ආණ්ඩුවේ ශ්‍රිලනිප ඇමතිලා සභාව පමණක් නොව කොට්ඨාසයත් පරාදයි.. අමරවීර, සුසිල්, දයාසිරි, අනුර යාපා, ජෝන් මහ ඡන්දෙන් ගෙදරයාම ස්ථිරයි.. මෙන්න ගණන් හිලවු…

February 12, 2018 at 10:40 am | lanka C news
ආණ්ඩුවේ ශ්‍රිලනිප ඇමතිලා සභාව පමණක් නොව කොට්ඨාසයත් පරාදයි.. අමරවීර, සුසිල්, දයාසිරි, අනුර යාපා, ජෝන් මහ ඡන්දෙන් ගෙදරයාම ස්ථිරයි.. මෙන්න ගණන් හිලවු…

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කුරුණෑගල දිස්ත්‍රික්යේ පඩුවස්නුවර ආසනයේ ශ්‍රිලනිප සංවිධායක මෙන්ම පඩුවස්නුවර ප්‍රා.ස. පදිංචි කරුවෙකි. එම සභාවේ කොට්ඨාස 22 න් 18 ක් පොහොට්ටුව දිනූ අතර 3 ක් එජාපයට ත් 1 ක් ශ්‍රිලනිප දිනා ගත්තේ ය. එමෙන්ම පොහොට්ටුව ඡන්ද 27794 ක් ලබා ගන්නා විට දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ගේ කණ්ඩායමට හිමි වූයේ ඡන්ද 11794 ක් වන අතර අමාත්‍යවරයා ගේ ශ්‍රිලනිප කණ්ඩායම 3 වෙනි ස්ථානයය වැටි ඇත.

මහින්ද අමරවීර අමාත්‍යවරයා තංගල්ල ආසනයේ සංවිධායකවරයා මෙන්ම ඔහු පදිංචිව සිටින්නේ අගුණුකොලපැලැස්ස ප්‍රාදේශිය සභා බල ප්‍රෙදේශයේ ය. එහිදි ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ඡන්ද 17086 ක් ලබා ගනිමින් කොට්ඨාස 11 න් 11 ම අති විශිෂ්ට ජයග්‍රහණයක් කිරිමේදි අමාත්‍යවරයා ගේ කණ්ඩායමට එක් කොට්ඨාසයක් වත් දිනා ගැනීමට නොහැකිව ඡන්ද 5132 ක් ලබා 3 වෙනි ස්ථානය ලබා ගනි.

අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා නියෝජනය කරන කටුගම්පොල ආසනයේ පන්නල ප්‍රාදේශිය සභාවේ ඔහු පදිංචි කරුවෙකි. එහි දි එම සභාවේ කොට්ඨාස 24 න් 24 ම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ දිනා ගත්තේ ය. එමෙන්ම අමාත්‍යවරයාගේ ශ්‍රිලනිප කණ්ඩායමට ඡන්ද 9242 ක් ගෙන පරාජය වනවිට පොහොට්ටුව එම සභාවේ ඡන්ද 38711 ක් ලබාගෙන ඇත.

සුසිල් ප්‍රෙම් ජයන්ත අමාත්‍යවරයාගේ පදිංචිය කෝට්ටේ වන අතර ඔහු කඩුවෙල ශ්‍රිලනිප සංවිධායකවරයා ය. කඩුවෙල ශ්‍රිලනිප ඡන්ද 15549 ක් ලබාගෙන 3 වෙනි ස්ථානයට වැටි පරාජය වනවිට ශ්‍රීලංකා පොදුජන පෙරමුණ කඩුවෙල මහා නගර සභාවේ ඡන්ද71016 ක් ලබාගෙන ඇත.

ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා නියෝජනය කරන රත්නපුර ආසනයේ රත්නපුර නගර සභාවේ ඔහුගේ ශ්‍රිලනිප කණ්ඩායමට ඡන්ද 1853 ක් හිමිව පරාජය වනවිට පොහොට්ටුව ඡන්ද 14402 ක් ද රත්නපුර ප්‍රාදේශිය සභාවේ අමාත්‍යවරයාගේ කණ්ඩායමට ඡන්දක් 6327 ක් ලබා පරාජය වනවිට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 22845 ලබා ජයග්‍රහණය කලේ ය.

චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා හබරාදූව ආසනයේ සංවිධායකවරයා මෙන්ම ඔහු පදිංචිව සිටින්නේ බද්දේගම ප්‍රාදේශිය සභා බල ප්‍රෙදේශයේ ය. එහිදි ශ්‍රීලංකා පොදුජන පෙරමුණ හබරාදූව ප්‍රාදේශිය සභාවේ ඡන්ද 20419 ක් ලබා ගනිමින් කොට්ඨාස සියල්ලම අති විශිෂ්ට ජයග්‍රහණයක් කිරිමේදි අමාත්‍යවරයා ගේ කණ්ඩායමට එක් කොට්ඨාසයක් වත් දිනා ගැනීමට නොහැකිව ඡන්ද 5832 ක් ලබා 3 වෙනි ස්ථානය ලබා ගනි.

එමෙන්ම දුමින්ද දිසානායක, එස්.බී.දිසානායක, මහින්ද සමරසිංහ, විජිත් විජිතමුණි, ටීබී ඒකනායක, සුමේදා ජයසේන, ඩිලාන් පෙරේරා, ලක්‍ෂමන් සෙනෙවිරත්න, රන්ජිත් සියඹලාපිටිය, ලක්‍ෂන් යාපා, මනුෂ නානායක්කාර ඇතුළු ආන්ඩුවේ මැති ඇමතිකම් දරණ කිසිදු ශ‍්‍රිලනිප ඇමතිවරයෙක්, නියෝජ්‍ය ඇමතිවරයෙක් හෝ රාජ්‍ය ඇමතිවරයෙක් සිය ආසනය දිනා ගත්තේ නැත.

50,571 Viewers

16 Comments to “ආණ්ඩුවේ ශ්‍රිලනිප ඇමතිලා සභාව පමණක් නොව කොට්ඨාසයත් පරාදයි.. අමරවීර, සුසිල්, දයාසිරි, අනුර යාපා, ජෝන් මහ ඡන්දෙන් ගෙදරයාම ස්ථිරයි.. මෙන්න ගණන් හිලවු…”

  1. sasi says:

    කුණු දතාට්යි පුතාටයි මේ චන්ද සටන බාර දුන්නනම UNP අනිවාර්යෙන්ම දිනනවා , චතුරා පුතා ගේ (කණු කටා ) ඇගිල්ලෙන් මඩ ගොඩවල් කලවන් කරලා හෙම මිනිහෙක් ගේම කටේ ගැවෙවනම් හරි.

    අප්පයට තිබුනේ ඇනිබල් අක්කගේ පුතා රට ඉදන් ගෙනල්ල චන්ද සටන බාර දෙන්න

  2. Amda says:

    කල ගුණ නොදත්, ආත්මාර්ථකාමී, අවස්ථාවාදී මුන් එකෙක්ගෙන්වත් අපට වැඩක් නැත.

    ගෙදර යන්න බැරි නම් අපායට පලයව්!
    කවුද නවත්තන්නේ?

    • Kumara says:

      මේවට කියන්නේ….. දිට්ටධම්ම වේදනීය කර්ම කියලා….. රට ඉදිරියේ නා‍යකයෝ වගේ පෙනී සිටිමින්…. අවස්ථාවාදීභාවය, ආත්මාර්ථය, අසමඟිය.. රටට ආදර්ශයක් දී.. තමන්ත කරපු සියලු පව්ම මහින්ද මහත්තයට පමණක් පවරා.. සුදනන් වෙන්න දැඟළු නිරි රැලට හොඳම පාඩම….

  3. Burampy says:

    ජැක් සහ ජිල් දවසක්දා කන්දක් උඩට ගියා
    ඉක්මන් ගමනින් ඉහල නැග්ග ජැක් වැටුණා දඩස් කියා
    හිටපු ගමන් උඩ යන්න හිතන අය වැටෙයි කියා
    ජැක්ලා ජිල් ලා පෙන්නා දුන්නා නේද එදා….

    ජැක් සහ ජිල්ලා කන්දෙ ගිහිල්ලා.. ජැක් සහ ජිල්ලා කන්දෙ ගිහිල්ලා..
    රම්පිට පං පං පං……….

    හස්තියෙකුගෙ වලිගේ එල්ලිලා එක ගමරාළ කෙනෙක්
    දිවිය ලෝකෙ යන්නට ගිය දවසෙත් උනාලු ඔහොම දෙයක්
    ජැක් ලා වැටුනේ කකුල ලිස්සලයි
    අපෙ අය වැටුනේ කට වැඩි හින්දයි

    ජැක් සහ ජිල් දවසක්දා කන්දක් උඩට ගියා
    ඉක්මන් ගමනින් ඉහල නැග්ග ජැක් වැටුණා දඩස් කියා
    හිටපු ගමන් උඩ යන්න හිතන අය වැටෙයි කියා
    ජැක්ලා ජිල් ලා පෙන්නා දුන්නා නේද එදා….

