ආර්ථිකය බරපතල පසුබෑමක මෙහෙම ගියොත් රට කපෝතියි.. ආර්ථික විශේසඥයෝ පෙන්වා දෙති…

May 4, 2018 at 12:00 pm | lanka C news
ආර්ථිකය බරපතල පසුබෑමක මෙහෙම ගියොත්  රට කපෝතියි.. ආර්ථික  විශේසඥයෝ පෙන්වා දෙති…

2014 වන විට ආර්ථික සංවර්ධනය මනින දර්ශක සැම එකකින්ම පාහේ ආසියාවේ ඉදිරියෙන්ම සිටි රටවල් කිහිපයෙන් එකක් වූ ලංකාව වත්මන් රජයේ වසර 3 ක පාලන කාලය තුල විශාල ආර්ථික පසුබැස්මකට ලක්ව සිටින බව අද රමාඩා හෝටලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි

2017 මහබැංකු වාර්ථාවේ අඩංගු කර්නු පිලිබඳව විග්‍රහයක් කල හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ සුරැකුම්පත් හා විනිමය කොමිසම් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්ෙන්ය.

පසුගිය රජයේ අවසාන වසර 3 ක කාලය තුල 7% කට ආසන්න වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධන වේගය 2015 දී 5% දක්වාත්, 2016 දී 4.5% දක්වාත් 2017 දී 3.1 දක්වාත් පහත වැටී තිබෙන අතර මේ වසර 3 තුල උද්ධමනය දෙගුණවී, රුපියල 17% කින් අවප්‍රමාණය වී, රටේ ණය බර 40% කින් ඉහල ගොස් ඇති බව ඔවුන් පෙන්වා දුන්හ.

ජනතාවගෙන් අය කරණ බදු අසීමිත ලෙස වැඩි කර තිබුනත් අධ්‍යාපනයට වැය කරණ මුදල දල ජාතික නිශ්පාදනයෙන් 6% ටත් , සෞඛ්‍යට වැය කරන මුදල 3% ටත් වැඩිකරණවායයි කී බොරොන්දු ඉටුකර නැති බවත් 2017 දී අධ්‍යාපනයට වැයකොට ඇත්තේ 2014 මෙන්ම දල ජාතික නිශ්පාදනයෙන් 1.9% ක් බවත් , සෞඛ්‍යයට වැයකොට ඇත්තේ 2014 මෙන්ම දල ජාතික නිශ්පාදනයෙන්1.5% ක් බවත් පෙන්වා දුන් ඔවුහු රජය වසර 5 ක් තුල අලුතින් රැකියා දස ලක්ෂයක් බිහි කරන්නට පොරොන්දු වුවත් ඇත්තෙන්ම සිදු වී ඇත්තේ 2014දී ලක්ෂ 84 ක් වූ රටේ රැකියා ප්‍රමාණය 2017 වන විට ලක්ෂ 82 ට අඩු වීම බවත් ඔවුන් පැවසූහ.

2017 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1740 ක විදේශ ආයෝජන රටට ලැබුන බවට රජය පුරසාරම් දෙඩුවද ඉන් වත්මන් රජය කාලයේ සිදුවූ ආයෝජන වලින් ලද මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 17 ක් පමනි. අන් සියල්ල පසුගිය රජය සමයේ ආරම්බ කල ව්‍යාපෘතීන්ට අදාල ආයෝජන වන අතර අමෙරිකානු ඩොලර් මිලියන් 292 ක් හම්බන්තොට වරාය බදු දී ලබාගත් ප්‍රථම වාරිකයයි.

ජනතාව මත අධික ලෙස බදු බර පටවමින් 2017 වන විට වසරකට රුපියල් බිලියන 620 කින් බදු ආදායම වැඩිකරගෙන ඇති වත්මන් ආන්ඩුව මේ වසර 3 තුල තිබෙන සම්පත් විකුණනවා මිස රටට එක් කල සම්පතක් ඇත්දැයි ඔවුහු ප්‍රශ්ණ කලා. එක පත්තකින් ජනතාව මත රුපියල් බිලියන 620 කින් පමන අලුතින් බදු පනවන අතර දේශපාලනඥයින් විශාල ප්‍රමාණයක් නඩත්තු කිරීම, ඔවුන්ට විවිධ දීමනා පහසුකම් දීම ඇතුලු පුනරාවර්ථන වියදම් රුපියල් බිලියන605 කින් වැඩිකර ගන ඇති නිසා වැඩි කල බදු වලින් ප්‍රාග්ධන වියදම් කල නොහැකි වී තිබෙනවා.

සමස්ථයක් ලෙස ගත් කල පසුගිය රජයේ වසර 9 ක පාලන කාලයේ රටේ ණය බර වැඩිවූ ප්‍රමානය වන රුපියල් බිලියන 5200 න් 58% ක් වන රුපියල් බිලියන 3000 කින් වත්මන් රජයේ වසර 3 ක පාලන කාලය තුල රජ්‍ය ණය බර වැඩි වී ඇත.

2014ට සාපෙක්ෂව මේ වන විට 19% කින් රුපියල බාල්දු වීම නිසා පමනක් රටේ ණය බර රුපියල් බිලියන 697 කින් වැඩි වී ඇත.පසුගිය රජය සමයේ කල විශාලතම ව්‍යාපෘතීන් වන හම්බන්තොට වරාය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, කොළබ මාතර අධිවේගී මාර්ගය, මත්තල ගුවන් තොටුපොල හා නොරිච්චෝලේ තාප බලාගාරය යන සියල්ලම සඳහා ගිය මුලු වියදම රුපියල් බිලියන 460 ක් පමනි.

– චාමින්ද කරුණාරත්න

13,141 Viewers

6 Comments to “ආර්ථිකය බරපතල පසුබෑමක මෙහෙම ගියොත් රට කපෝතියි.. ආර්ථික විශේසඥයෝ පෙන්වා දෙති…”

  1. Samuvel says:

    මේ මහත්වරු දැන ගන්න ඕන ලෝකයේ හොදම විද්‍යාත්මක ඇමති මන්ඩලේ පත්කරල දැන් තවම දින 4යි. ඉන්නකෝ ටිකක් වැඩ දාල වැඩ පෙන්නල වැඩ කරනකම්. ආර්ටිකේ අරිනවා සරුන්ගලේ වගේ උඩ.

  2. Pina says:

    අපි ගිය අවුරුදු තුනේ නැති වෙච්චා පොලිත් එක්ක හොයනවා. ඔක්කොමලගේ සාකු පුරවනවා. මුහුදු යන්නෙ නැතිව මාලු අල්ලනවා.

  3. kith says:

    The govt. must have spent large amount of money to do scientific experiments on wood work to make a scientific cabinet.

  4. Saradiel says:

    සිරිසේන සහා රනිල් රට විනාසයට පත් කලා ලක්ෂ 62 කට දැන් වෙනස සැපද?

  5. හිරු සඳු තරු says:

    කවුරු මොනවා කිව්වත් මුන් දෙන්න නම් නියම මීටර් දෙකක්.. තරහට සහ ඊරිසියාවට බනින උන් කම්බා ගොන්නු. තව එක්කෙනෙක් ඉන්නවා රට ගොඩ දාන්න දන්න… පී බී … මුන් තුන්දෙනාට බැන බැන හිටපු උන් ඩොලර් එක 160 කරා කියහන්කෝ..

  6. Amw says:

    Mey inna doubala MahathHoru

Main News