ආවා සහ රොක් කල්ලි ගැටේ.. ප‍්‍රබල සාමාජිකයන් 05ක් අත්අඩංගුවේ..

May 8, 2018 at 8:02 am | lanka C news
ආවා සහ රොක් කල්ලි ගැටේ.. ප‍්‍රබල සාමාජිකයන් 05ක් අත්අඩංගුවේ..

යාපනය චුන්නාගම් ප්‍රදේශයේදී රොක් කල්ලියේ නායකයාට පහරදීමට සූධානම්ව සිටි ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට චුන්නාගම් පොලීසිය කියා සිටියේය.

ආවා කල්ලියෙන් කැඩී සාදා ගන්නා ලද රොක් ටීම් කල්ලියේ නායකයා වූ ධනු රොක් නැමත්තාට යාපනය මල්ලාකම් අධිකරණයේදී පැවති නඩුවකට පෙනී සිටීමට පැමිණෙන අතරතුර ධනු රොක්ට පහරදීමට යතුරුපැදි තුනකින් ආවා කල්ලි සාමාජිකයින් 9 දෙනෙකු පැමිණ ඇති අතර එහිදී පොලීසියට ලද තොරතුරකට අනුව කරන ලද වැටලීමකදී ආවා කල්ලි සාමාජිකයින් 6 දෙනෙකු පලා ගොස් ඇති අතර ඉතිරි තිදෙනා පළමුව අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් පසුව තවත් ආවා කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සාමාජිකයින්ද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට චුන්නාගම් පොලීසිය කියා සිටියේය.

අත්අඩංගුවට ගත් අවා කල්ලි සාමාජිකයින් වූවේ යාපනය චාවකච්ඡේරි ප්‍රදේශයේ පදිංචි භාෂ්කරන් ඉන්දරාජ් ,රජී කුමාර් දිනූෂණ් , දේවදාස් ජැක්සන් සභාරත්නම් පහිදරාසා සහ තවරාසා ප්‍රභාත් යන අයයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,579 Viewers
Main News