ආණ්ඩුවේ ලිහිල නිසා උතුරේ කොටි සැමරුම් ප‍්‍රබල වෙලා.. රැඩිකල් ඊලාම්වාදීන් පෙරට ඇවිත්.. මේ එන්නේ ඊළාම් වැඩපිලිවෙලයි..- හෙල උරුමය

May 16, 2018 at 3:00 pm | lanka C news

ජාතික හෙල උරුමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මැයි 18 දෙමළ ජාතියේ ශෝක දිනයක් නොවේ. ත්‍රස්තවාදය පරාජය කර සාමය හා නිදහස දිනාගත් දිනයයි.

එළඹෙන මැයි 18 දා දෙමළ ජාතියේ සංහාර දිනයක් වශයෙන් නම්කර ශෝක දිනයක් කලයුතු යැයි උතුරු පළාත් සභාවේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්දි සසිදරන් ප්‍රකාශ කර ඇත. එමෙන්ම එදින ලෝකයේම සිටින දෙමළ ජනතාව ශෝක දිනයක් වශයෙන් සලකා කටයුතු කලයුතු බවට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. ආනන්දි සසිදරන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි පළාත් සභාවේ දී සලකා බලන බව පළාත් සභාවේ සභාපති කේ.ශිවඥානම් මහතා ප්‍රකාශ කර ඇත.

පළාත් සභා අමාත්‍ය ආනන්දි සසිදරන්ගේ එම ප්‍රකාශය ගැන පුදුම විය යුතු නැත. ඇය එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායකයෙකුගේ බිරිඳකි. පෙර වසර වලදී ද මෙම දිනය ආසන්නයේ ඇය මේ ආකාරයෙන්ම කටයුතු කර ඇති අතර එල්.ටී.ටී.ඊ හිතවාදි කල්ලි කණ්ඩායම් ශිෂ්‍ය සංවිධාන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පවුල් මෙම දිනය සිහිපත් කිරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කිරීම. යුද්ධය නිමාවීමෙන් පසු ගෙවුණු වසර 9 පුරාම සිදුවූවකි.

එහෙත් ගෙවී ගිය වසර කිහිපය තුළ එම දිනය සිහිපත් කිරීමේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වර්ධනයක් සිදු වී ඇත. එය පැහැදිලිව නිරීක්ෂණය කළ හැක්කකි. සම්මුතිවාදී ආණ්ඩුවේ ලිහිල් ප්‍රතිපත්ති එයට හේතුවන්නට ඇත. මෙම සැමරැම් පිටුපස තම මිය ගිය ඥාතිමිත්‍රාදීන් සිහිපත් කිරීමට වඩා එහා ගිය බෙදුම්වාදී, ඊළාම්වාදී දේශපාලන න්‍යාය පත්‍රයක් ඇතිබව පැහැදිලිව නිරීක්ෂණය කළ හැක. මෙම දිනය සිහිපත් කිරීම හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානයටත් එහි මතවාදයට හා දර්ශනයට යම් උත්තේජනයක් සපයන බව ඉතා පැහැදිලි අතර ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ආවේගාත්මක සටන්කාමී හා හර්තාල් ස්වරූපයකින් එල්.ටී.ටී.ඊ.දර්ශනයත් ඔවුන්ගේ සංකේතත් ප්‍රභාමත් කරන්නට කටයුතු කරන බව පැහැදිලිව දැකිය හැකි වන අතර ඒ සඳහා එල්.ටී.ටී.ඊ.හිතවාදී දෙමළ දේශපාලන කණ්ඩායම්වල සහයෝගය ද නොඅඩුව ලැබේ.

මේ වන විට උතුරේ දෙමළ දේශපාලනය තුළ සාම්ප්‍රදායික පාර්ලිමේන්තුවාදී ෆෙඩරල්වාදීන් පසුපසට තල්ලුකරමින් සටන්කාමී රැඩිකල් ඊළාම්වාදී ෆෙඩරල්වාදීන් ඉදිරියට ඒමත් ඔවුන් වඩ වඩාත් වර්ගවාදී සහ ජාතිවාදී වෙමින් සාම්ප්‍රදායික ෆෙඩරල්වාදීන් වන සම්බන්ධන්-සුමන්දිරන් සංධානය පරාජය කිරීමට ඉදිරියට පැමිණෙමින් ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සටන්කාමී දෙමළ බලවේගය ඉදිරියට ආ ආකාරය ද දැකගත හැකි වූ අතර උතුරු පළාත් මහඇමති විග්නේෂ්වරන්ගේ ආශිර්වාදය ද එයට හිමිවූ අතර දෙමළ ජාතික සංධානයට උතුරේ දේශපාලනයේ තිබු අධිකාරිය ද ගිලහෙමින් ඇත. මෙවන් පසුබිමක් තුළ එල්.ටී.ටී.ඊ.ඩයස් පෝරාවේ සහාය ගජේන්ද්‍ර, ශිවාජිලිංගම්, ආනන්දි හා විග්නේෂ්වරන්ට හිමිවනු ඇත. තිස්වසරක ත්‍රස්තවාදී යුද්ධය නිමාකර ලබාගත් නිදහස හා සාමය අභියෝගයට ලක්කිරීම මෙහි ඇති යටි අරමුණයි.

