදර ගියොත් අබු නාසි දුමින්ද says:

    ගෙදර ගියොත් අබු නාසි දුමින්ද මග සිටියොත් උඹ නාසි දුමින්ද මය් 3 කියලා තමා කියන්ට වෙන්නේ….

  11. rathne says:

    These SLFP basters manly worry about there future not the country or future generation. If the jump here or there don’t matter voters already decided not to support of any form of SLFPs any future election.

  12. chandapala says:

    අහෝ !!!!! බණ්ඩාරනායක ඔබගේ ලෙයින් ගොඩනැගුව පක්ෂය අද පිස්සන් මඩුවකි .

  13. Love nature says:

    එදා 1956 එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මැති තුමා එක්සත් ජාතික පක්ෂය මේ රට කවදානමුත් නැවතත් විදේශීය කොලොනියක් කරනවා ඇතයි සිතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස්පක්ෂය සාදා ආණ්ඩුවක් පිහිටෙව්වේ කිසිදාක නැවතත් ආපසු එක්සත් ජාතික පක්ෂයට මුක්කු තියන බලාපොරෝතුවකින් නොවේ.

    මේ සිරිසේන රනිල් ගෙනයන මගඩිය ජනාධිපති තුමා වටා සිටින ශ්‍රී ලංකා නිදහස්පාක්ශිකයින් තේරුම් ගතයුතුය.

    මේ බව සිරිසේන නොතේරෙනවානම් රනිල් ගේ ඔඩොක්කුවෙ තවදුරටත් ලැගගෙන ඉන්න සුදානම්ව සිටිත් නම් සිරිසේන සමග සිටින ශ්‍රී ලංකා නිදහස්පාක්ශිකයින් එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මැති තුමාට ගෞරව දෑක්වීමක් වශයෙන් වහා සිරිසේන ගේ තුරුල්ලෙන් ඉවත්වීය යුතුය.

  14. Sirisena Yatawara says:

    SLFP must be dissolved by CBK of Tamil federalist of SLFP founder ‘s daughter !
    Join with UNP by MS and CBK has been betray vital interest of majority people of
    Sri lanka?
    UNP and SLFP policies are different. They cannot work together as any level!

Main News