ආණ්ඩුවේ සැබෑ පාලකයා සැබෑ නායකයා සුමන්තිරන්….

January 9, 2019 at 1:20 pm | lanka C news
ආණ්ඩුවේ සැබෑ පාලකයා සැබෑ නායකයා සුමන්තිරන්….

වත්මන් ආණ්ඩුවේ සැබෑ පාලකයා සැබෑ නායකයා දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුමන්තිරන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

ගෙන එනු ලබන ව්යවස්ථාව ෆෙඩරල් ව්යවස්ථාවක් යැයි කියන්නේ අප නොවෙයි. එම් ඒ සුමන්තිරන් මන්ත්රිතුමා උතුරේ රැස්වීමක දෙමළ භාෂාවෙන් කළ කතාවක දී තමයි කියන්නේ මේ ගෙන එනු ලබන ව්යවස්ථාව පෙඩරල්වලටත් එහා ගිය ව්යවස්ථාවක් බව.

පෙඩරල් රටක් වන ඉන්දියාවෙත් ප්රාන්තයක් රටේ නීතියට එරෙහිව කටයුතු කරනවා නම් එම ප්රාන්ත සභාව විසුරුවා හැර ජනාධිපති වරයාගේ ඍජු පාලනයට එය නතු කර ගැනීමේ හැකියාව තියෙනවා.

හැබැයි සුමන්තිරන් මන්ත්රීවරයා කියන විදිහට නම් නව ව්යවස්ථාවට අනුව පළාත්සභාවලට ඇඟිලි ගහන්නට ජනාධිපතිවරයාටවත් බලය නැහැ. ඒ වගේම ආණ්ඩුකාරවරයාටත් කිසිම බලයක් නැහැ. මේක පෙඩරල් ව්යවස්ථාවත් ඉක්මවා ගිය දෙයක් විදිහටයි සුමන්තිරන් මන්ත්රීවරයා පැහැදිලි කරන්නේ.

පෙඩරල් ඉක්මවා ගිය පාලනයකට කියන්නේ කොන් පෙඩරල් පාලනයක් කියලයි. පෙඩරල් පාලනය සිංහලෙන් හැඳින්වෙන්නේ සන්ධීය පාලන ක්රමයක් විදිහටයි. කොන් පෙඩරල් පාලනයක් කියන්නේ සහසන්ධීය පාලන ක්රමයකටයි. මොකක්ද මේ දෙක අතර ඇති වෙනස.

පෙඩරල් පාලනයකදී රාජ්යයේ කැමැත්තකින් තොරව කිසිම ප්රාන්තයකට වෙනම රාජ්යයක් බවට පත් වීමේ හැකියාවක් නැහැ. නමුත් මේ කොන් පෙඩරල්පාලනයක් තුළ දී එනම් සහසන්ධීය රාජ්යයක දී තම කැමැත්තෙන් පමණක් වෙන්ව යෑමට ප්රාන්තයකට පුළුවන්.

දැනට කොන් පෙඩරල් රාජ්යයකට උදාහරණයක් විදියට තියෙන්නේ යුරෝපා සංගමයි. ඒ අයට වෙනම පාර්ලිමේන්තුවක් තියෙනවා. විධායක අමාත්ය මණ්ඩලයකුත් ඉන්නවා. යුරෝපා සංගමයට බලපාන පොදු නීති වලට ඔවුන් සියලු දෙනා යටත් වෙනවා. ඉන් ඉවත්වීමට බ්රිතාන්ය තීරණය කරනවා. නමුත් ඔවුන් ඉවත්ව යෑම නතර කිරීමට අනෙකුත් සාමාජිකයන්ට හැකියාවක් නැහැ.

අලුත් ව්යවස්ථාවේ හැටියට උතුරට හා නැගෙනහිරට ඒකාබද්ධ වෙන්න පුළුවන් බව සුමන්තිරන් මන්ත්රිතුමන් කියනවා. ඒ වගේම ඒ ඒකාබද්ධ වන අයට සහසන්ධීය තත්ත්වයකදී අනෙත් අයගේ කැමැත්තකින් තොරව වෙන්න යන්නත් පුළුවන්. වේළුපිල්ලේ පිරිබාහරන්ටත් ජීවිත විසි අට දාහක් පුදා ලබාගන්නට බැරි වූ දේ නොවේද සුමන්තිරන් මේ උතුරට ලබා දෙමින් සිටින්නේ.

මේ ව්යවස්ථාව පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් වන මම දැකලවත් නැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ගෙන් ඇහුවහම ඔවුන් දැකලත් නැහැ. ඒකයි අපි කියන්නේ ඔහු මේ රටේ නොනිළ අගමැති.

