ආණ්ඩුව මස් වැද්දන් සේ තුට්ටු දෙකට විකුණාගෙන කෑම නිහඩව ඉවසා සිටිනවාද..

January 9, 2017 at 8:02 am | lanka C news | ලංකා සී නිවුස්
ආණ්ඩුව මස් වැද්දන් සේ තුට්ටු දෙකට විකුණාගෙන කෑම නිහඩව ඉවසා සිටිනවාද..

හම්බන්තොට ගම්බිම් අහිමි වන ජනතාවට එල්ල කළ ප‍්‍රහාරය දැඩි සේ හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ මේ බව දැක්වෙයි.

සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

හම්බන්තොට ගම්බිම් අහිමි වන ජනතාවට එල්ල කළ ප‍්‍රහාරය දැඩි සේ හෙළා දකිනවා..

1818දී මෙන් පාවාදීමේ ගිවිසුමකින් තම ගම්බිම් විජාතිකයන්ට පවරා දීමේ ක‍්‍රියාදාමයකට එරෙහිව සාමකාමීව විරෝධය දැක් වූ හම්බන්තොට ජනතාවට එල්ල කොට තිබෙන ප‍්‍රහාරය දැඩි සේ හෙළා දකින්නෙමු.

මහා සංඝරත්නය පෙරටුකොට ගෙන උසාවි නියෝගයද නොකඩමින් හම්බන්තොට ජනතාව සූදානම්ව සිටියේ සාමකාමී සත්‍යග‍්‍රහයක නිරත වීමටය. ආණ්ඩුව කඳුළුගෑස්, රබර් උණ්ඩ, ජල ප‍්‍රහාරකයන් යොදා ගනිමින් පොලීසිය ලවා ද ගල් මුල්, පොලූ මුගුරු යොදා ගෙන එජාප මැරයන් ලවා ද ඉතා ආමානුෂික ප‍්‍රහාරයක් ඉහත පිරිස්වලට එල්ල කොට තිබේ.

මහා සංඝරත්නය, මහජනතාව පමණක් නොව, අවට ගම්මානවලට වැදී කළ පහරදීම් වලින් එම නිවස්වල සිටි ගැබිණි මාතාවන්ද තුවාල ලබා රෝහල්ගත කිරීමට පවා මෙම පහරදීම මිලේච්ඡු ස්වරූපයක් ගෙන තිබිණි.

‘රන් බිජුලන කිකිළියක්’ වැනි අපේ මාතෘභූමිය සතු වටිනාම ජාතික සම්පතක් වන හම්බන්තොට ජාත්‍යන්තර වරාය ද අපේ මුතුන් මිත්තන්ගේ ඉපැරණි සොහෙන් කොත් ඇතුළු පාරම්පරික උරුමයන් සහිත හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඉඩම් අක්කර 15,000ක්ද මේ ආණ්ඩුව මස් වැද්දන් සේ තුට්ටු දෙකට විකුණාගෙන කෑම මේ රටේ ජනතාවට නිහ`ඩව ඉවසා සිටිය හැකිද?

එවැනි ජාතික ව්‍යසනයකට එරෙහිව පෙරට ආ මේ රටේ සුජාත දු පුතුන් පිරිසක් මෙසේ මේ ආණ්ඩුවේ මර්දන හස්තයට හසුව තිබේ. ආණ්ඩුවේ මේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී, ඒකාධිපති ගමනට එරෙහිව පටුවාදභේද අතහැර අත්වැල් බැඳගත යුතු මොහොතක් එළඹ තිබේ. ඒ සඳහා පෙරට එන ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන, දේශපේ‍්‍රමී සියලූ ජනකොටස් වෙත මෙයින් අරයුම් කොට සිටින්නෙමු.

විමල් වීරවංශ (පා.ම.)
නායක
ජාතික නිදහස් පෙරමුණ

9,979 Viewers

7 Comments to “ආණ්ඩුව මස් වැද්දන් සේ තුට්ටු දෙකට විකුණාගෙන කෑම නිහඩව ඉවසා සිටිනවාද..”

  1. samantha says:

    iwasagena inda epa mahaththayo, satan kerainda !!!!!!!! ……………………. mahindage kaale katai pukai 2 ma wahagena hetiya wage inda epa mahaththayo !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1

    • Champa says:

      නිකම් බොරු කියන්න එපා. මහින්දගේ ආණ්ඩුවේ ඉන්දැද්දීත් විමල් ඕනේ හැටියේ විරෝධය පල කරලා තියෙනවා. එහෙම කරන්න එදා කොන්ද පණ තිබුනේ විමල්ට විතරයි. එදා ඔලුව නවන් හිටපු මිනිස්සු මහින්දව අතාරලා ගියා. විවේචනය කරපු විමල් නැවතුනා. වෙනස ඒකයි.

