ආණ්ඩුවේම අලූත් නීතිය අනුව ඩෙංගු දඩය ජනපතිට ගැසිය යුතුයි..

July 27, 2017 at 8:40 am | lanka C news
ආණ්ඩුවේම අලූත් නීතිය අනුව ඩෙංගු දඩය ජනපතිට ගැසිය යුතුයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

වැඩ බැරි ආණ්ඩුවේ නොහැකියාව නිසා මේ වන විට ඩෙංගු රෝගීන් ගණන ලක්ෂය ඉක්මවා ගොස් තිබෙන අතරේ ඩෙංගු මරණ 300 ඉක්මවා ගිහින්.  ඇත්ත තත්වය මීටත් වඩා භයානකයි.  අද රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරි ගිහින් නිසා බොහෝ රෝගීන් රෝහල් වලට ඇතුළු කර ගන්න විදියක් නෑ.  රෝහල් ඇදන් උඩ විතරක් නෙවෙයි මේස උඩයි පඩිපෙලෙයි කොරිඩෝවෙයි හැමතැනම ඩෙංගු රෝගීන්ගෙන් පිරිලා. ඒ නිසා ගෙදර ඉඳන් ප්‍රතිකාර කර ගන්නත් රෝගීන්ට සිදු වෙලා.  ඒ රෝගීන් පිළිබඳ මෙම වාර්තාවට ඇතුළු වෙන්නේ නෑ.  මාස තුනකට අධික කාලයක් ගත වුණත් තවමත් ඩෙංගු අධිවසංගත තත්වය පාලනය කරන්න ආණ්ඩුවට බැරි වෙලා.  ඒ නිසා ඩෙංගු හදිසි සෞඛ්‍ය තත්වයක් හෙවත් මෙඩිකල් ඉමර්ජන්සි ප්‍රකාශයට පත් කරන්න කියා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.වැඩ බැරි ආණ්ඩුවේ නොහැකියාව නිසා මේ වන විට ඩෙංගු රෝගීන් ගණන ලක්ෂය ඉක්මවා ගොස් තිබෙන අතරේ ඩෙංගු මරණ 300 ඉක්මවා ගිහින්.  ඇත්ත තත්වය මීටත් වඩා භයානකයි.  අද රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරි ගිහින් නිසා බොහෝ රෝගීන් රෝහල් වලට ඇතුළු කර ගන්න විදියක් නෑ.  රෝහල් ඇදන් උඩ විතරක් නෙවෙයි මේස උඩයි පඩිපෙලෙයි කොරිඩෝවෙයි හැමතැනම ඩෙංගු රෝගීන්ගෙන් පිරිලා. ඒ නිසා ගෙදර ඉඳන් ප්‍රතිකාර කර ගන්නත් රෝගීන්ට සිදු වෙලා.  ඒ රෝගීන් පිළිබඳ මෙම වාර්තාවට ඇතුළු වෙන්නේ නෑ.  මාස තුනකට අධික කාලයක් ගත වුණත් තවමත් ඩෙංගු අධිවසංගත තත්වය පාලනය කරන්න ආණ්ඩුවට බැරි වෙලා.  ඒ නිසා ඩෙංගු හදිසි සෞඛ්‍ය තත්වයක් හෙවත් මෙඩිකල් ඉමර්ජන්සි ප්‍රකාශයට පත් කරන්න කියා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

පළමුව කළ යුත්තේ හදිසි නොවන සැත්කම් මාසයකින් කල් දැමීමයි.  යම් පීඩාවක් ඇතත් දරා ගෙන සිටිය හැකි ජීවිතයට අනතුරක් නොවන කාරණා සම්බන්ධයෙන් සැත්කම් කර ගැනීමට රෝහල් ගත වන අය නැවැත්තුවොත් ඒ අයට වෙන් කරන ඇඳන් ඩෙංගු රෝගින්ට ලබා ගන්න පුළුවන්.  ඒ වගේම හදිසි නොවන විවිධ පරීක්ෂාවන් සඳහා රෝහල් ගත වන අය නැවැත්තුවොත් ඒ අයගේ ඇඳන් ද ඩෙංගු රෝගීන්ට ලබා ගන්න පුළුවන්.

මේ සියල්ලටම වඩා වැදගත් දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම.  ඩෙංගු සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධයක් ප්‍රථිකාරයක් නැ. රෝගීතත්වයේ ඇතිවන සංකූලතා කළමණාකරනය කිරීමයි බටහිර වෛද්‍ය ප්‍රථිකාර වලදී සිදුවෙන්නේ.  නමුත් දේශීය වෛද්‍ය විද්‍යාවේ ඩෙංගු සදහා ප්‍රථිකාර ක්‍රම ගණනාවක් තිබෙනවා.  මැරෙන්න ඔන්න මෙන්න කියා සිටි අය දේශීය ප්‍රතිකාර වලින් සුවය ලැබීම් පිළිබඳ මම පෞද්ගලිකව දන්නවා.  නමුත් ඒ වෛද්‍යවරුන්ට ආණ්ඩුවේ කිසිම අවධානයක් නෑ. මෙහෙන් රෝගීන් මැරෙනවා. විශාල සංකූල තාවයන්ට ගොදුරු වෙනවා. එහෙම තිබියදීත් ඩෙංගු සුව කළ හැකි දේශීය වෛද්‍යවරයා වෙත රෝගීන් යොමු තිරීමේ වැඩ පිලිවෙලක් ආණ්ඩුවට නැ. ඒ නිසා මේ දේශිය වෛද්‍ය ප්‍රථිකාර ක්‍රම වෙත අණ්ඩුවේ අවධානය යොමුකළ යුතු බව අපි ආණ්ඩුවට කියනවා.  ජාතියේ අවාසනාවට රුදුරු කොටියා මට්ටු කළ ජාතියකට ඩෙංගු මදුරුවා තලා ගන්න බැරුව දඟලනවා.

ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන තිබෙන අයට ආණ්ඩුව දැන් නඩු පවරලා දඩ ගහනවා.  ගෙදර ඩෙංගු කීටයෝ හිටියොත් ගෘහ මූලිකයාට දඩ.  කම්හලක හිටියොත් අයිතිකරුට නැතිනම් කම්හල් හිමියට දඩ.  පාසලක ඩෙංගු කීටයෝ හිටියොත් විදුහල්පතිට දඩ.  එහෙම නම් මාස ගණනක් තිස්සේ රටේ ඩෙංගු කීටයෝ ඉන්නවාට දඩ ගහන්න ඕනි කාටද?  රටේ ප්‍රධානියා ජනපතිට හැර වෙන කාටද? ඩෙංගු ඉවර වෙනකං ජනාධිපතිතුමන්ට දිනපතා දඩයක් ගැහුවොත් නම් ඩෙංගු පාලනය කරන්නට මේ ආණ්ඩුව කටයුතු කරන්නට ඉඩ තිබෙනවා.

– අරවින්ද අතුකෝරල

10,135 Viewers

One Comment to “ආණ්ඩුවේම අලූත් නීතිය අනුව ඩෙංගු දඩය ජනපතිට ගැසිය යුතුයි..”

  1. Amda says:

    😀 😀

    excellent point !

Main News