ආපදාවෙන් මියගිය අයෙකුට වන්දිය ලක්‍ෂයයි.. මියගිය සියළු දෙනාට ලක්‍ෂ 194යි.. ඇමතියෙකුගේ එක් වාහනයක් පමණක් ලක්‍ෂ 400යි..

May 30, 2017 at 8:54 pm | lanka C news
ආපදාවෙන් මියගිය අයෙකුට වන්දිය ලක්‍ෂයයි.. මියගිය සියළු දෙනාට ලක්‍ෂ 194යි.. ඇමතියෙකුගේ එක් වාහනයක් පමණක් ලක්‍ෂ 400යි..

මෙරටට බලපා ඇති ආපදා තත්වය නිසා මරණයට පත් වූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂයක වන්දියක් ලබා දීමට රජය තීරණය කර ඇත. සම්පූර්ණ නිවාස හානියක් සදහා ලබා දෙන වන්දිය උපරිමය රුපියල් ලක්‍ෂ 25කි.

ඇමති මහින්ද අමරවීර මහතා පසුගියදා කියා සිටියේ රුපියල් මිලියනයක වන්දියක් ආපදාවේදී වූ ජීවිත හානියක් සදහා ලබා දෙන බවයි. නමුත් කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න කියා සිටින්නේ එවන් යෝජනාවක් ජනාධිපතිවරයා විසින් කරනු ලැබුවද එය මෙතෙක් ක‍්‍රියාත්මක නොවන බවයි.

මේ තත්වය යටතේ ආපදාවෙන් මියගිය 194ක් වූ පුද්ගලයින් වෙනුවෙන් රජය විසින් ලබා දෙන මුදල ලක්‍ෂ 194කි.

කෙසේ වෙතත් එක් ඇමතිවරයෙක් වෙනුවෙන් ආනයනය කරනු ලබන එක් වාහනයක් පමණක් ලක්‍ෂ 400ක් පමණ වෙයි.

4,059 Viewers

7 Comments to “ආපදාවෙන් මියගිය අයෙකුට වන්දිය ලක්‍ෂයයි.. මියගිය සියළු දෙනාට ලක්‍ෂ 194යි.. ඇමතියෙකුගේ එක් වාහනයක් පමණක් ලක්‍ෂ 400යි..”

  1. YAMA DUTHA says:

    This is YAMAPALANA KALAKANNI

  2. dests says:

    dipalla detha badala chande aliya bulathkola sinu thuk witarak

  3. jayamal says:

    ආපදාවෙන් මියගිය සියලුම දෙනාට ලැබෙන මුලු වන්දි මුදල වගේ දෙගුණයක් ඇමතියෙකුගේ එක සැප වාහනයක් වටිනවා. අපොයි මේ අවනඩුව කියන්නවත් කෙනෙක් ඉතිරිවෙලා නැති හැටි! සම්‍යක් දෘෂ්ටී දෙවිවරුත් ලක් පොලොව අතහැර ගිහින්ලුනේ දෙවිවරු දෙස අවඥාවෙන් බලන අය වැඩි නිසා.

  4. gajaba says:

    මේර ටේවෙන විපත් වලට හේතුව අමන දේශපාලුවෝ නිසා. රටේ වනාන්තර කපනවා. කදු වල ගෙවල් හදන්න ඉඩ දෙනවා. වැහි වතුර පොලවට උරාගන්නේ නැතුව කෙලින්ම ගංගා වලට පසුත් එක්ක ගිහින් තැම්පත් වෙලා පොඩි වැස්සකදී උනත් ගංවතුර එනවා. සාමාන්‍ය පවිල්ලකදී උනත් වතුර නැති වෙනවා.
    කදු වල ගෙවල් නිසා නාය යනවා. අනවශ්‍ය ඉදිකිරීම් නිසා වතුර බැස්ම නැහැ. ගංවතුර එනවා. වගුරැ බිම් තියෙන්න මොකටද කියලා නොදන්නා අමන දේශපාලුවෝ ටික රටටම මහා සායපක්, මුන් ටික කොටි ගානක වාහන, දෙවියෝ මේ රටේ ඉන්නවානම් මේ පවුල් ටික වෙනමම අතු ගාල දාන්න ඕනේ, මුන් නිසා අපා දුක විදින්නේ සාමාන්‍ය ජනතාවා.

  5. Niru says:

    This is too much Cos after Yahapalana the cost of living has come down. But remember to charge 15% VAT on this.

  6. ajith says:

    It only rained one and haif day. 194 people died. so many water managemant systems implemented by 8 th Standard pas desapaluvo. what happened only they flourished. MY3 pala also minister last 25 years. gramasevaka job ekawath karranna bari ekek janadipathi karama ohoma venava

  7. Lapaya says:

    Munta chande dunna unta oya laksheth wadiyi.

Main News