ආවා කල්ලියට එරෙහිව යාපනයේ පොලිස් නිලධාරීන් වීදි බසී…

August 12, 2018 at 12:40 pm | lanka C news
ආවා කල්ලියට එරෙහිව යාපනයේ පොලිස් නිලධාරීන් වීදි බසී…

යාපනය දිස්ත්‍රීක්කයේ හිස ඔසවා ඇති ආවා ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පොලීසියට මහජන සහය අතිශයින්ම අවශ්‍ය වී ඇති බැවින් ආවා ක්‍රියාකාරකම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් යාපනයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් 11 වනදා සිට ආරම්භ කොට ඇත.

මේ අනුව යාපනය දිස්ත්‍රීක් නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රණාන්දු මහතාගේ අධීක්ෂණයෙන් යාපනයේ ප්‍රධාන මන්සන්ධි වෙතට පොලිස් නිලධාරීන් කණ්ඩායම් වශයෙන් ගොස් ආවා ක්‍රියාකාරකම් මැඩලන ආකාරය සහා එම ක්‍රියාකාරකම් පිළිබඳව පොලීසියට තොරතුරු ලබා දෙන අයුරු පිළිබඳව ජනතාව දැනුවත් කොට අත්පත්‍රිකාද බෙදා දීම සිදු විය.

පසුගියදා උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා මාධ්‍යට පවසා තිබුනේ ආවා ක්‍රියාකාරකම් සිදුකරන කල්ලි හා ආරක්ෂක අංශ අතර සම්බන්ධකම් සිදු වනවායැයි යාපනයේ ජනතාව සිතන බැවින් යාපනයේ ජනතාව අදාල කල්ලි සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබා දීමට බියක් දක්වන බවටයි.

අදාල ප්‍රකාශයන් හේතුවෙන්ම යාපනයේ ජනතාවගේ බය පලමුව තුරන් කිරීමේ අරමුණැතිව යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් මහජනතාව දැනුවත් කිරීමේ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතිනුයේ සිවිල් පරිපාලනය සහපත්ව පවත්වා ගැනීම උදෙසා මෙන්ම ආවා කල්ලි මැඩලීම වෙනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,796 Viewers

One Comment to “ආවා කල්ලියට එරෙහිව යාපනයේ පොලිස් නිලධාරීන් වීදි බසී…”

  1. LION says:

    ආවා කල්ලියේ අවසානය TNA තහනම් කිරීමයි

Main News