ඔබට මතක ඇති සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලට අත දිගු කරමින් සුමන්තිරන් මන්ත්රීවරයා බැන වදිද්දී අගමැති රනිල් වික්රමසිංහ අසරණව බලා සිටියා. ඒ නිසා මේ ආණ්ඩුවේ සැබෑ පාලකයා සැබෑ නායකයා සුමන්තිරන් මන්ත්රීතුමන් හැර වෙන කිසිවෙකුත් නොවේ.

– අරවින්ද අතුකෝරල

16,314 Viewers

21 Comments to “ආණ්ඩුවේ සැබෑ පාලකයා සැබෑ නායකයා සුමන්තිරන්….”

  1. Kalana Premadasa says:

    Very true! This is an absolute puppet government of the White Christian Western Imperialists, their stooges here, Indian Expansionists and Eelamists !

  2. Nalaka says:

    සුමන්තිරන් සහ මනෝහර යුගල ජාඩියට මූඩියයි..

  3. kamal says:

    සැබෑ ප්‍රශ්නය දන්නෙ නැති පාර්ලිමේන්තුව
    රටේ තියෙන්නෙ එකාධිපති හෝ ව්‍යවස්ථා ප්‍රශ්නයක්ද නැත. ආර්ථික ප්‍රශ්නයටද වඩා ප්‍රශ්නයක් ඇත. මිනිස්සු වේලක් හැර වේලක් හරි කැම කයි. බඩගින්නෙ මිය ගිය අය වාර්තාවෙන්නෙ නැත. එහෙනම් මොකද ප්‍රශ්නෙ සංස්කෘතික හා සමාජියය වහල් භාවයයි. ගිය අවුරුද්දෙ පමණක් මත්දව්‍ය වැරදි නිසා හිරගත වුවෝ 95000. මෙය කොච්චර ප්‍රශ්නයක්ද. බුදු දහම රැකගන්න තියෙන සිංහල භාෂාව දියාරු වෙමින් පවති. කාර්මික විදුහල් වල පවා අද ඉංග්‍රිසියෙන් උගන්වන තත්වයට පත්වි ඇත. මේ ඉංග්‍රිසි බුවල්ලා සිංහලය යට කරමින් තිබේ. කොටින්ම කියනවානම් දෙමල භාෂාව පමණක්වත් පොහොසත් නැති ඉංග්‍රිසි භාෂාව සිංහල හා දෙමල මිනිසුන් යට කරමින් සිටි. සැබැ ප්‍රශ්නය සම්පුර්ණයෙන් නොවුවත් ටිකක් හරි දන්නෙ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පමණයි. එයටත් මහින්දගෙ සර්ව ආගමික මනුස්‍යත්වය එමින් තිබේ. මහ ලොකුවට වෙලස්ස කැරල්ලෙ අවුරුදු 200 සමරන්නේද කලු සුද්දො බව තේරුම් යමින් තිබේ. නලින් ද සිල්වාලා හුදකලා සටනක අතරමං වි තිබේ. විජාතික ජවිපෙ හා එක්සත් ජාතික පක්ෂයද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියකට නැකම් කියන පොහොට්ටුවද කරලියට එමින් තිබේ.

    • lester says:

      අගනා කියමනක්. අපි සිංහල කතා කරනවිට නියම සිහලෙයා විදියට සිංලිස් නැතුව කතා කරන්න පුරැදු ෙවන්න. ඒක අපේ වගකිම

    • Patriot says:

      දෙමල භාෂාව පමණක්වත් පොහොසත් නැති ඉංග්‍රිසි භාෂාව..? meka nam nugath kiyamanaki. avurudu 1000 kata hamarakata peranam meya sathyawenta ida thibuna. Sinhalath evakata demalata deveni ne. adath ingirisi thama adyapanaya sannivedanaya vidya thakshana vinodhaya kreeda ethula siyalu kriyakarakam walata bahula washayenma yodaganne. Sinhalaya bhashawak washayen rekagatha yuthu unath adyapanaya sandaha ingirisi yoda gatha yuthumai anagathe.

  4. sinha le says:

    මෙලෙච්චේද ත්‍රස්තවාදියා වේළුපිල්ලේ පිරිබාහරන්ටත් ජීවිත විසි අට දාහක් පුදා ලබාගන්නට බැරි වූ දේ නොවේද සුමන්තිරන් මේ උතුරට ලබා දෙමින් සිටින්නේ.
    20 ව්‍යවස්ථාව හකුලා ගනු එයට අපේ විරුද්ධවය පල කරමු

    • සුරාජ් says:

      දැන් අවුරුදු ගානක් මහා දේශප්‍රේමියෙක් හැටියට තමාව හදුන්වාගත් යුද්දය දිනාගන්න මාවිල් ආරු සොරෝව්ව අරින්න පෙරමුණ ගත්ත මහා “පොරක් “හැටියට තමාව හදුන්වාගත් පච රණවක යුඑන්පි ආණ්ඩුවේ හිඳිමින් මේ ගැන කියන්නේ මොනවද ?තමාත් ඉන්න ආණ්ඩුව මේ කරන දේ ගැන විරුද්දව කට අරිනවද එහෙමත් නැතිනම් “ඕගොල්ලෝ කරගෙන යන්න අපි විරුද්ද වෙනවා නමුත් අපි පොඩි පක්ෂයක් නිසා ප්‍රශනයක් නෑ”කියල කිව්ව සැලසුම දිගටම කරගෙන යනවද ?නිකන් රටේ මිනිසුනට බොරුවට පෙන්න මේකට විරුද්දව චන්දෙ දෙන ගමන් විපක්ෂයෙන් එජාපයට මන්ත්‍රී බිලිබාගන්න පිම්පි කම කරලා රට පාවල දුන්නු දේශපාලන පිම්පියෙක් වෙනවාද ?කියන්න පච රණවක තමුන්ගේ මතය කියන්න .ඇයි නිහඬ ?

  5. LION says:

    Tiger Sumanthiran don’t play with lions

  6. Love nature says:

    ඉන්දියාව කැබලි කිරීමේ ඓතිහාසික බටහිර අධිරාජ්‍යවාදී ලෝක ක්‍රිස්තියානි ව්‍යාපාරයක් ගැන පර්‍යේෂණාත්මක කෘතියක් (බ්‍රේකින් ඉන්ඩියා: වෙස්ටර්න් ඉන්ටර්වෙන්ෂන්ස් ඉන් ඩ්‍රවිඩියන් ඇන්ඩ් ඩලිත් ෆෝල්ට්ලයින්ස්, 2011) රජිව් මල්හෝත්‍රා හා අරවින්දන් නීලකන්දන් යන දෙදෙනා විසින් ලියා ඇත. එම ව්‍යාපාරයට ඉන්දියාවේ අගමැතිවරු හෝ ජනාධිපතිවරු හවුල්වී නැත. සෝනියා ගාන්ධි ගැන ප්‍රසිද්ධියේ සැකයක් පලකරන්නේ ආචාර්‍ය සුබ්‍රමනියම් ස්වාමි පමණය. නමුත් ලංකාව කැබලි කිරීමට ක්‍රියාකරන්නේ ලංකාවේ අගමැතිය ලැජ්ජයි

  7. එක්නැලිගොඩ says:

    අනුර සුමන්දිරන් සහ රනිල් අසුර සන්ධානයෙන් මාගේ මව් බිම බේරාගැනීමට ඔබලාට හැකි වේවා !

  8. යහම්පත් says:

    පච රණවකයත් බයිල ගහ ගහ මේ සුමන්තිරන්නල එක්ක එකට අත් ඉස්සුවා නේද රනිල් රකින්න. නොදකින්.

  9. sinha le says:

    බටහිරින් පුත්තලමට උඩින් සිට, යාපනය, ත්‍රිකුණාමළය, මඩකලපුව පසුකර දකුණු පලාතේ නැඟෙනහිර කෙලවර වන කුමන දක්වා මුළු මුහුදු තීරයම සිංහලයින්ට අහිමිව දෙමළ හා මුස්ලිම් මුහුදු මූණත් බවට පත්‌වූ පසු, ලංකාවෙන් පිට සිට ලංකාවට එල්ලවන තර්‍ජන/අභියෝග වලට මුහුණදිය හැකිද? දෙමළ රටක් සඳහා ඇත්තේ ලෝක ව්‍යාපාරයකි. ශාරියා ලෝකයක් යනු ලෝක ව්‍යාපාරයකි. ලංකාවේ සිංහල බෞද්ධ පදනම, බුද්ධ ශාසනය බකල් කිරීම ක්‍රිස්තියානි මූලධර්‍මවාදී ව්‍යාපාරයේ ඉලක්කයකි. ලංකාවේ අඥාන දේශපාලකයින් අඥාන සංවර්‍ධන වැඩ හරහා ඇමෙරිකාව-චීනය-ඉන්දියාව යන රටවල හිඟන්නන් බවට පත්‌වී ඇත. මුළු රටම මෝඩයින් රැලක ග්‍රහණයට හසුව ඇත. මේ අස්සේ රිංගවන්නට හදන ව්‍යවස්ථා ජරමරය මෝඩ-කපටි උපායකි. ලංකාවේ සිංහල ජනයාට මෙය වැටහෙනවිට රටත් ඔව්නුත් ප්‍රපාතයට වැටී අවසානය.

  10. විධායකය සුරකිමු says:

    ජාතියට වෙන්න යන වින්නැහැයිය වේලාසනම පෙන්වා දෙන උදය ඔබට ස්තුතියි.