    ජැක් සහ ජිල් ලා කන්දෙ ගිහිල්ලා.. ජැක් සහ ජිල්ලා කන්දෙ ගිහිල්ලා..
    රම්පිට පං පං පං…..

    ජෙට් බට් ඒරොප්ලේන් රොකට් උඩ ගියාට මහ සද්දෙන්
    නතර වෙන්නෙ අවසානෙදි පොළොවේ හතර රියන මැද්දෙන්
    අහංකාරනම් රෝගෙන් පිස්සු
    තවමත් පෙලෙනව අපේ මිනිස්සූ

    ජැක් සහ ජිල් දවසක්දා කන්දක් උඩට ගියා
    ඉක්මන් ගමනින් ඉහල නැග්ග ජැක් වැටුණා දඩස් කියා
    හිටපු ගමන් උඩ යන්න හිතන අය වැටෙයි කියා
    ජැක්ලා ජිල් ලා පෙන්නා දුන්නා නේද එදා….

    ජැක් ඇන්ඩ් ජිල්ලා කන්දෙ ගිහිල්ලා.. ජැක් ඇන්ඩ් ජිල්ලා කන්දෙ ගිහිල්ලා..
    තරිකිට රම්පං රප පං පං පං පං පං පං පං….

    ගායනය: ෆ්‍රෙඩී සිල්වා

  4. පොහොට්ටුව says:

    රනිල්, අගමැතිකමින්වත්, පක්ෂ නායකත්වයෙන්වත්, ඉවත් නොවීමට තීරණය කර අවසන්ය. 2020 තමන්ට ලැබෙන අවසන් අවස්ථාව බව රනිල් දනී. 2020 වන විට රනිල් ගේ වයස 71කි. 2025 වන විට රනිල් ගේ වයස 76කි. වයස 76 දී ඡන්දය ඉල්ලීමට රනිල්, මහින්ද මෙන් තරුණකම රැකගත් අයෙකු නොවේ. රටේ ඡන්ද වලින් 1/3ක් ගත නොහැකි තමන්ට ජනාධිපතිවරණයකින් ජයගන්නවා තබා, එජාප අපේක්ෂකයා වීමට පක්ෂයේ අනුමැතිය ලබා ගැනීම පවා අසීරු බව රනිල් දනී. එම නිසා, රනිල් විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කිරීම වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට විශාල ඉඩක් තිබේ. එයට ජවිපෙ සහාය අනිවාර්‍යයෙන්ම ලැබෙනු ඇති අතර සිරිසේන ද ඊට ඉඩ දීමට සැලකිය යුතු ඉඩක් තිබේ. ඒ අනුව පළාත් සභා අහෝසි නොවී විධායක ජනාධිපති ක්‍රමය අහෝසිවන සහ ඒ ඔස්සෙ රට බෙදී යාමට හේතුවන තත්වයක් නිර්මාණය වනු ඇත. එම නිසා මීට දෙමළ සන්ධානයේ වුවද උදව් ලැබීමට ඉඩක් පවතී. (දැනට විධායක ජනාධිපති සතු පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ බලය ආදිය ව්‍යවස්ථාදායක සභාවට හිමිවන ආදී තත්වයක දී, දෙමළ සන්ධානය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඡන්දය දීමට ඉඩක් පවති.) ඒ නිසා අද ඇතමුන් කථා කරන ගෝඨා 2020 වැනි ව්‍යාපෘති කිසිදිනෙක ක්‍රියාත්මක නොවන ව්‍යාපෘති වීමේ විශාල ඉඩක් පවතී. එම නිසා 2020 පැවැත්වෙන්නේ මහමැතිවරණයක් පමණක් වීමට ඉඩ ඇත. ඒකාබද්ධ විපක්ෂය මේ තත්වය සැලකිල්ලට ගත යුතුය.

    • Mawella says:

      Agree. Sirisena is the most vicious person with extrenous objectives, now he tries to pacify UNP to share power within, despite sword-in them during past days, but myth to all. He definitely reach and end his political march, with a heavy down fall of the democratic system. He would be the Night Watchman of government and Door keeper knighted as the king.

    • රට රකිමු. says:

      මේක වෙන්න පුළුවන් දෙයක්.