ත්‍රස්තවාදය පරාජය කර ලබාගත් ජයග්‍රහණය රටක් ලෙස අප ලබාගත් ජයග්‍රහණයක් මිස දෙමළ ජනයා සංහාරය කිරීමක් හෝ දෙමළ ජනයා පරාජය කිරීමක් නොවේ. එම ජයග්‍රහණය වෙනුවෙන් රටක් ලෙස විශාල වන්දියක් හා මිලක් අප ගෙවා ඇත. ඒ උදාකර ගත් නිදහස සාමය, ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමකි. එබැවින් උතුරේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර වගකිවයුත්තන් හුදු ප්‍රකාශ වලින් හා කතාවලින් ඔබ්බට ගොස් රටේ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු අතර සාමය හා සංහිඳියාවට බාධාවන එල්.ටී.ටී.ඊ.හිතවාදී ක්‍රියාකාරකම් හා සංකේත පිළිරූ උත්කර්ෂයට නැංවීම හා ප්‍රවර්ධනය කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය.

රටේ ජාතික ආරක්ෂාව නීතිය හා සාමය පිළිබඳ වගකිව යුත්තන් එළඹෙන මැයි 18 වනදා උතුරු පළාතෙන් වෙල්ලමුල්ලි වෛයික්කාල් හිදීත් කිරීමට නියමිත සමරු වැඩසටහන් පිළිබඳ ප්‍රමාණවත් අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නා මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
ජාතික සංවිධායක
ජාතික හෙළ උරුමය

8,145 Viewers

6 Comments to “ආණ්ඩුවේ ලිහිල නිසා උතුරේ කොටි සැමරුම් ප‍්‍රබල වෙලා.. රැඩිකල් ඊලාම්වාදීන් පෙරට ඇවිත්.. මේ එන්නේ ඊළාම් වැඩපිලිවෙලයි..- හෙල උරුමය”

  1. Nishantha says:

    තොපි තවමත් UNP අගුපිල්වල නැගපියව්….නොඩකින් JHU

  2. cw says:

    Go and stand in front of a mirror with the traitor Pa. Cha. Ranawaka and repeat what you said.

  3. Mathakaya says:

    What did you say to the people during 2015 presidential election period? Your maha eka promised and gave the full assurance to the people that he would take the full responsibility
    to not to allow such things to happen and vote for My 3.Now are talking from your buttock side?

  4. දේශප්‍රේමියා says:

    ජාතික හෙළ උරුමයේ ඉන්න මහාලොකු ප්‍රාඥයා කියල අර මොකෙද්ද එකෙක් ලියන පචයා වෙනුවට මේවගේ ප්‍රකාශ ලියලා දාන්නේ මිනිහගේ ගෙදර පිඟන් හෝදන කෙනෙක් .
    මොකද ඔය මහලොකු දේසප්රෙමියාට ඔය ප්‍රකාශය ටීවී එකේ කරන්න බැරි ?ඇයි එදා ඉඳලා ආණ්ඩුව කොටින්ගේ වැඩ වලට සහය දෙනකොට ඔයටික කටක් ඇරලා කියන්න බැරි උනේ ?
    ඇයි ඔය මහාලොකු දේශප්‍රේමී ඔළුවා ගිහිල්ල මිනිහම දොන්ජුවන් කියල නම දාපු රනිල්ගේ රෙද්දේ එල්ලුනේ ?
    කොටින්ගේ ආණ්ඩුවකට සහය දීලා දැන් එනවා නිකන් බයිලා කියන්න

  5. lion says:

    රනබිම මැරුනේ සිංහලයෙකු නම්
    පපුවෙ වෙඩි සලකුනු ඇත්තේ
    සතුරට ලයදි මිස මැරුනේ නැ
    ලේ පැල්ලම් නැ පිට පැත්තේ

    මවු බිම ජයගන්,බැරිනම් මරනය
    දේකින් එකකි මින් ජය ගත්තෙ
    මිහිමත සිපගේන මියගිය ඇත්තුයි
    සුරපුරයට කැදවා ගත්තේ

    මල් යහනාවක් මත සුව මරනය
    හේල විරුවන් හට උරුම නැතේ
    කිසිදා නොනියෙන මල් පුබුදිනවා
    විරුවන් මල රන බිම මත්තේ

  6. Sadda says:

    කොටින් එක්ක එකගේ දීග කන්න යනකොට ඕක නොතේරුනු කාලකණ්ණි .

Main News