ආණ්ඩුව පෙරලන සුනාමිය ඇතුලෙන්ම හමයි.. නවතාගන්න කෝටි ගණන් සල්ලි පුදයි..

August 15, 2018 at 12:00 pm | lanka C news
ආණ්ඩුව පෙරලන සුනාමිය ඇතුලෙන්ම හමයි.. නවතාගන්න කෝටි ගණන් සල්ලි පුදයි..

ඉතිහාසයේ වැඩිම ජනතා අප්‍රසාදයට ලක් වූ මේ ආණ්ඩුව ‘අධීක්‍ෂණ මන්ත්‍රී ධුර’ යන වචනයට මුවා වී නීතිය අස්සෙන් රිංගා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 55කට අල්ලස් ලබා දී තම ආණ්ඩු බලය රැක ගැනීමට කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මෙසේ චෝදනා කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව ඇතුළේම මේ වනවිට ‘සුනාමි’ හමමින් තිබෙනවා. 2018 පෙබරවාරි 10 වැනිදා ලැබුණු ඡන්ද ප්‍රතිඵලය සහ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය දී 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීම සමග මේ අය බිය වී තිබෙනවා. ඒ නිසා ආණ්ඩු බලය රැක ගැනීම සඳහා නීතියෙන් රිංගා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අල්ලස් දීමේ වැඩ කටයුත්තක් මේ අය සකස් කළා. ඒ තමයි අධීක්ෂණ මන්ත්‍රී ධුරය කියන නාමපුවරුවට මුවාවෙලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකුට මාසිකව රුපියල් ලක්ෂ දෙකක ඉන්ධන දීමනාවක් ගෙවීම. මේ දීමනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පනස්පස් දෙනකුට ලක්ෂ දෙක බැගින් ගෙවීමේදී වර්ෂයකට වැය වන මුදල රුපියල් මිලියන 132ක්.

අපූරු ඉන්ධන දීමනාව

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් ශත පහකින් වැඩි කරන්න දෙන්නේ නැහැ කියූ ජනාධිපතිවරයා තමන් නායකත්වය දෙන කැබිනට් මණ්ඩලය මේ මහා අල්ලස දෙන්න අනුමැතිය පළ කරන විට හිටියේ නැද්ද? ජනාධිපතිතුමනි, මේ ගැන ඔබ කියන්නේ කුමක්ද? සාලාව අවි ගබඩාව පිපිරීම, මීතොටමුල්ල කුණු කන්ද නාය යාම, අරණායක සාමසර කන්ද නාය යාම වැනි විපත්වලට ලක් වූ අසරණ පවුල්වලට මේ ආණ්ඩුව මෙතෙක් නිසි පරිදි වන්දි ගෙවා නැහැ. ඔවුන්ගේ ජීවිත යළි යථා තත්ත්වයට පත් කර නැහැ. එසේ තිබියදී ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා මෙසේ අල්ලස් දීම මහ පොළොව නුහුලන අපරාධයක්.

මේ අධීක්ෂණ මන්ත්‍රී දීමනාව ගැන ආණ්ඩුවේ වගකිවයුත්තන් පවසන්නේ විකාර කතා. ‘මේ ලක්ෂ දෙක දෙන්නේ රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණයට යාම සඳහා ඉන්ධන වියදම් ලෙස’ කියලයි ඒ අය කියන්නේ. මේ ලක්ෂ දෙකෙන් ඩීසල් ලීටර් 1694 ගහන්න පුළුවන්. මාසයකට දින 08ක් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වුණාම ඉතිරි දින 22 තමයි මේ ව්‍යාපෘති අධීක්ෂණයට ඉතිරි වෙන්නේ. එහෙම බැලුවාම මේ රුපියල් ලක්ෂ 02න් ඉන්ධන ගහලා දිනකට කිලෝමීටර් 1000ක් බැගින් දින 22ක් මේ අය රට පුරා යා යුතුයි. ඒ නිසා මේ ඉන්ධන ප්‍රමාණය ආවරණය කරන්න මේ මන්ත්‍රීවරයකු දිනකට පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවටත් ආපසු දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවටත් යා යුතුයි. මේ සියලු කතා බොරු. මන්ත්‍රීවරුන්ට අල්ලස් දීලා ආණ්ඩුව රැකගන්නයි මේ හදන්නේ.

‘සුදු වෑන් ගැන නිතර කියන කතා’

අගමැතිවරයා පසුගියදා මහත්මා ගාන්ධි ගම්මානයක් විවෘත කරන උත්සවයක දී සුදුවෑන් මතක් කළා. පසුගිය ආණ්ඩුවේ ‘සුදු වෑන් සංස්කෘතියක්’ ගැන බොරු කිව්වෙත් මේ අගමැති ඇතුළු ආණ්ඩුවේ මඩ කල්ලි. අවුරුදු තුනහමාරක් ගියා, සුදුවෑන් අපරාධ හෝ කළ කිසිවකුත් ගැන නඩු නැහැ. මෙයාලා පෙන්වූයේ සුදුවෑන් කියන්නේ මහා භයානක දෙයක් කියලයි. ඒ නිසා අද සුදුවෑන් මතක් කරන්නේ මාධ්‍යවේදීන් හා වෘත්තීය සමිති නායකත්වය බිය වැද්දීමටයි. එදා ‘සුදුවෑන්’ බිල්ලකු පෙන්වා බලයට ආපු මේ අය, දැන් ඇත්තටම සුදුවෑන් මාරයකු, මාධ්‍යවේදීන්ට හා වෘත්තීය සමිති නායකයන්ට පෙන්වමින් සිටිනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

29,079 Viewers

3 Comments to “ආණ්ඩුව පෙරලන සුනාමිය ඇතුලෙන්ම හමයි.. නවතාගන්න කෝටි ගණන් සල්ලි පුදයි..”

  1. lotus says:

    තොපි ඔහොම TV වල කතා කරපියවි.
    මෛත්‍රීපාල රනිල් එක්ක සෙටිවෙලා ගේම දෙනවා.
    ⁣මහින්ද රාජපක්ෂ නැත්නමි තොපිට යනඑන මං නැහැ.
    මහින්දානන්ද
    රෝහිත (රත්තරං මාල හොරා)
    එස්.එමි.චන්ද්‍රසේන (මාවිල්ආරැ වන්දි හොරා)
    ඩලස් (කොටා)
    ජීඑල් පප්පා (ගල් මාස්ටර්)
    තොපි තමයි මහින්දව කන්නෙ.
    ජොනියා UNP යට සෙටි වෙන්න සාකච්ඡා කරනවා.

Main News