      මහින්ද රාජපක්ෂ දිගින් දිගටම ගෙන ඇති ස්ථාවරය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්ථයක් ලෙස වෙනස් කර මුළුමනින්ම අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුය යන්න ඒකාබද්ධ විපක්ෂයේ / පොහොට්ටුවේ ස්ථාවරය විය යුතු අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෑල්ල කෑල්ල වෙනස් කරමින් පැලැස්තර ඇලවීමට එරෙහි විය යුතුය.

    • සුරනිමල says:

      /** ඒ අනුව පළාත් සභා අහෝසි නොවී විධායක ජනාධිපති ක්‍රමය අහෝසිවන සහ ඒ ඔස්සෙ රට බෙදී යාමට හේතුවන තත්වයක් නිර්මාණය වනු ඇත. */

      මොනම කාරණාවක් හෙතුවෙන් වත්, අස්ථාවර රටක් නිර්මාණය වීමට හේතුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා පාර කැපීමට ඉඩ දීමට මෙරට දේශප්‍රේමී ජනතාවට නොහැකි වෙයි. එම නිසා, කිසියම් ම කෙනෙකු හෝ පළාත් සභා අහෝසි නොකර විධායක ජනාධිපති ක්‍රමය පමණක් අහෝසි කිරීමට ක්‍රියා කරයි නම්, ඊට එරෙහිව දේශමාමක ජනයා පෙළගැස්සවීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සහ පොහොට්ටුවේ බලවේග වහා කටයුතු කළ යුතුයි. දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ප්‍රතිස්ථාපනය (replace) කිරීමේ සටන් පාඨය යටතේ දේශහිතයිෂී ජනයා පාරට බැස්ස විය යුතුයි. එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, විධායක ජනාධිපති ක්‍රමය පමණක් නොව අන් සෑම දෙයක් ම, රට ට ගැලපෙන පරිදි වෙනස් කළ හැකි වෙයි.

  5. kumara says:

    අලුත්ම අාරංචියක් !!! චන්ද්රිකා සහ ෙෙමත්රි අතර අාරවුලක් අැතිවී අැත මයිරි පක්ෂය කනවා යයිදැඩි ෙලස චන්දිකා ෙචා්දනා කරයි

  6. Ranjith says:

    මේවට කියන්නේ….. දිට්ටධම්ම වේදනීය කර්ම කියලා….. රට ඉදිරියේ නා‍යකයෝ වගේ පෙනී සිටිමින්…. අවස්ථාවාදීභාවය, ආත්මාර්ථය, අසමඟිය.. රටට ආදර්ශයක් දී.. තමන්ත කරපු සියලු පව්ම මහින්ද මහත්තයට පමණක් පවරා.. සුදනන් වෙන්න දැඟළු නිරි රැලට හොඳම පාඩම….

  7. රාහුල මල්ලී says:

    වසර දෙකකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඡනාධිපතිට තිබුන බලය උපක්‍රමශීලීව රනිල් ඉවත් කර ගත් නිසා දැන් ඡනපතිට තිබූ එම බලය අහිමි වී ඇත… විධායක ඡනපති ලෙස තමන් වෙත තබා ගත යුතු යම් යම් බලතල තමා විසින්ම නැති කර ගත් එකේ විපාකය දැන් පෙනේ… රට අරාඡික වූවත් ඡනපතිට බකන් නිලාගෙන අවුරුදු 4 1/2 ක් යනතුරු සිටීමට සිදුව ඇත..

  8. Bulath Kolaya says:

    Lajjawak ho wadagathkamak thibenam wahama illa aswiya yuthui. Munta lajjwakwath, wedagathkamakwath gawilawath naha. Rate neethi sampaadanayata sahabaagi weemata dan munta balayak naha. Janathaawa prathikshepa karala iwarai.

  9. nim says:

    යකෝ අපි චන්ද කොලේ ඉරලා දෑමමත් අනුර යාපාට නම් දෙන නේ මැරෙන කන්.

  10. ජයවේවා රට රැකේවා says:

    ජයවේවා රට රැකේවා බුද්ධිමත්ව ඉවසා පොහොට්ටුවට චන්දය දුන් ඔබ සැමට අපේ ආචාරය.ජයවේවා රට රැකේවා

  11. Save our Land says:

    Congratulations!
    Let’s build a country better than Singapore.
    Singapore got rubbish people like Mahendra
    We got a leader who loves the country.
    May the Triple Gems protect you!

Main News