ආසියානු දැල්පන්දු ශූරියෝ පාර්ලිමේන්තුවට කැදවා ගෞරව පුදති..

October 5, 2018 at 5:30 pm | lanka C news
ආසියානු දැල්පන්දු ශූරියෝ පාර්ලිමේන්තුවට කැදවා ගෞරව පුදති..

කථානායක කරු ජයසුරිය මහතාගේ ඇරයුමින් අද ‍(05) දින පෙරවරුවේ පාර්ලිමේන්තුව වෙත පැමිණි ආසියානු ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම සමඟ කථානායවරයා සුහඳ සාකච්ඡාවකට එක් වෙමින් ඔවුන්ගේ ඉදිරි අවශ්‍යතා පිලිබඳව විමසිලිමත් විය.

මෙහිදී, රට වෙනුවෙන් විවිධ දුෂ්කරතාමධ්‍යයේ හිමිකරගත් විශීෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව සුභාශිංසනය පලකල කථානායකවරයා කණ්ඩායම වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීමට කටයුතු කලේය.

මේ අවස්ථාවට ක්‍රීඩිකාවන්ට අමතරව ,

ජාතික පුහුණුකාරිනී තිලකා ජිනදාස, කණ්ඩායම් කළමණාකාරිනී තනුජා දිසානායක, කණ්ඩායම් භාර නිළධාරිනී ට්‍රික්සි නානායක්කාර, ලංකා දැල් පන්දු සංගමයේ ලේකම් ජයන්ති සෝමසේකර, කණ්ඩායමේ වෛද්‍ය ලාල් සේනානායක යන අයද එක් වූහ.

– චමින්ද ගමගේ

2,858 Viewers

One Comment to “ආසියානු දැල්පන්දු ශූරියෝ පාර්ලිමේන්තුවට කැදවා ගෞරව පුදති..”

  1. Gamaini says:

    පාර්ලිමේන්තුවේ හොර ගුහාවට යාමෙන් කිලිටි වන්නේ මේ ක්‍රීඩකයන්ය.

Main News