ආවා-රොක් කල්ලි අතර ගැටුමක්.. දෙදෙනෙකු රෝහලේ.. තිදෙනෙකු අත්අඩංගුවට..

June 11, 2018 at 8:02 am | lanka C news
ආවා-රොක් කල්ලි අතර ගැටුමක්.. දෙදෙනෙකු රෝහලේ.. තිදෙනෙකු අත්අඩංගුවට..

යාපනය කොකුවිල් බටහිර ප්‍රදේශයේදී යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් විසින් තරුණයින් දෙදෙනෙකුට පහරදීමෙන් එම තරුණයින් තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර පහරදීමට පැමිණි පිරිසෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය කියා සිටියේය.

කොකුවිල් බටහිර අරුගල්මඩම් ප්‍රදේශයේදී මෙම පහරදීම සිදු කොට ඇති අතර යතුරුපැදි දෙකකින් පැමිණි පස් දෙනෙකුගෙන් යුත් කණාඩායමක් විසින් මාර්ගයේ ගමන්කරමින් සිටි තවත් තරුණයින් දෙදෙනෙකුට පහරදී ඇත.

පහරදීම සිදු කරන අවස්ථාවේදී යාපනය පොලිස් නිලධාරීන් පිරිසක් විදි මුරසංචාරයක නිරතව සිට ඇති අතර එම නිලධාරීන් විසින් පැමිණි යතුරු පැදියක් සහ එහි සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

පහරකෑමෙන් තුවාල ලබා රෝහල්ගත කොට ඇත්තේ කොකුවිල් අරුගල්මඩම් ප්‍රදේශයේ පදිංචි බාලසිංහම් පහීධරන් හා රාසයියා ධනුජන් වන අතර ඔවුන් යාපනය රෝහලේ 24 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිති.

අදාල පහරදී ගැනීමට සම්බන්ධ වූ පිරිස් යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලියේ සහ ධනුරොක් කල්ලිවල සාමාජිකයින් බවට සැකකරන අතරම පසුගිය දිනවලදී මෙම කල්ලි දෙක අතර අවස්ථා කිහිපයකදී ගැටුම් ඇති වූ බවටද වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරන යාපනය පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,285 Viewers

2 Comments to “ආවා-රොක් කල්ලි අතර ගැටුමක්.. දෙදෙනෙකු රෝහලේ.. තිදෙනෙකු අත්අඩංගුවට..”

  1. ගමයා says:

    වැඩ බැරි ආණ්ඩුවට තියෙන්නේ දැන් ඉතුරුවෙලා තියෙන්නේ දැන් යාපනයේ යතුරු පැදි තහනම් කරීම තමයි.

  2. David Milli-banda says:

    Palisan deem wenawane… Deiyo kopa wunama………..

Leave a Comment

Main News