ආපදාවන්ට මුහුණ දී සිටින ජනතාවට සහන සලසන්න ජල බවුසර් ට‍්‍රැක්ටර් බෙදයි..

March 31, 2017 at 2:02 am | lanka C news | ලංකා සී නිවුස්
ආපදාවන්ට මුහුණ දී සිටින ජනතාවට සහන සලසන්න ජල බවුසර් ට‍්‍රැක්ටර් බෙදයි..

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නියං ආපදා තත්වයට මුහුණ දී සිටින ජනතාවට සහන සැලසීම සඳහා ජල බවුසර් සහිත ට‍්‍රැක්ටර් බෙදාදීම ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතගේ ප‍්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් එස්. එස්. මියනවල, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජෙනරාල් ජී.එල්.එස් සේනාධීර සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් ලලිත් චන්ද්‍රපාල, ගොඩනැලි පර්යේෂණ ආයතනයේ  අධ්‍යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන සහ ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අයි. සී පතිරාජ මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී පැවැත් පැවැත්විණි.

නියගයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් ගනු ලැබූ ප‍්‍රතිපත්තිමය තීරණයකට අනුව ආපදාවෙන් පෙළන දිස්ත‍්‍රික්කවල ජනතාවට පානීය ජල අවශ්‍යතා ලබාදීම සඳහා ඒ ඒ දිස්ත‍්‍රික්ක සඳහා ජල බවුසර් සහිත ට‍්‍රැක්ටර් බෙදා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී. ඒ අනුව නියගයෙන් පීඩාවිදින දිස්ත‍්‍රික් 14 ක් සඳහා ජල බවුසර් සහිත ට‍්‍රැක්ටර් 50 ක් මෙම අදියරයේ දී බෙදා දීම සිදු කෙරිණි. මේ සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 96 කි.

පුත්තලම, බදුල්ල, කෑගල්ල, මහනුවර, රත්නපුර, ගම්පහ, කුරුණෑගල, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, ගාල්ල, මාතර සහ මොනරාගල යන දිස්ත‍්‍රික්ක වල නියගයෙන් පීඩා විදින ජනතාවට සහන සැලසීම වස් ජල බවුසර් සහිත ට‍්‍රැක්ටර් බෙදා දිස්ත‍්‍රික් ලේකම් වෙත ලබා දෙන මෙම බවුසර් දිස්ත‍්‍රික් ලේකම්ගේ සෘජු අධික්ෂණය යටතේ ආපදාවලින් පීඩාවිදින ජනතාවට පානීය ජලය සැපයීම යෙදා ගැනේ.

අප විශාල වශයෙන් නාගරීකරණය වූ රටක් වශයෙනුත් විශාල ලෙස ජලය අවශ්‍ය රටක් වශයෙනුත් එමෙන්ම විශාල වශයෙන් ජලය නාස්ති කරන රටක් වශයෙනුත් ජලය කළමනාකරණය කර අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ වැදගත් කමත් නියගයට මුහුණ දෙන රටත් වශයෙන් ජනතාව දැනුවත් කළ යුතුත් බව මෙම අවස්ථාවට සහභාගීවූ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යතුමා පැවසීය.

නියඟයෙන් පීඩාවට පත් වී සිටිව ජනතාවට සහන සැලසීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශය එක්ව ජල ට්‍රැක්ටර් බ්‍රවුසර් 250 ලබා දීමට තීරණය කළ බවත් ඒ යටතේ ජල ට්‍රැක්ටර් බ්‍රවුසර් කොටස් ලෙස බෙදා දීම සිදු කරන බවත් මෙහිදී පැවසීය. ජල බවුසර් එකක් ලබා දීමෙන් පමණක් ජල හිගයට ප්‍රතිකර්ම සොයා ගැනීමට නොහැකි බවත් ජල හිගයට විසදුමක් ලෙස දිගු කාලීන උපාය මාර්ග භාවිතා කළ යුතු බව අමාත්‍යතුමා තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාවේ අදහස් පල කරමින් උපදෙස් සහ මග පෙන්වීම යටතේ පසු ගිය කාලය තුළ නියගයට මුහුණ දුන් ජනතාවට පිහිටවීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් අමාත්‍යාංශයට සම්බන්ධ සියළු ආයතන එක්  වී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක  කරන ලද බව පැවසීය.  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මිලදී ගන්නා ජල ට්‍රැක්ටර් බවුසර් 50 ක්  නියඟයෙන් පීඩාවට පත් වී සිටිව ජනතාවට  සහන සැලසීම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබා දී එමගින් ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලට ලා දීමට බලාපොරොත්තු වන බව පැවසීය.

එසේම  තවදුරටත් දීර්ඝ කාලයක් ජනතාවට ප්‍රයෝජන ගත හැකි ලෙස අවශ්‍ය කටයුතු සිදු කිරීමට නිරතුරු කටයුතු සිදු කරන අතර යම් තැනක අවශ්‍යතාවයක් ඇත්නම් පිළියම් යෙදීමට අප කටයුතු කරන බවත් පෙන්වා දෙන ලදී.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්තා සමරවීර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.පී සමරක්කොඩි මහතා ඇතුලු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ අනුබද්ධ ආයතන නිළධාරීන් රැසත් මේ අවස්ථාවට සහභාගී විය.

– හදුන් පතිරාජ

2,118 Viewers

3 Comments to “ආපදාවන්ට මුහුණ දී සිටින ජනතාවට සහන සලසන්න ජල බවුසර් ට‍්‍රැක්ටර් බෙදයි..”

  1. BARCARDI says:

    Bowsers ,Bowsers of people will come to vote you in the next election.

    • silva says:

      ගෑණීට බයේ ජාතික ආණ්ඩුවට එක් වූ ගොයියා්

  2. Desapremiya says:

    ඕව බෙදපන් දැන් හැමදාම බලයේ ඉන්න පුළුවන් කියල හිතාගෙන. බැසිල් පයිප බට ප්‍රාදේශීය සබා වල‍ට බෙදල, ටකරන් තහඩු බෙදල දැන් FCID, උසාවි ගැනේ බඩ ගානවා පේනවා නේද. උබලටත් ඉදිරියේදී ඒ වගේම රිටන් එක හම්බ වෙයි.

Main News