  11. LION says:

    උතුරේ ප්‍රධාන ඇමැති විග්නේශ්වරන් දැනටමත් උතුරු පළාතේ සිංහලයන්ට ජීවත් වීමට අයිතියක්‌ නොමැති බව පවසයි. එසේම දෙමළ තරුණ තරුණියන්ට සිංහල තරුණ තරුණියන් හා විවාහ නොවිය යුතු බව පවසයි. තවද උතුරේ බුදු පිළිම ඉවත් කළ යුතු යෑයි කිලිනොච්චියේ පෙළපාලි යයි. මෙම ජාතිවාදී ප්‍රධාන ඇමැතිගේ “හැසිරීම” වර්තමානයේ “බලයක්‌ නොමැතිව” මෙසේ නම් ඔහුට “උපරිම බලය” දුනහොත් සිංහලයාට සහ උතුරේ බෞද්ධ උරුමයන්ට අත්වන ඉරණම කුමක්‌ද?

  12. Saradiel says:

    දේශද්‍රෝහියා යනු දේශයට ද්‍රෝහි වන්නාය. ඕනෑම රටක දේශද්‍රෝහීන්ට මරණ දඬුවම දෙන්නේ තම මවුබිමට ද්‍රෝහී වීම අතිශය බරපතළ වරදක්‌ වන බැවිනි. දේශය කෑලිවලට කැඩීමට කුමන්ත්‍රණය කරන්නාද, දේශය ආරක්‌ෂා කරන රණවිරුවා පාවා දෙන්නාද දේශද්‍රෝහී ගණයට දැමෙන්නේ එයින් රට අස්‌ථාවර වී රටේ මතු පැවැත්ම අනතුරට ලක්‌වන නිසාය.

  13. memopad says:

    Thank you for everyone, giving the true picture of this devastating constitution ruining our Country. It’s sad most prominent personalities are remain silent at this crucial moment. The JVP, Hela Urumaya, patriots in the UNP including Sajith Premadasa, The President of Sri Lanka under deep somber.
    Only our Readers of this news
    blog, explain the dying consequences of the physical change of our country effecting lives 22 million of people of this Island.
    We honour you giving this opportunity Lankacnews web media channel.

  14. LION says:

    ජවිපෙ අද දෙමළ ජනතාවගේ අනුකම්පාව සහ ඡන්ද ලබා ගැනීමට මැයි දිනයේදී යාපනයට ගොස්‌ උතුරේ දෙමළ ජනතාවට සිදුවූ අසාධාරණය ගැන කතා කරයි. කිසිම රජයක්‌ උතුරේ සංවර්ධනයක්‌ කර නැතැයි පවසයි. යුද්ධයෙන් පසු මහින්ද රාජපක්‍ෂ රජය උතුරේ කර ඇති දැවැන්ත සංවර්ධන නොදකින්නේ අන්ධයෙක්‌ පමණි. රටේ සංවර්ධන වේගය එදා 7% ක්‌ වන විට උතුරේ සංවර්ධන වේගය 22% ක්‌ විය. අනුර කුමාර මේ බොරු කියන්නේ කාටද?

    ඔහු අත්වැල් බැඳගත් සුමන්දිරන් මීට දින කිහිපයකට පෙර ඉතා පැහැදිලිව කිව්වේ උතුරේ බුදු පිළිම / පන්සල් සෑදීමට ඉඩ නොදෙන බවය. ඔහු විසින් නාගදීපයේ එවන් ඉදිකිරීම් සිදුවේදැයි බැලීමට මන්ත්‍රීවරු දෙදෙනෙක්‌ ද යවා තිබේ. එයට අද වනතුරු ජවිපෙ විරුද්ධත්වය පළ කළේ නැත. සුමන්දිරන් ව හුරතල් කරන අනුර කුමාර එයට විරුද්ධ නොවන්නේ දෙමළ ඡන්ද උදෙසා ය. ජවිපෙ නායක ඡන්දවලට රටේ බෞද්ධ සංස්‌කෘතිය පාවාදී ඇත්තේ ඒ ලෙසටය.

  15. crazy says:

    Uncivilized and hellhound racist politicians. This country is so unfortunate to have people like you.

  16. Sampath says:

    Ane yako rata kawe ranil rajitha champaka atulu hora nadaya bava lokayama dannawa sopitha hitiyanam bada kapagena marenava ratata i una vinase dakala thopi hitapiyaw gota avahama military sanvidana karala gannam paraskkili topi hadanne 20 genath 35000 Marila beragaththa rata bandesiyaka tiyala dennada

  17. Keerthi says:

    Sumanthiran is a deadly man. He is trying to hijack the entire country and establish a regime where the North and East will have virtually a separate state eventually leading to a cessation like in East Timor. All true Sri Lankans be aware.

  18. Nihal says:

    Anura Kumara – A
    Sumanthiran – SU
    Ranil – RA

    ASURA kalliya

Leave a Comment

Main News