ආබාධිත සෙබළුන් පුනරුත්ථාපනය කරන බූස්ස කඳවුරෙන් භාගයක් අධිකරණ සංකීර්ණයකට..

April 22, 2017 at 5:30 pm | lanka C news
ආබාධිත සෙබළුන් පුනරුත්ථාපනය කරන බූස්ස කඳවුරෙන් භාගයක් අධිකරණ සංකීර්ණයකට..

යුද්දයෙන් ආබාධිතවූ රණවිරුවන් පුනරුත්ථාපනය සඳහා ස්ථානගත කර ඇති ගාල්ල බූස්ස යුද හමුදා කඳවුර සහිත අක්කර 10ක ඉඩමෙන් අක්කර 05ක් අධිකරණ සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මූලික මැනුම් කටයුතු ආරම්භ කිරීම නිසා කඳවුරේ ස්ථානගත කර ඇති ආබාධිත රණවිරුවන් බලවත්සේ නොසන්සුන් වී ඇතැයි වාර්තා වේ.

මෙම කඳවුරේ පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති ආබාධිත සොල්දාදුවන් හා නිලධාරීන් පිරිස 1300කට අධික වන අතර ඔවුන් දෙනෙත් අඳභාවයට පත්වීමේ සිට සිරිඋරේ අතපය හතරම අහිමි වූ රණවිරුවන් බව යුද හමුදා ආරංචි මාර්ග කියයි.

ගාල්ල බූස්ස කඳවුරේදී පුනරුත්ථාපනය ලබන එම ආබාධිත රණවිරුවන් ක්‍රීඩා, සංගීතය, වෘත්තීය පුහුණු, කියවීම වැනි විවිධ ක්‍රියාකාරකම් වලට යොමු කර ඇති අතර ඒ සඳහා වන පහසුකම්ද මෙම කඳවුරේ ඉදිකර ඇත.

මෙසේ මෙම කඳවුරු භූමියෙන් අඩක් අධිකරණ සංකීර්ණයක් සඳහා ලබා දීමෙන් මෙහි පුනරුත්ථාපනය ලබන රණවිරුවන්ගේ එම කටයුතු වලටද දැඩි බාධා එල්ල විය හැකි යැයි ප්‍රදේශයේ සිවිල් සංවිධාන හා යුධ හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

– සංජය දසනායක

3,592 Viewers

2 Comments to “ආබාධිත සෙබළුන් පුනරුත්ථාපනය කරන බූස්ස කඳවුරෙන් භාගයක් අධිකරණ සංකීර්ණයකට..”

  1. Police Junta says:

    Enugh is enuf, now forcses should be think about this. Otherwise,they have same fate

    • White Shark says:

      යකෝ ඒ පාර උතුරෙන් මදිවට මුන් දකුණෙනුත් හමුදාව එලවන්න ගත්තද? උතුරේ හමුදා ඉඩම් මදිවට දකුණේ හමුදා ඉඩමුත් ගන්නවද? අපේ මිනිස්සුන්ට කරන කෙනෙහිලි වල ඉවරයක් නැහැනේ යකෝ. අත තියෙන්නෙම එක්කෝ බුද්ධි අංශයට නැත්නම් ආබාධිත සෙබළුන්ට. හමුදාව ඉන්න ඉඩම් විතරයිද පේන්නේ? හෙණ ගහනව ඉන්න එවුන්ටයි හිටපු එවුන්ටයි ඔක්කොටම. මෙතැන ඉන්නේ හොඳටම ආබාධිත රණවිරුවෝ. සමහරුන්ගේ හදවත විතරයි ගැහෙන්නේ. සමහරුන්ගේ අත් දෙකයි කකුල් දෙකයි දෙකම නැහැ. මේ ආබාධිත සෙබළුන්ට සැනසිල්ලේ ඉන්න දීපියව් කාලකන්නි පාදඩ ආණ්ඩුව.

      අත තියන්න එපා මේ කඳවුරට. කෙළෙහිගුණ දන්න සිංහලයෙනි, බූස්ස කඳවුර බේරා ගන්න පාරට බහිමු. රට ජාතිය වෙනුවෙන් අත් පා ඇස් පූජා කල ආබාධිත රණවිරුවන්ට සැනසිල්ලේ ඉන්න දීපියව් කියල ආණ්ඩුවට කෑගහලා කියන්න පාරට බහිමු.

      මහා සංඝරත්නය ආණ්ඩුවට විරෝධය පල කල යුතුයි. හරිනම් ගිහියන්ට ඉස්සෙල්ලයි කතා කරන්න ඕනේ.

      Enough is Enough!
      C’mon, Sinhalese, let’s show brotherhood, solidarity and affection to our beloved Army!
      Let’s get to the streets for them!
      Let’s show this bloody government our Army is not alone. We are always there for them. Not behind them, but in front of them!
      Let’s protect our Disabled Soldiers!
      Let’s get together and make a voice to protect their right to live in peace!
      Let’s remind this bloody government that it is our duty to pay respect to the supreme sacrifices these Disabled Soldiers made!
      Let’s make a united, powerful voice to save our Army from continuous witch-hunt.
      Let’s make the strongest voice to save Boossa Army Camp!

Main News