      • Justicia says:

        Yes Wimal staged fast unto death protest in front of Un Office in Colombo. He would have to face death, had the then President forced him to give up his protest. Wimal is a person who is brave against any injustice.

  2. Champa says:

    විමල්ගේ මේ නිවේදනය දැක්කහමයි මටත් හිතුනේ. “1818දී මෙන් පාවාදීමේ ගිවිසුමකින් තම ගම්බිම් විජාතිකයන්ට පවරා දීමේ ක‍්‍රියාදාමයක්” තමයි මේකත්. ආණ්ඩුවේ මර්දනයට නිශ්ශබ්දව හිටියොත් රනිල් දිගටම මර්දනය මේ විදියට ගෙනි යයි.

    පොලිස් ප්‍රහාරයකට වඩා තනිකරම UNP එකට සුපුරුදු මැර ප්‍රහාරයක් තමයි අහිංසක මිනිස්සුන්ට එල්ල කරලා තියෙන්නේ. රනිල් චීනෙ රවට්ටන්න බොරු plaque එකක් තිබ්බ. එහෙම කරලා නිකම් අපරාදේ මිනිස්සුන්ටයි හාමුදුරුන්ටයි ගැහැව්වා.

    අනිවාර්යයෙන්ම මේ වැඩේ නවත්තන්න මිනිස්සු පාරට බහින්න ඕනේ. ආණ්ඩුව අධිකරණ නියෝග ගෙනාවත් මිනිස්සුන්ව නතර කරන්න බැහැ කියලා මිනිස්සු දැන් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ගොඩක් මිනිස්සු hospital එකටත් ගිහින් කියලා මම දැක්ක. අර arrest කරපු මිනිස්සු වෙනුවෙන් කරන්න මුකුත් නැත්ද විමල්? ඒ පළාතේ ඉන්න ඔබේ පක්ෂේ මන්ත්‍රීවරු හරි සංවිධායකවරු හරි ඒ මිනිස්සු බලන්න යන්න ඇති නේද?

    ඔබව මර්දනය කරන්න හදන්නේ ආණ්ඩුවට ඕනේ විදියට වැඩ කරගෙන යන්න. ඔබව අත්අඩංගුවට ගන්න හදද්දීත් ඔබ තාම මහජනතාව වෙනුවෙන් ආණ්ඩුවට විරෝධය පල කරනවා. මිනිස්සු වෙනුවෙන් කතා කරනවා. වෙලාවකට මට ඔබ ගැන පුදුමත් හිතෙනවා. කිසිම කිසි දෙයක් ආපහු බලාපොරොත්තු වෙන්නේ නැතුව රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කතා කරන ඔබ තරම් රටට ආදරේ කෙනෙක් මම තවත් දැකල නැහැ. . ඔබට දළදා හිමි සරණයි විමල්. පරිස්සමින් ඉන්න. Love you.

    • brahmana says:

      අතේ සතේ නැතිව , ඉගෙනගන්න එන්න බැරිව ,හතේ හත වැදිලා හිටියේ මං ,
      ජේ.වී.පි රහස් දීලා එම්.ආර්ව ගහේ ඇරලා ,
      පරම්පරා හතම ගොඩට ගත්තේ මන්.
      තුන් මුල්ලේදී ක්‍රැකර් කාල, රැට ටිකක් කොත්තු කාල,
      ජොලියේ මෝඩ උන් අන්දපු මන්.
      ආයේ බැහැනේ පයින් යන්න ,හම්බු කරන කන්න උනොත්,
      කට ඇරුනම මුකුත් නැහැනේ බන්,
      රටේ චන්ද 4000 ,ජීවිතේට ගොඩ යනු බැ,
      මහින්දයව මරන් මැරෙමි මන්.

      • Champa says:

        Brahmana

        You are not the only loser who is jealous of Wimal’s successful political career achieved through his leadership qualities and his ability to attract the masses.

        Wimal is in the top today without even being a President or a Prime Minister due to his patriotism, sheer hardwork, perseverance and committment.

        One day people will give him his due recognition. I am not going to say what because then you will die with envy.

  3. Nareen says:

    Meeta vadaa paavaadeem pasu giya aanduva thula mahaa parimaanayen sidu vee atha. A davas vala oba sitiye nindeda?

Main News