ආවා කල්ලිවලට බියේ යාපනයේ ග්‍රාමසේවක වරු වැඩ වරති….

August 2, 2018 at 6:27 am | lanka C news
ආවා කල්ලිවලට බියේ යාපනයේ ග්‍රාමසේවක වරු වැඩ වරති….

ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් යාපනය කෝපායි බලප්‍රදේශයේ සියලුම ග්‍රාමසේවක වරුන් ක්ෂේස්ත්‍ර රාජකාරි කටයුතු වලින් ඉවත්ව (01) උදෑසන සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු වල නිරතව සිටිති.

පසුගිය 29 වනදා යාපනයේ නිවාස 4කට පහරදීමක් සිදු වූ අතර එම පහරදීම සිදු වූ නිවාසවලින් එක් නිවසක ග්‍රාමසේවක කාර්යාලයක්ද පවත්වාගෙන ගොස් තිබූ අතර අදාල පහරදීමේදී ග්‍රාමසේවක කාර්යාලයේ බඩු බාහිරාදිය සියල්ලක්ම විනාශ කොට තිබුණි.

අදාල ප්‍රහාරයට විරෝධය පෑමක් වශයෙන් හා ආවා ක්‍රියාකාරකම් මැඩලීමට පොලීසිය ඉක්මන් පියවර ගත යුතු බව පවසමින්ද 01 උදෑසන සිට කෝපායි බල ප්‍රදේශයේ ක්ෂේස්ත්‍ර රාජකාරි කටයුතු සිදුකරන සියලුම ග්‍රාමසේවක නිලධාරීවරුන් නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රාජකාරි කටයුතු සිදු කරනු ලැබීය.

මේ අනුව ග්‍රාමසේවක නිලධාරීන් ගම්මාන වෙතට අද දිනයේදී නොපැමිණීම හේතුවෙන් ගම්වාසීන් රැසකට දුෂ්කරතා සඳහා මුහුණ පෑමට සිදුවූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,151 Viewers

3 Comments to “ආවා කල්ලිවලට බියේ යාපනයේ ග්‍රාමසේවක වරු වැඩ වරති….”

  1. Nilu says:

    That means they have already captured kopai. Government does not have control over that area.

  2. පොලිසිය මොනවා කරන්ටද. කියපල්ලකෝ හිටන්ටයි හුටන්ටයි

  3. Yasa says:

    බයවෙන්න එපා UNP ඇමතිලාට අනුව ඔය කල්ලියේ ඉන්නේ පොඩි ළමයි නිකන් තරුණකමට චන්ඩි වගේ රඟපානවා ගහගන්නවා විතරයි ෆිල්ම් බලලා .කවදාවත් කාගේවත් ඇඟේ පොදක් හොලවලා නෑ කාවවත් මරලා නෑ .නිකන් මේ දකුණේ මාද්‍ය පුංචි කෙස් ගහ මෝල් ගහක් කරලා .
    ඒ මදිවට මේ ග්‍රාම සේවකලත් මට පෙන්නේ රාජපක්ෂලා එක්ක කුමන්ත්‍රණය කරලා ආණ්ඩුවට අපහාස කරන්න .

Main News